DYSP උදයභානු කියන්නේ විශ්‍රාම ගත්තු පොලිස් නිලධාරියෙක්. එයා තමන්ගේ වෘත්තීය ජීවිතයේ මුහුණ දුන්නු එක්තරා නඩුවක් තමයි “චෙප්පනම්තොට්ටා නඩුව” කියලා කියන්නේ. අපරාධ සම්බන්ධයෙන් යන වැඩසටහනකදී මේ ගැන එයා කියනවා.. ඒ සිද්ධිය වෙන්නේ මෙන්න මෙහෙමයි.
චෙප්පනම්තොට්ටා පොලිස් ස්ථානයේ වෙනස් තනතුරු දෙකක් දරන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් කාර්තික් (පොඩ්ඩා).. අනිත් කෙනා ජයශංකර් (ලොක්කා).. මේ දෙන්නගේ ඇරියස් එක කොහොමද කිව්වොත් නාහෙට නාහන දෙන්නෙක් කියලා කිව්වොත් නිවැරදියි. මේ අතර වාරයේදී ජයශංකර්ව නොහිතපු මොහොතකදී මිනිමැරුමකට අහුවෙනවා. ඒ මිනීමැරුමේ පරික්ෂණය භාර වෙන්නේ දෙවෙනියා වෙච්ච කාර්තික්ට.
මෙතනින් එහාට මොනවයින් මොනවා වෙයිද? කාර්තික් කොහොමද ඒක විසදන්නේ? බලලම දැනගන්නකෝ..
සබ ඕනේ කට්ටිය කතාව කියවලා ඩවුන්ලෝඩ් කරගන්න.. වැඩිපුර කියවන්න ඕනේ අයට පොඩි විස්තරයක් දෙන්නම් මෙන්න මේ විදිහට.
අසිෆ් අලි, බිජු මෙනන් කියන නළුවෝ දෙන්නා ගැන ඕනේ තරම් අහලා ඇති. අඩුම ගානේ අසිෆ් අලිගේ හරි බිජු මෙනන්ගේ ෆිල්ම් එකක්වත් බලන්න ඇති කියලා මං හිතනවා. මේ දෙන්නම එකපාර.. එකම මොහොතේ.. ඒ දෙන්නම එක ෆිල්ම් එකක හිටියොත් කොහොමට ඇත්ද? අන්න ඒකට හොද නිදසුනක් මේ “තලවන්” කියන්නේ.
2024 මැයි 24 වෙනිදා තිරගත කිරීම් ආරම්භ කරපු මේ ෆිල්ම් එක ධනාත්මක ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්කම කෝටි 25ක ආදායමක් ලබාගන්නටත් හැකිවුනු මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය කලේ ජිස් ජෝයි. නිෂ්පාදනය අරුන් නාරායන් හා සිජෝ සෙබෙස්තියන්ගෙන්. සංගීතය දීපක් දේව්ගෙන්.
විශේෂයෙන් මේ චිත්‍රපටය අසිෆ් අලි – ජිස් ජෝයි සුසංයෝගය හමුවන 6 වෙනි චිත්‍රපටයද වෙනවා. මීට කලින් Bicycle Thieves(2013), Sunday Holiday(2017), Vijay Superum Pournamiyum(2019), Mohan Kumar Fans (2021), Innale Vare(2022) යන චිත්‍රපටි 5 හේදී අසිෆ් අලි – ජිස් ජෝයි සුසංයෝගය හමුවෙනවා.
මට අනුව නම් අසිෆ් අලිව හමුවෙන තුන්වෙනි අවස්ථාව. මිට කලින් මං උපසිරැසි ගැන්වූ අසිෆ් අලිගේම චිත්‍රපටයක් වන Level Cross චිත්‍රපටයෙන් සහ මනොරතන්ගල් කතා මාලාවේ 5වැනි කොටස වන ‘විල්පනා‘ කොටසේ ප්‍රධාන චරිතය කරන්නේ එයා. ලගදීම එයාව ‘The Priest‘ චිත්‍රපටයේ අධ්‍යක්ෂක ජෝෆින් ට්. චාකෝ අධ්‍යක්ෂණය කරන ‘රේඛාචිත්‍රම්’ මලයාලම් චිත්‍රපටයෙන් පොලිස් චරිතයකින් හමුවෙනවා. ඒක තිරගත වෙන්නේ මේ අවුරුද්දෙම ජනවාරි 9 වෙනිදා. (ලිපිය ලියන දවසේ)
බිජු මෙනන්ව මට අනුව හමුවෙන දෙවෙනි අවස්ථාව. මිට කලින් මං උපසිරැසි ගැන්වූ මනොරතන්ගල් කතා මාලාවේ 4 වෙනි කොටස වන ‘ශිලාලික්තම්‘ කොටසේ ප්‍රධාන චරිතයෙන් දායක වෙන්නේ ඔහු. බිජු මෙනන්ව සිවකාර්තිකේයන්ගේ සහ A.R මුරුගදෝස්ගේ චිත්‍රපටයකින් (SKxARM) එයාව දකින්න පුළුවන් වේවි..
රේටින් ගැන කියන්න ගියොත්: IMDB: 7.2/10 (4K users) Rotten Tomatoes: 73% Google Users: 93%
අමතර තොරතුරු: Category: Crime / Thriller රචනය: ආනන්දන් තෙවර්ක්කට් / සරත් පෙරුම්බවූර් (Debutants in the Screenplay Writers) දෙබස්: ජිස් ජෝයි Executive Producer: ජියෝ ඒබ්‍රහම් / බිනු සෙබෙස්තියන් Cinematography: ශාරන් වේලායුධන් Costume Design: ජිශාඩ් ශම්සුදීන් Stunts: කලයි කිංග්සන් / රාජසේකර් Makeup: රෝනෙක්ස් සේවියර් Edited By: සූරජ් E. S. Production Companies: Arun Narayan Productions / London Studios Distributed By: Central Pictures / Phars Films(PHF) [Overseas] / Yash Raj Films(YRF) [UK/Europe] කාලය: මිනිත්තු 133 (පැය 2 විනාඩි 10) OTT Release Platform: SonyLIV OTT Release Date: 2024 සැප්තැම්බර් 10 Box Office: INR 25 crores
අනෙකුත් රංගන ශිල්පින්: මියා ජෝර්ජ් සුජිත් ශංකර් අනුශ්‍රී දිලීෂ් පෝතන් අන්සාල් පල්ලුරුති ජෝජි ජෝන් ශංකර් රාමක්‍රිෂ්ණන් රංජිත් කොට්ටයම් නසීර් ජෆාර් ඉඩුක්කි දිනේෂ් ප්‍රභාකර් ටෙසා ජෝශප් බිලාස් චන්ද්‍රහාසන් ලලි මරික්කාර් ආනන්ද් බාල් රංජිත් ශේකර් නෙබිෂ් බෙන්සන්
මේ චිත්‍රපටයේ සාර්ථකත්වය නිසාම ජිස් ජෝයි සහ තලවන් චිත්‍රපටි කණ්ඩායම තීරණය කරනවා “තලවන්” චිත්‍රපටයේම දෙවැන්නක් නිර්මාණය කරන්න. ඒ තලවන් 2 යනුවෙන්. ඒක නුදුරු අනාගතයේ දකින්න ලැබේවි.
එක්සෑම් භිශනේ අස්සෙන් හෙමිහිට ගහගෙන ආපු තව එක ෆිල්ම් එකක් තමයි මේ. මොකද පාඩම් කරද්දී වුනත් වෙලාවක් තිබ්බොත් තමයි උපසිරැසියක් අරන් සයිට් එකට එන්නෙත්. මගේ මතකේ අනුව, මම කරන දෙවෙනි පොලිස් චිත්‍රපටය. ඉතින් මේකත් බලලා රස විදින්නකෝ..
පුළුවන් නම් උපසිරැසි කරන අපේ සහෝදර සහෝදරියන්ට දිරිමත් කිරීමක් විදිහට කමෙන්ට් එකක් හරි දාන්න.. මොකද ඔයාලගේ දිරිමත් කිරීම හින්දම තමයි එයාලා ඔයාලට උපසිරැසි අරගෙන එන්නේ.
එහෙනම් මං ගිහිල්ලා එන්නම්. තව එකක් අරං එනකල් පරිස්සමින් ඉන්ඩ හොදේ..
ප.ලි: මගේ කරදරේ ඉවසගෙන ඉන්න සමිත අයියට ගොඩක් පින් ඉතින් අනිත් එක ෆිල්ම් වලට ලස්සන ලස්සන කවර හදන උචිනි අක්කටත් ගොඩක් පින්
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඕෂද එරංග
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
May 24, 2024
Gemmak tamai… Jaya weewaa… ❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි ❤️❤️
ස්තූතියි සහෝ සබට