The title of the page
The Haunted Palace (2025) E02 Sinhala Subtitles
The Haunted Palace (2025) E02 Sinhala Subtitles
8.7
75

The Haunted Palace (2025) E02 Sinhala Subtitles | “මාළිගාවේ අභිරහස” | සිංහල උපසිරැසි සමඟ

Native Title: 귀궁
Also Known As: Haunted Palace , Devil Palace , Return to the Palace , Gwigung
Director: Yoon Sung Shik
Screenwriter: Yoon Soo Jung
Genres: Historical, Comedy, Romance, Fantasy
Drama: The Haunted Palace
Country: South Korea
Episodes: 16
Aired: Apr 18, 2025 – Jun 7, 2025
Aired On: Friday, Saturday
Original Network: SBS
Duration: 1 hr. 10 min.

The Haunted Palace යන දකුණු කොරියානු ටෙලි කතා මාලාව 2025 අප්‍රේල් මස 18 වෙනිදා සිට ජූනි මස 07 වෙනිදා දක්වා සෑම සිකුරාදවකම සහ සෙනසුරාදාවකම SBS නාලිකාව හරහා විකාශනය වෙයි. මෙය Historical, Comedy, Romance සහ Fantasy යන ශානරයන්ට අයත් වේ. මෙය  අධ්‍යක්ෂක Yoon Sung Shik  විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර ලේඛක Yoon Soo Jung විසින් මෙම කතා මාලාව රචනා කර ඇත.

Yool Sung Jae

(Yun Gap ලෙසින්)
Goblin, Who Are You: School 2015, Mystic Pop-Up Bar සහ The Golden Speoon වැනි ජනප්‍රිය දකුණු කොරියානු කතාමාලාවල මොහු රංගනයෙන් දායක වී තිබෙනවා සේම මොහු දකුණු කොරියාවේ ප්‍රසිද්ධ K – Pop ගායිකයෙක් මෙන්ම නර්තන ශිල්පියෙක්ද වෙනවා.

 

 

 

Bona
(Yeo Ri ලෙසින්)

Pyramid Game, Jeoson Attorner: A Morality, Twenty-Five Twenty-One සහ Your House Helper යන දකුණු කොරියානු ටෙලි කතාමාලාවන්ට මැය ප්‍රධාන චරිතයෙන් රංගනයෙන් දායක වී තිබෙනවා සේම මැය දකුණු කොරියාවේ ප්‍රසිද්ධ K – Pop ගායිකයෙක් මෙන්ම නර්තන ශිල්පියෙක්ද වෙනවා. 

 

 

 

 

මේ ප්‍රබන්ධ කතාව ගෙතෙන්නේ ගැඹුරු පොකුණක වසර දහස් ගණනක තපසක් සම්පූර්ණ කරලා ස්වර්ගයට යන්න ආසන්නව සිටි මකරෙක් වටායි. ඒ මකරා තපස සම්පූර්ණ කරලා ස්වර්ගයට යනකොට ඒ ගමන පොළොවෙ ඉන්න මිනිස් දුවක් දකිනවා. මේ හේතුව නිසා ඒ මකරට ස්වර්ගයට යන්න බැරිව ඉමෝගි කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ ඉමෝගියට ඒ මිනිස්සු “ගංචෝරි” කියලා තමයි හැඳුන්වුවේ.

යෝ-රි, එහෙමත් නැත්තම් ඒ කතාවේ ප්‍රධාන කාන්තා චරිතය, ගමේ ඉන්න යකැදුරුවරියකගේ මිණිබිරියක්. එයාට යකැදුරුවරියක්ට ලැබෙන දිව්‍යමය තෑග්ගක් ලැබිලා තිබ්බත් එයා ඒ ඉරණම පිළිගන්නෙ නැතුව කණ්ණාඩි ශිල්පිනියක් විදිහට ජීවිතේ ගෙවන්න තීරණය කරනවා. ඉතින් මේ ඉමෝගියට ආයෙත් ස්වර්ගයට යන්න යෝ-රීගේ ශරීරය ඕන වුණත් යෝ-රි ඒකට ඉඩ දෙන්නෙ නැහැ.

යුන්-ගප් එහෙමත් නැත්තම් මේ කතාවේ ප්‍රධාන පිරිමි චරිතය, මාලිගාවේ සේවය කරන කඩවසම් හොඳ නමක් තියෙන තරුණයෙක්. යුන්-ගප් වගේම යෝ-රි පොඩි කාලේ එකම ගමේ ජීවත් වුණත් යුන්-ගප් පොඩි කාලෙම අගනුවරට ගියපු නිසා මේ දෙන්නා පොඩි කාලෙම වෙන් වෙනවා. දවසක් මේ දෙන්නා මෙයාලගේ ගමේදි ආපහු හම්බෙලා යුන්-ගප් යටි අරමුණකින් යෝ-රිව රජතුමාට කණ්ණාඩි යුගලක් හදලා දෙන්න කියලා මාලිගාවට එක්කගෙන යනවා. ඉතින් මෙයාලා මාලිගාවට යන අතරතුරදි යුන්-ගප්ට අනතුරක් වෙලා එයා මැරෙනවා. ඉතින් එයාගේ ශරීරයට මේ ඉමෝගි එහෙමත් නැත්තම් ගංචෝරි ඇතුලු වෙනවා.

මේ ගංචෝරි යුන්-ගප්ගේ ශරීරයට ඇතුළු වෙලා මොනවා කරයිද?

මාලිගාවේ මොන වගේ අත්භූත සිදුවීමක් සිද්ධ වෙන නිසාද යුන්-ගප්, යෝ-රීව මාලිගාවට එක්කගෙන යන්න හදන්නේ?

යෝ-රිව මාලිගාවට එක්කගෙන ගියේ මොකටද කියලා යෝ-රි දැනගනීද?

යෝ-රි එයාගේ යකැදුරු ඉරණම පිළිගනීද?

ඉතින් මේ ටික දැනගන්න නම් ඔයාලට මේ කතාව බලන්නම වෙනවා. මොකද මේක හරිම ලස්සන කුතුහලයක් තියෙන ටිකක් විතර අත්භූත කතාවක්. හොල්මන් චරිතත් ටිකක් තියෙන නිසා පොඩි දේටත් බය වෙන අය රෑට නොබලා ඉන්නවා නම් හොඳයි කියලා මට හිතෙන්නේ. ඉතින් මේ කතාව සිංහල උපසිරැසි එක්ක බලලා මේ කතාව රසවිඳින්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.

මේ කොරියානු කතාමාලාවට සිංහල උපසිරැසි අරගෙන එන මම,

~ හංසන හෙට්ටිආරච්චි ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හංසන හෙට්ටිආරච්චි සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හංසන හෙට්ටිආරච්චි

January 6, 2021


200
Total Subtitles

3 comments

  1. Buddhika laKMal
    Cineru_users

    තෑන්ක්ස් මචං සබ්එකට

  2. Amila
    Cineru_users

    admin aiye me sub km player eke wada na fonts awul ekat awula subtitle edit eke meka encoding wela tiyenne UTF-8 without BOM kiyana widihata eka hari gassuwanam harii,,, sub ekata thanks….

  3. When Life Gives You Tangerines kdrma ekt sub dennko

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login