(Test (2025) Sinhala Subtitles) (Test (2025) Sinhala Sub) (Test (2025) Sinhala Subtitle) (Test Sinhala Subtitle) (Test (2025) Sinhala Sub)(Test Sinhala Sub) (Test Tamil Movie Sinhala Subtitles) (Test Tamil Movie Sinhala Subtitle)
මාධවන් සිදාර්ත් නයන්තාරා මීරා ජැස්මින් කතාව මේ හතරදෙනා වටේ යන්නේ. මාධවන් හා සිදාර්ත් අතර කවුද වීරයා කවුද දුෂ්ඨයා වෙන්නේ කියන ප්‍රශ්නය. ජයගන්නා වීරයා වෙනවා පරදිනකෙනා දුෂ්ඨයා වෙනවා. ඒකයි කියන්නේ සෑම ජයකම පරාජයක් තියෙනවා සෑම පරාජයකම ජයක් තියෙනවා. මේක ක්‍රිකට් සම්බන්ධයෙන් හැදුන ක්‍රිඩා නාට්‍යමය ඝණයට වැටෙන චිත්‍රපටයක්. මෙය සිනමා ශාලවට නිකුත් නොකර කෙලින්ම නෙට්ෆ්ලික්ස් හරහා විකාශය කරනලද එකක් නිසා සිනමාශාලවක ලැබෙන ආශ්වාදය හා බොක්ස් ඔෆිස් වාර්තාවන්ගැන කිසිවක් කීමට නැත. නිෂ්පාදකයෙක්වන එස් සසිකාන්ත්ගේ කුලුදුල් අධ්‍යක්ෂණයක්. ඒ වගේම මීරා ජැස්මින් වසර දහයකට පසුව දමිළ සිනමාවට පැමිණීමක්. මේකේ කතාවත් සසිකාන්ත්ගේමයි සහයවෙලා තියෙනවා සුමන් කුමාර්. කැමරාකරණය විරාජ් සිං ගොහිල් සංස්කරණය ටී එස් සුරේෂ් සංගීතය ශක්ති ශ්‍රි ගෝපාලන් විසින් මෙහෙයවා ඇත.
මේ කතාව තේමා වෙලා තියෙන්නේ රටවෙනුවෙන් කැපවෙන ක්‍රිකට් ක්‍රීඩකයා හා විද්‍යාඥයෙක්. විද්‍යාඥයාගේ සොයාගැනීමක් හා ක්‍රිකට් ක්‍රීඩකයාගේ දින 5ක තීරණාත්මක අවසන් ටෙස්ට් තරගය. ඒකත් ඉන්දිය පකිස්තාන් තරගයක් කියන්නේ ආයේ අහන්න ඕනේද. මේ දින 5 මේ දෙන්නට ලැබෙන පරික්ෂණයක්. මේ පරික්ෂනය අනුවයි දුෂ්ඨයා හා වීරයා කවුද කියල තීරණය වෙන්නේ. මේක ටිකක් සත්‍ය කතාවක් වගේ පෙනුනත් මේක සත්‍ය කතාවක් පාදකකරගෙන නෑ කියලයි කියන්නේ. ඒ වුනත් ක්‍රිකට් සම්බන්ධව සමහර දර්ශන විරාත් කෝලිගෙන් ලබාගත් ආභාෂයන් වෙනවා කියල අධ්‍යක්ෂක කියල තියෙනවා. ඒ 2006 මාර්තු 6 විරාත් කෝලි රංජි කුසලානය ක්‍රිඩාකරද්දි මුහුණදුන් සැබෑ ජීවිතයේ සිද්ධීන් වෙනවාලු.
සිද්දාර්ත් හා මාධවන් දෙන්නගේ රංගනයනම් අති විශිෂ්ටයි කියන්න පුලුවන්. මාධවන්ගේ රංගනයට නයනතාරාගෙන් ලැබෙන රංගන සහයත් පොඩි නෑ. ප්‍රසිද්ධ පුද්ගලයින් විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් තමන්ගේ තැන තත්වය කුසලාතාවය රදවගන්න වගේම පවත්වාගෙන යන්නත් ගන්න මහන්සිය හා ඒ නිසා ඔවුන්ගේ ජීවිතයට එල්ලවන පීඩනය මනාව පෙන්නපු චිත්‍රපටයක් මේ ටෙස්ට්. පිටින් බලන අපට පේන්නේ වගේම ඔවුන් පෙන්වන්නෙත් වෙනස්ම දෙයක්. මේක ක්‍රිකට් විතරක්ම නෙවෙයි හැම දෙයක්ම කැපකරල නව සොයාගැනීම කරන විද්‍යාඥයින්ගෙත් ඉරනම ඒකමයි. අපි කෙනෙක් දිහා බලලා හිතන ජීවිතයක් නෙවෙයි ඒ පුද්ගලයා ගෙවන්නේ කියන එකට මේ ටෙස්ට් එක හොදම නිදසුනක්.
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

April 12, 2019
ස්තූතියි පීටර් සහෝ උපසිරැසියට