Terminator Zero (2025) S01 E02 Sinhala Subtitles
Terminator Zero (2025) S01 E02 Sinhala Subtitles
6.9
87
71

Terminator Zero (2025) S01 E02 Sinhala Subtitles | “අරමුණු දෙකක් වෙනුවෙන් අතීතයට” | සිංහල උපසිරැසි සමඟ

(Terminator Zero (2024) Sinhala Subtitles) (Terminator Zero (2024) Sinhala Subtitle) (Terminator Zero (2024) Sinhala Sub)

Terminator කියන සැනින් අපේ මතකයට එන්නේ OG ෆිල්ම් සීරීස් එකනේ. ඉතින් අද අරන් ආවෙ මේ Terminator පවුලට Netflix එකෙන් අලුතින්ම එකතු කරපු ජපන් සාමාජිකයා Terminator Zero ඇනිමේ කතා මාලාවට සිංහල උපසිරැසි අරගෙන. Terminator Zero නිකුත් වුනේ 2024 වසරේ අගෝස්තු 9 වෙනිදා. මිනිත්තු 25-30 අතර දිවෙන එපිසෝඩ් 8කින් යුතු මේ ඇනිමේ කතා මාලාව IMDb මීටරය 6.9/10 ක් වෙනකන් කරකවන්නත් සමත් වෙලා තියෙනවා. මගේ පෞද්ගලික අදහස නම් එක එපිසෝඩ් එකකට මිනිත්තු 40 වගේවත් දීලා plot එක හැදුවා නම් Terminator නියම වයිබ් එක මේකට තව හොඳින් දෙන්න තිබුණා. කෙසේ වෙතත්, බැලුවට පාඩුවක් නෑ කියන දේ නම් කියන්න පුළුවන්. 😌

එහෙනම් යමු කතාව පැත්තට.

කතාව දිවෙන්නෙ ප්‍රධාන කාල රාමු දෙකක් ඇසුරු කරගෙන. 1997 සහ 2022. ජපානයේ ටෝකියෝ අගනුවර මැල්කම් ලී කියන පුද්ගලයා “කොකොරෝ” නම් කෘත්‍රිම බුද්ධියක් ගොඩනගමින් ඉන්නවා. ඊට සමාන්තරව SkyNet නමින් තවත් කෘත්‍රිම බුද්ධියක් නිර්මාණය වෙනවා. Terminator රසිකයෙක්ට නම් SkyNet කියන්නෙ අලුත් වචනයක් නෙවෙයිනෙ. 😉 ඉතින් ඔය අතරතුර මේ මැල්කම් ලී සිහිනෙන් දකිනවා නුදුරු දිනයක මුළු ලෝකයම ඇසිපිය හෙලන සැනෙකින් විනාශ වී යන ආකාරය. ඉතින් මේ විනාශකාරී සිහිනය හැබෑ වෙන එක වලක්වන්න ඔහු තීරණය කරනවා තමන්ගේ කෘත්‍රිම බුද්ධිය-කොකොරෝ ක්‍රියාත්මක කරන්න. ඉතින් ඔය ඔක්කොම සිද්ධ වෙන්නෙ 1997 වසරේ.

ඊළඟට බලමු 2022 වසර ගැන. 2022 වසර කියන්නෙ Terminators ලා විසින් මිනිස්සු යටත් කරගෙන ඉන්න විනාශයට පත්වුනු කාලයක්. ඉතින් මේ කාලයේ සටන් කරමින් ජීවත් වෙන අයිකෝ නම් තරුණ කාන්තාවක් අතීතයට යන්න සූදානම් වෙනවා මේ විනාශය සිදු වෙන එක මුලින්ම නවත්වලා දාන්න. ඇයත් එක්ක තවත් කෙනෙක් අතීතයට කාල තරණය කරනවා තවත් අරමුණක් වෙනුවෙන්.

කවුද ඒ අනිත් කෙනා? කවුද මේ අයිකෝ? කවුද මේ මැල්කම් ලී?
ඒවත් එක්ක තව ගොඩක් දේවල් දැක ගන්න Terminator Zero කතා මාලාව බලලාම ඉන්න කියලා ආරාධනා කරනවා.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු… ✌️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිසුර සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිසුර සංජන

May 22, 2025


32
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login