The Climbers Sinhala Sub
5.4
82%

The Climbers (2019) Sinhala Subtitles|එවරස්ට් තරණය|සිංහල උපසිරැසි සමග

The Climbers

ඔන්න එහෙනම් සුපිරි Chinese ෆිල්ම් එකක් තමා අරගෙන ඇවිල්ලා තියෙන්නෙ .ඉතින් ගොඩක් අය Everest සම්බන්ධ ෆිල්ම් වලට කැමති නේ .
මේකත් Everest සම්බන්ධ ෆිල්ම් එකක් තමා .චීනෙ අය මේ Everest වලට කියන්නෙ Zhumulangma කියලා .
ඉතින් ගොඩක් අය මේ Everest තරණය කරන්න යනවනේ. . ඇත්තටම කියනවා නම් මේක විනෝදෙට තරණය කරන්න ගියාට. . මාරම අවදානම් දෙයක් තමා Everest තරණය කියන්නෙ. . උඩට යන සමහර අය ආපහු එන්නෙත් නෑ. .😪  ඉතින් මේක චීනෙ සිද්ධ වුන සත්‍ය කතාවක්. . 1900 ගනන් වල උතුරු දිශාවෙන් චීනෙ මේ Everest කන්ද තරණය කරපු පළමු අවස්ථාව ගැන කියන්නෙ.(The Climbers Sinhala Sub)

මේකෙ ස්ටෝරි එක ගැන බැලුවොත්

චීන කඳු නගින ටීම් එක නැත්තන් කණ්ඩායම පළවෙනි සැරේ එවරස්ට් කන්ද තරණය කරන්න උත්සාහ කරනවා. එයාලා එවරස්ට් තරණය කරන්නෙ උතුරු ප්‍රදේශයේ ඉඳන්. මෙන්න මේ වැඩේ කරන්න ගොඩක් අය සම්බන්ධ උනත් අන්තිමට කන්ද මුදුණටම යන්නෙ මෙයාලගෙන් තුන් දෙනෙක් විතරයයි😱. අනිත් හැමෝටම මොකක්ම හරි අනතුරක් වෙනවා. නැත්තන් මැරෙනවා. අන්තිමට කොහොම හරි තුන් දෙනෙක් කන්ද මුදුනටම ගියාට ඒක ඔප්පු කරන්න මෙයාලා ළඟ සාක්ෂි නෑ 😟. එහෙම වෙන්නෙ මෙයාල යන අතරමගදි එයාලගෙ කැමරාව කෙනෙක් අතින් නැතිවෙනවා. හැබැයි ඒක උවමනාවකින් කරපු දෙයක් නෙවෙයි. අන්න ඒක හින්දම මෙයාලා කන්ද මුදුනට නැග්ගා කියන එක කවුරුත් පිළිගන්න කැමති වෙන්නෙ නෑ.

The Climbers 2019 Sinhala Sub

ඕක සිද්ධ වෙලා ටික කාලයක් ගියාට පස්සෙ ආයෙත් චීනය එවරස්ට් තරණය කරන්න ටීම් එකක් හදනවා.
මේකෙදි අර තුන්දෙනාටත් ආරාධනා කරනවා සම්බන්ධ වෙන්න කියලා.ඊට පස්සෙ ආයෙත් මෙයාලා කන්ද නගින්න උත්සාහ කරනවද? නැත්තන් ඒක අතෑරලා දානවද? 😨The Climbers Sinhala Sub ඒක ඔයාලම බලාගන්න. මොකද ස්ටෝරි එක ගැන වැඩිය කියවන්න යන්නෙ නෑ එහෙම උනොත් බලන්න දෙයක් නැතිවෙන හින්දා The Climbers Sinhala Sub

The Climbers 2019 Sinhala Sub

2019 වසරේ නිකුත් වුන Chinese චිත්‍රපට වලින් වැඩිම ආදයම් ගත්තු චිත්‍රපට 10 ඇතුළෙ තියන ෆිල්ම් එකක්.. සුපිරි නළු නිළියන් සෙට් එකක් ම මේකට රංගනයෙන් දායක වෙනවා.. ඒ වගේම Jackie Chan නුත් ඉන්නවා..🔥 ඒ වගේම Wandering earth , Wolf Warrior වගේ සුපිරි චිත්‍රපට වලින් ආපු Wu jing එහෙමත් ඉන්නවා.. ඉතින් සුපිරි Cast එකක් කරපු සුපිරි නිර්මාණයක් තමා.. Chinese ෆිල්ම් කිව්වොත් දන්නවනේ.. මේකෙ යන්නෙ 1960 ගනන් වුන සිද්ධියක්.. ඒ වගේම සංවේදී සිද්ධිත් මේකෙ තියනවා.. තවත් ආදර කතා ගොඩකුත් මේකෙ සැඟවිලා තියෙනවා. ඒ හැම ආදර කතාවක්ම ඉවර වෙන්නෙ The Climbers Sinhala Sub ගොඩක් දුක හිතෙන විදිහට.

The Climbers 2019 Sinhala Sub

එහෙනම් ඉතින් අදට නවතිනවා. තවත් උපසිරසියකින් ඉක්මනටම හමුවෙමු. The Climbers Sinhala Sub

ඉතින් එහෙනම් බලන්න.. චීනෙ උතුරු දිශාවෙන් ප්‍රථම වරට ත්‍රාසජනක Everest තරණය කරපු හැටි..👌

The Climbers Sinhala Sub

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
BRRip
පිටපත් සඳහා ගැලපේ
Download|183

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


106
Total Subtitles

4 comments

  1. තෑන්ක්ස් මචං සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

  2. අනිවා බලන්න ඕනෙ 😻
    සබ් වෙනුවෙන් ස්තූතියි සහෝ! ✊😘👍
    ජය වේවා!❤

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. Shehan randika jayathunga

    elama machoo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *