Superman (2025) Sinhala Subtitles
Superman (2025) Sinhala Subtitles
7.5
83
89

Superman (2025) Sinhala Subtitles | “ සුපර්මෑන් පෘථිවිය ආක්‍රමණයට?? ” | සිංහල උපසිරැසි සමඟ

(Superman (2025) Sinhala Subtitles) (Superman (2025) Sinhala Subtitle) (Superman (2025) Sinhala Sub) (Superman Sinhala Subtitles) (Superman  Sinhala Subtitle)

කොහොමද හැම කෙනෙක්ටම, සෑහෙන කට්ටියක් එනකල් ආසාවෙන් බලාගෙන හිටිය අලුත්ම ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ.
ඒ අලුත්ම Superman (2025) චිත්‍රපටිය.

හරි අපි අලුත්ම චිත්‍රපටිය ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් Superman ෆ්‍රැන්චයිස් එක සම්බන්ධ තොරතුරු ටිකක් බලමු.

Superman කියන්නේ DC Comics වෙනුවෙන් 1938දී Jerry Siegel සහ Joe Shuster විසින් නිර් මාණය කරපු කොමික් චරිතයක්. චිත්‍රපටි නිර් මාණය පටන්ගන්නේ 1948 ඉඳන්. පළවෙනි සුපර් මෑන් වෙන්න වාසනාව ලැබුණේ Kirk Alynට. එදා ඉඳන් මේ 2025 වෙනකල් නළුවෝ 15 දෙනෙක් චිත්‍රපට සහ කතාමාලා වල සුපර් මෑන් චරිතයට පණපොවලා තියෙනවා.
සැක් ස්නයිඩර් විසින් අධ්‍යක්ෂණය කරපු DC Extended Universe (DCEU) එකේ අවසානයත් එක්ක Warner Bros ආයතනය ජේම්ස් ගන්ට ආරාධනා කරනවා අලුතින්ම DC Universe යුනිවර් ස් එක රීබූට් කරන්න. මේ භාරදූර වැඩේ අතට ගත්ත ජේම්ස් ගන් අවුරුදු 10ක විතර සැලැසුමක් ගහලා වැඩේට බහිනවා. David Corenswetව අලුත්ම සුපර් මෑන් විදිහට කාස්ට් කරනවත් එක්කම ප්‍රේක්ෂකයන්ගේ මේ ගැන අවධානය වැඩිවෙන්න පටන්ගත්තා. වැඩි කතාබහක් එක්ක පොඩ්ඩක් වැඩේ චාටර් වෙයි කියලා කතාව පැතිරුණා. ඒත් සාර් ථක Guardians of the Galaxy චිත්‍රපට නිර් මාණය කරපු ජේම්ස් ගන් මේකත් ලස්සනට ගොඩදැම්මා.
දැන් අපි Superman (2025) අලුත් චිත්‍රපටය දිහාවට එමු.
Action/Sci-fi ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ ජේම්ස් ගන්. චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 10ක් වෙනවා වගේම බෙදාහරින්නේ Warner Bros. Pictures ආයතයනය. ඩො.මි. 225කට ආසන්න වියදමින් නිර් මාණය කරපු චිත්‍රපටය මේ වෙද්දී ඩො.මි 580කට අධික වාර් තාගත ඉහළ ආදායමක් අරන් තියෙනවා. ඒ පරණ රෙකෝඩ් කිහිපයක්මත් බිඳදාමින්.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ David Corenswet, Rachel Brosnahan, Nicholas Hoult, Edi Gathegi, Anthony Carrigan ඇතුළු නළු නිලියන් පිරිසක්.

අපිට Justice Gang එකේ ග්‍රීන්ලැන්ටන්, හව්කි ගර් ල්, මිස්ටර් ටෙරිෆික්වයිත් අපිට චිත්‍රපටියෙන් බලාගන්න පුලුවන්. ඒ වගේම ජේම්ස් ගන්ගේ ඊළඟ ප්‍රොජෙක්ට් එක වෙන Super Girl ගැනත් අන්තිමට පොඩි ඉඟියක් අපිට දෙනවා.

හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ.
හැබැයි චිත්‍රපටිය සුපිරියට තියෙනවා කියලා නම් කියන්න ඕන.

එහෙනම් අලුත් උපසිරැසියකින් හම්බවෙමු. ඔයාලට ජය !!!

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


176
Total Subtitles

7 comments

  1. Kasun Widusha
    Cineru_users

    Thankyou sub ekata bro

  2. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    මුලින්ම සබ් එක දුන්නට ස්තූතියි සුපුන් මල්ලී. එදත් අදත් සබ් දෙන එකේ අංක එක අපේ සිනෙරු ම තමා ❤️

  3. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සුපුන් සහෝ මේ ෆිලුමට ඉක්මනින්ම උපසිරැසි හදල දුන්නට

  4. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  5. Thanks…….

  6. Thank You !

  7. Era Boy
    Cineru Family Member

    නියමයි සුපුනෝ ❤️😍 ඕනෙම කරන එකක් 🫶

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login