The Family Man (2019) S01E01 Sinhala Subtitles |සුල්ෆිකාර් මෙහෙයුම|සිංහල උපසිරැසි සමඟ|

අවවාදයයි ඇබ්බැහිවන සුළුයි

” ඔයාට හැමදාම වැදගත් වැඩ.. වැදගත් වැඩ..හැමදාම වැදගත් වැඩක් තියනවා..”

” ඒත් මතක තියාගන්න ඔයාගෙ පවුලත් ඒ වගේම වැදගත් කියලා…”

ඔන්න එහෙනම් අද මම ගේන්නෙ එසේ මෙසේ භාණ්ඩයක් නම් නෙමේ.. නමින් ම දන්නවනේ මොකක්ද කියලා.. ඉතින් මේ වෙද්දි Netflix කිව්ව ගමන් හැමෝම ඉතින් දන්නවනේ..ඉතින් මේ වෙද්දි Netflix වගේම ගොඩක් Popular වීගෙන එන ඒ විතරක් නෙමේ පට්ටම සුපිරි සීරීස් දෙන තව Streaming series එකක් තියනවා.. ඒ තමයි Amazon prime කියන්නෙ.. ඉතින් මේ Amazon prime එකෙන් නිකුත් කරන සුපිරි ගණයේ Web කතාමාලාවක් වෙන The Family Man සීරීස් එකට සබ් එක ඔයාලට ගේන්නයි මේ සූදානම..

මේක Indian Web series එකක්..දැන් ම ඔයා මේ සීරීස් එක බලන අදහස අතඇරිය නම් අඩුගානෙ මේ පෝස්ට් එක ඉවරවෙනකන් කියවන්න.. ඊටපස්සෙ තීරණය කරන්න මේක බලනවද නැද්ද කියලා.. මේක අද්‍යක්ෂනය කරන්නෙ Raj Nidimoru | Krishna DK.. කවුද කියලා බැලුවද.. මතකද Go goa gone | Stree | A Gentlemen | Happy Ending වගේ චිත්‍රපට ලියපු කෙනා.. ප්‍රධාන චරිතය නම් ඔයා චිත්‍රපට වල අනිවාර්යයෙන් දැකලා ඇති..ප්‍රසිද්ධ නළු Manoj Bajapayee | Priyamani | Neeraj Madhav | Krishore Kumar G | Pawan chopra වගේ ගොඩක් නළු නිළියන් මේකය රංගනයෙන් දායක වෙනවා..

ඉතින් මේක Action | Comedy | Drama ගණයට වැටෙන එපිසෝඩ් එකක ධාවන කාලය විනාඩි 45 කාලයකින් යුක්ත වෙන කතාමාලාවක්.. මේක නිකන් ම සීරීස් එකක් නෙමේ.. The Family Man නමේම තියනවා නේ විශේෂත්වයක්.. මේක Spy ටයිප් එකටත් ගන්න පුළුවන් සීරීස් එකක්… ස්ටෝරි එක ගැන බලලා අනිත් දේවල් බලලා ඉමු..

ශ්‍රීකාන්ත් තිවාරි කියන්නෙ දරුවන් දෙන්නත් හා බිරිදත් එක්ක සුන්දර පවුලක් ගෙනියන පුද්ගලයෙක්.. ඉතින් හැම පවුලකම තාත්තා කියන්නෙ පවුලෙ වගකීම් කරට අරගෙන පුද්ගලයෙක් නේ.. ඉතින් මේ තිවාරි කියන්නෙත් එහෙම කෙනෙක් මෙයා පවුලටත් වැඩිය තමන් ගෙ රාජකාරිය දේවකාරිය කරගත්තු කෙනෙක්.. ඉතින් මේ රාජකාරිය නිසාම තිවාරි ට තමන්ගෙ පවුලෙ දේවලුත් මගහැරෙනවා..ඉතින් මෙච්චර දේවල් වෙන්න මොකක්ද මෙයා කරන මේ රාජකාරිය.. මෙයා වැඩ කරන්නෙ තර්ජන විශ්ලේෂණ හා නිරීක්ෂණ ඒකකයේ.. ඒ කියන්නෙ ත්‍රස්තවාදී ප්‍රහාර ගැන ඒවා සිදුවෙන්න කලින් දැනගෙන ඒවා වළක්වන ආයතනයක.. මේක RAW ඔත්තු සේවයත් එක්ක සම්බන්ධ ආයතනයක්..

ඉතින් තේරෙනවනේ මොකක්ද මේ වැදගත් රාජකාරිය කියලා.. ඉතින් ම ශ්‍රීකාන්ත් තිවාරි කොහොමද තමන්ගෙ පවුලත් තමන් ගෙ රාජකාරියත් සමබරව ගෙනියන්න උත්සහ දරන්නෙ.. ඒ ඔක්කොම දේවල් මේ අලුත් ම Web series එකෙන් බලාගන්න පුළුවන්….

බොරු ආටෝප නෑ.. ඇත්තම ජීවිතේ වෙන දේවල් එහෙමම තියනවා.. වීරයා වෙඩි වරුසාවක් මැද්දට පැනලා එක වෙඩිල්ලක් වදින්නෙ නැතුව අනිත් ඔක්කොටම තියනවා වගේ ඒවා මේකෙ නෑ.. Reality ගතියෙන් යන සීරීස් එකක්.. රාජකාරියත් එක්ක පවුලෙ ජීවිතෙත් ගෙනියන්න කරට කර සටන් වදින පුද්ගලයෙක්.. රාජකාරියයි තමන්ගෙ පවුලයි කොහොම සමබර කරගෙන ගෙනියයි ද ? ආයිමත් කියන්නම්

ඔයා මේකෙ අනිවාර්යයෙන් පලවෙනි එපිසෝඩ් එක විතරක් බලන්න මම කියනවට ආපහු ඉතින් මේක බලන එක නවත්තනවා බොරු..නිකමට මම කියන්නෙ පළවෙනි එපිසෝඩ් එක විතරයි බලන්න..ඊටපස්සෙ තීරණය කරන්න ඉතුරු ටික බලනවද නැද්ද කියලා..

කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් සීරීස් එකක්.. Action වලිනුත් කිසිම අඩුවක් නෑ.. Thriller ගතියත් තියනවා.. කුතුහලයෙන් බලන්න පුළුවන්.. මේකට පාදක වෙලා තියෙන්නෙ Daily News පුවත්පතේ පුවත්

ඉතින් මම හිතනවා දැනටමත් ඔයාලා මේක බලන්න තීරණය කරලා ඇති.. කියන්න ඕනෙ Episode 10 ක් රිලීස් වෙලා තියනවා.. ඒ කියන්නෙ කම්ප්ලීට් සීරීස් එකේම එපිසෝඩ් 10 යි.. මේ කතාංග 10 ටම මම තමා උපසිරැසි ගේන්නෙ.. තනියම කරන නිසා එක එපිසෝඩ් එකක් දීලා අනිත් එක දෙන්න පොඩි පොඩි පරක්කුවීම් වෙයි.. කොහොමහරි උපරිම ඉක්මනට ඔයාලට උපසිරැසි දෙන්න බලනවා..

ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව ඉක්මනට සබ් දෙන්න බලනවා අනිවාර්යයෙන්..

එහෙනම් මේක බලලම ඉන්නකෝ.. ඊලග එපිසෝඩ් එකෙන් හම්බවෙමු..

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය WEBRip පිටපත් සඳහා ගැලපේ

The Family Man (2019) S01E01 Sinhala Subtitles

සිංහල උපසිරැසිය මෙතැනින් ලබා ගන්න

Published: October 16, 2019

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සිතුම් ඉෂාර සොයුරාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

6 comments

  1. Patt broo. Niyama tv series ekak …

  2. බොහෝම ස්තුතියි අප සැම වෙනුවෙන් ලස්සන කථා අරගෙන එනවට .

  3. බොහෝම ස්තුතියි thx

  4. downlaod karana file eka na ne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *