කොහොමද ඔන්න එහෙනම් මම The Family Man දෙවනි කතාංගය තමා ගෙනාවෙ..මුලින් ම සමාවෙන්න ඕනෙ මේ එපිසෝඩ් එක දෙන්න පරක්කු වුනාට..හේතුව සබ් එක කරන වෙලාවටම අකුණු ගගහා වහින නිසා දවස් 2 ක් විතර කරගන්න බැරුව හිටියේ..කොහොමහරි මේ කොටසත් ඔන්න මම ඔයාලට ගෙනාවා..
” මේ කතාමාලාවෙ පළවෙනි එපිසෝඩ් බලපු කෙනෙක් ඉතින් මේ වගේ කතාමාලාවක් මිස් කරගන්නෙ නෑ..ඒම මිස් කරගන්නවා කියන්නෙ ඉතින් කියලා වැඩක් නෑ.. Action / Comedy / Spy / Thriller ඔක්කොම තියන කුතුහලය උපරිම Web series එකක් තමා Family Man කියන්නෙ..”
ඉතින් අනිවාර්යයෙන් ඔයාලා දෙවනි එපිසෝඩ් එක දෙනකන් බලාගෙන ඉන්න ඇති..අපි මුලින් ම බලලා ඉමු කලින් එපිසෝඩ් එකේ මොනාද වුනේ කියලා..
පළමු කතාංගයෙන් ,
දකින්න ඇති ශ්රීකාන්ත් තිවාරි කියන්නෙ පවුලත් රස්සාවත් සමබරව ගෙනියන්න උත්සහ කරන කෙනෙක් කියලා.. ඒත් එයාට පවුලට වැඩිය කාලය වැයකරන්න වෙලා තියෙන්නෙ එයාගෙ රාජකාරියට.. කොහොමහරි ගෙදර අය හිතාගෙන ඉන්නෙ ශ්රී කරන්නෙ ලිපිගොනු ගැන වැඩක් කියලා.. ඒත් ශ්රීකාන්ත් කරන්නෙ ඊට හාත්පසින් ම වෙනස් අවධානම් වැඩ.. ඉතින් අර කෝචි වල අහුවුන ත්රස්තවාදීන් 3 දෙනාගෙන් එක්කෙනෙක් ව පණපිටින් බේරගන්නවා.. ඒ ශ්රී නිසා.. ඒ අතරතුරේ සුල්ෆිකාර් මෙහෙයුම පටන් ගන්න සූදානම් වෙනවා පාකිස්තානයෙන්.. මේ අතරතුරේ දි තමයි අර ස්කූටර් එකකට බෝම්බයක් තියලා නගරෙන් තියලා යන්නෙ කවුද.. ඔතනින් තමා පලවෙනි කතාංගය අවසන් වෙන්නෙ..
අද කතාංගයෙන් ,
අර ස්කූටර් බෝම්බෙ දැන් පිපිරෙන්න ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නෙ.. කොහොමහරි එතනින් යන පාසල් ළමයෙක් මේක ගැන දැනගන්නවා.. ඊටපස්සෙ මේක නිශ්ක්රීය කරන්න සූදානම් වෙනවා.. මේක නිශ්ක්රීය කරයිද ? කවුද මේ බෝම්බෙ තිබ්බෙ ? මොකක්ද එයාට සුල්ෆිකාර් මෙහෙයුමත් එක්ක තියන සම්බන්ධය ? මොකක්හරි ලොකු දෙයක් වෙන්න තියනවා කියලා ශ්රී ට දැනගන්න ලැබෙනවා..ඒ මොකක්ද ?
එහෙනම් ඊළග කතාංගයත් මම මීට වඩා ඉක්මනට ගේන්න බලාපොරොත්තු වෙනවා.. සබ් එකට ඩවුන්ලෝඩ් කරලා සහයෝගය දක්වන ඔයාලටත් කමෙන්ට් එකකින් උදව් කරන හැමෝටමත් ස්තූතියි.. එහෙනම් මම ඊළග එපිසෝඩ් එකත් අරගෙන එන්නම්..ජය !…
Due to copyright issues we do not provide any torrent links
ලබා දී ඇති උපසිරැසිය WEBRip පිටපත් සඳහා ගැලපේ

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සිතුම් ඉෂාර සොයුරාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.