Tehran (2025) Sinhala Subtitles
Tehran (2025) Sinhala Subtitles
8
57

Tehran (2025) Sinhala Subtitles | “ගිනිගත් ටෙහ්රානය” | සිංහල උපසිරැසි සමඟ

(Tehran (2025) Sinhala Subtitles) (Tehran (2025) Sinhala Subtitle) (Tehran (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ අගෝස්තු 14 දින ZEE5 මගින් නිකුත් කරන ළද Tehran කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කල ත්‍රාසජනක (thriller) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Arun Gopalan විසින්. Ritesh Shah සහ Ashish P. Verma විසින් පිටපත ලියා තිබෙනවා.

John Abraham ප්‍රධාන චරිතය වන ACP Rajiv Kumar ලෙසද, Manushi Chhillar (S.I. Divya Rana ලෙස) සහ Hadi Khanjanpour (Afsar ලෙස) ද ප්‍රධාන චරිත වලට රංඟනයෙන් දායක වනු ලබනවා.

කතාව පැත්තට ගියොත්, 2012 වසරේ දිල්ලි වල සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව Special Cell නිලධාරි RK ටෙහ්රාන් නගරයේ රහස් මෙහෙයුමක යෙදෙනවා.

ඉරානය මෙයාව මරාදැමීමට උත්සාහ කරන අතර ඉන්දියාව මෙයාව අතහැර දමන තත්ත්වයේ, මෙයාට ඒ ප්‍රහාරය පිටුපස සඟවුණු සත්‍යය සොයාගන්න පුළුවන් වෙයිද?

චිත්‍රපටයේ අනෙකුත් රංගන ශිල්පීන් අතරට Madhurima Tuli, Adam Karst, Allon Sylvain, Ido Samuel, Neeru Bajwa ඇතුළත් වෙනවා.

ත්‍රාසජනක චිත්‍රපට වලට ආස අයට සහ John Abraham ගේ ක්‍රියාදාම රංගනය දැකීමට කැමති අයට මේ චිත්‍රපටය බලන්න ආරාධනා කරනවා.

ඒ වගේම, ජෝන්ගෙ මීට කලින් ආව බාට්ලා හවුස්, මැඩ්‍රාස් කැෆේ, ඩිප්ලොමැත් වගේම මේකත් සුපිරිම ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.

ඉතින්, අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

හැමෝටම බුදු සරණයි!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


157
Total Subtitles

4 comments

  1. together 2025 mekata sub dennako

  2. Superman movie ekt sub dennko

  3. Kasun Widusha
    Cineru_users

    Thankyou sub ekata bro

  4. Buddhika laKMal
    Cineru_users

    තෑන්ක්ස් මචෝ සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login