The title of the page
The Guest (2018) E01 Sinhala Subtitles
The Guest (2018) E01 Sinhala Subtitles
8.1
81

The Guest (2018) E01 Sinhala Subtitles | සෝන් එනවා | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක්…

හොල්මන්, අවතාර වගේ අද්භූත වගේ කතා වලට අසා කරන අය වෙනුවෙන් කොරියානු කතාමාලාවක් අරගෙන ආවා. The Guest ගැන ටිකක් හදුන්වන්නම්,

Korean language (Son)
Genre – Supernatural / Horror / Thriller / Mystery
IMDb – 8.1/10
Original Network – OCN
Release date – September 12 – November 1, 2018
No. of Episodes – 16

 

මේ Drama එක,

  • Witten by – Kwon So-ra, Seo Jea-won
  • Directed by – Kim Hong-seon 

 

මෙහි නළු නිළියන් ලෙස,

  • Kim Dong Wook – යුන් හ්වා පියුං ලෙසත්,
  • Kim Jea-wook – ෆාදර් චෝයි යූන් ලෙසත්,
  • Jung Eun-chae  – පරීක්ෂක කං ගිල් යොන්
  • Park Ho-san – පරීක්ෂක කො බොන් සන්ග් ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කියන්නම්…

යුන් හ්වා පියුං කියන්නේ පැරණි ෂාමන් පරම්පාවකින් පැවතෙන පවුලක ඉපදුන කෙනෙක්. ඔහුගේ ගම වන්නේ ගියොන්ජින්ය. ඉතින් මේ ගමේ අවුරුද්දකට වතාවක් ලොකු පූජාවක් පවත්වනවා ඒ ගම් වැසියන්ගේ යහපත උදෙසාය. නමුත් මේ පූජාව පවත්වන්න තවත් හේතු වුන කරුණක් තියෙනවා. එනම් දවසක් ගියොන්ජින් නම් ගමට “පාක් ඉල් දෝ” නමින් අමුතු මිනිහෙක් එනවා. මේ මිනිහා ගමට ආවට පස්සේ ගම්වැසියන් ටික දෙනෙක් අතුරුදහන් වෙනවා. ඉතින් මේ නිසා අනිත් අය ගමට ආව මිනිහව සැක කරනවා. ඔවුන් ඒ මිනිහට අවතාරයක් ආවේශ වී ඇති බව තමයි මතය වෙන්නේ. ඉතින් ගම් වැසියන් භූත ආත්ම පලවාහරින පූජා පැවැත්වුත් ඒවගේ ඵලයක් නැති නිසා ඔවුන් පාක් ඉල් දෝ නම් පුද්ගලයාව ගමෙන් එළවනවා. නමුත් ඔහු පිස්සුවෙන් වගේ කැලයට ගොස් තමන්ගෙම ඇහැට පිහියකින් ඇනගෙන නැගෙනගිර මුහුද පැත්තට දුවනවා. ඒත් ඔහු ටික දවසක් යනකල් මැරෙන්නේ නැතුව ගම් වැසියන් දිහා වතුරේ පා වෙවී බලන් ඉන්නවා. 

ඉතින් මේ පාක් ඉල් දෝගේ අවතාරය එනවා කියන එකට තමයි ඒ ගම්වැසියන් “සෝන් එනවා” නැත්නම් ආගන්තුකයා එනවා කියන්නේ.

 යුන් හ්වා පියුං කියන්නේ ෂාමන් පවුලක් කෙනෙක් කිව්වනේ. මේ නිසා හ්වා පියුන්ට මැරුණ අයව පෙනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔහු ගමේ අවුරුද්දකට වතාවත් පවත්වන පූජාවට සභාගී වෙන අතරවාරයේ ගමේ ඉන්න වූං ජින් නම් පුද්ගලයෙකුට එක අවතාරයක් වැහෙනවා. 

ඉතින් ඔහුට ඒ වැහෙන්නේ සෝන් නැත්නම් පාක් ඉල් දෝගේ අවතාරයද?

එහෙනම් අපි දෙවනි කොටසින් හමුවෙමු…!!!      

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


105
Total Subtitles

5 comments

  1. අක්කේ මං ඔබට ස්තුතිවන්ත වෙනවා. මේ drama එකේ සිංහල සබ් එනකන් වසර තුනක් බලන් හිටියා සිනෙරූ වෙබ්සයිට් එක දිහා. මගේ කොරියන් ඩ්‍රාම වල ලැයිස්තුවේ හත් වන කැමතිම කොරියන් ඩ්‍රාම එක මේකයි. නැවතත් මම ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අවසාන වශයෙන් මම ඔබගෙන් ඉල්ලීමක් කරන්න තියෙනවා. ඒ තමයි මේ drama eke වීඩියෝ copies HDTV වලින් දෙන්න කියලා.

  2. Sung Jin-Woo
    Cineru_users

    අම්මෝ නියමයි. මේක එනකම්මයි හිටියේ. ගොඩාක් ස්තූතියි. 💖💖💖

  3. අනේ අනිත් episode ටිකටත් ඉක්මනින් සබ් දෙන්නකෝ, thank you so much අක්ක ,ඔයා නිසා ගොඩක් කොරියන් ඩ්‍රාමා බලන්න පුලුවන් වුනා සබ් තිබ්බ නිසා

  4. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login