The title of the page
Subham (2025) Sinhala Subtitles
Subham (2025) Sinhala Subtitles
7.8
91

Subham (2025) Sinhala Subtitles | “නරලොව හොල්මන්” | සිංහල උපසිරැසි සමඟ

(Subham (2025) Sinhala Subtitles) (Subham (2025) Sinhala Subtitle) (Subham (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් වුන Subham (End) කියන්නේ ඉන්දියානු තෙළුගු භාෂාවෙන් නිර්මාණය වෙච්ච horror, comedy චිත්‍රපටයක්.. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Praveen Kandregula විසින්.. නිෂ්පාදනය කරලා තියෙන්නේ ඉන්දියානු නිලි Samantha විසින් Tralala Moving Pictures සහ Kanakavalli Talkies සමාගම් යටතේ.. චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Harshith Reddy, Gavireddy Srinivas, Charan Peri, Shriya Kontham, Shravani Lakshmi, Shalini Kondepudi, සහ Vamshidhar Goud වැනි නව නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා. ඒවගේම නිෂ්පාදකවරිය වන ජනප්‍රිය රංගන ශිල්පිනි Samantha ත් මේකට ආරාධිත රංගයෙන් එකතුවෙනවා.. ඉතින්, මේ චිත්‍රපටය 2025 වසරේ මැයි 09 දින නිකුත් වුනා.

කතාව ගැන කිව්වොත්,

එක්තරා ගමක් තියෙනවා.. ඒ ගමේ ගෑනු අය හැමෝම වගේ මෙගා ටෙලි නාට්ට් වලට පුදුම ඇබ්බැහියක් තියෙන්නේ.. ඔයාලා දන්නවනේ මෙගා නාට්ට් පටන් ගත්තාම ඉවරයක් වෙන්නෑ කියලා.. ඉතින් මේ ගමේ වයසක අය හැමෝම ටීවී එකේ යන එක්තරා නාට්ටියක් බලන්න ඇබ්බැහි වෙලා ඉන්නේ.. බැරිවෙලාවත් වයසක කෙනෙක් මැරුනොත් මේ නාට්ටියේ අවසානේ බලන ආසාවෙන් අවතාරයක් වෙලා ඇවිල්ල ගෙදර අලුත බැදපු ජෝඩුවක් ඉන්නව නම්, ඒ ගෙදර ගෑනු කෙනාට වැහෙනවා.. ඉතින් තමන්ගේ බිරින්දෑවරු වෙනුවෙන් ඔන්න ඔය යක්කු ටික පන්නන්න කොල්ලෝ තුන්දෙනෙක් වැඩේට බහිනවා.. ඉතුරු ටික ඔයාලම බලන්නකෝ.. හිනා වෙවී බලන්න පුළුවන් ෆිලුමක් 🤣♥️

ඉතින්, තෙළුගු horror comedy චිත්‍රපටවලට ආස කරන අයට බලන්න කියලා ආරාධනා කරනවා.

හැමෝටම ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


412
Total Subtitles

2 comments

  1. Sitaare Zameen Par (2025) subtitle please

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login