Stranger Things (2016) S01 E06 Sinhala Subtitles
Stranger Things (2016) S01 E06 Sinhala Subtitles
8.6
92

Stranger Things (2016) S01 E06 Sinhala Subtitles | “හොඳම යාළුවෝ හතර දෙනෙක්” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම!

ඔයාලා හැමෝම වගේම, මුළු ලෝකයක්ම බලාගෙන ඉන්න “Stranger Things” කතා මාලාවේ අවසන් කතා සමය එහෙමත් නැත්තම් පස්වන කතා සමය (The Final Season) එළිදකින්න තියෙන්නෙ තව දවස් කිහිපයකින් බව ඔයාලා දන්නවා ඇති. ඉතින්, මේ අවසන් මහා සටනට ලෑස්ති වෙන්න කලින්, Cineru.lk අපි හිතුවා මේ හැමදේකම ආරම්භය, ඒ කියන්නෙ පළවෙනි කතා සමය, මුල ඉඳන් ඔයාලට අරන් එන්න.

Summery – සාරාංශය

කතාව පටන් ගන්නෙ 1983 අවුරුද්දෙ, ඇමරිකාවේ ඉන්දියානා වල තියෙන හව්කින්ස් (Hawkins) කියන හරිම නිස්කලංක, සාමාන්‍ය නගරයකින්. මේ නගරයේ ඉන්න හොඳම යාළුවෝ හතර දෙනෙක් (මයික්, විල්, ඩස්ටින්, ලූකස්) දවසක් රෑ වෙනකල් “Dungeons & Dragons” ගේම් එකක් ගහලා ගෙවල් වලට යන්න පිටත් වෙනවා. ඒත්… ඒ හතර දෙනාගෙන් එක්කෙනෙක්, ඒ කියන්නෙ විල් බයර්ස්, එදා රෑ ගෙදර එන්නෙ නෑ.

මේ අතුරුදහන් වීමත් එක්ක මුළු නගරයම උඩු යටිකුරු වෙනවා. විල්ගෙ අම්මා (ජොයිස්) විශ්වාස කරනවා තමන්ගෙ පුතා තාම ජීවතුන් අතර ඉන්නවා කියලා. එයාට ගෙදර ලයිට් හරහා, ෆෝන් එක හරහා විල් කතා කරනවා වගේ දැනෙනවා. හැමෝම හිතන්නෙ ජොයිස්ට පිස්සු හැදිලා කියලා.

විල්ගෙ යාලුවෝ තුන්දෙනා තමන්ගෙ යාළුවව හොයාගෙන එයාලම පොඩි මෙහෙයුමක් පටන් ගන්නවා. මේ අතරෙදි තමයි එයාලට කැලේදි අමුතු ගෑණු ළමෙක්ව හම්බවෙන්නෙ. එයාගෙ ඔළුව බූ ගාලා, එයා කතා කරන්නෙත් නෑ, අතේ “11” කියලා ටැටූ එකකුක් ගහලා.

කවුද මේ ඉලෙවන්? එයාට තියෙන අද්භූත බලයෙන් විල්ව හොයාගන්න උදව්වක් ලැබෙයිද?මේ හැම කතාවක්ම එකට එකතු වෙන්නෙ කොහොමද? මොකක්ද මේ “අනිත් පැත්ත” (The Upside Down) කියන්නෙ?

80 දශකයේ අසිරිය, මිත්‍රත්වයේ ශක්තිය, අභිරහස්, සහ හදවත ගැහෙන ත්‍රාසය පිරුණු මේ කතා සමය එක හුස්මට බලන්න පුළුවන් එකක්. Cineru.lk වෙතින් ගෙන එන සිංහල උපසිරැසි එක්ක පළමු කතා සමයේ කොටස් 8ම රසවිඳින්න කියලා ඔයාලට ආරාධනා කරනවා!

මම ප්‍රමුඛ විශ්වජිත්

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ප්‍රමුඛ විශ්වජිත් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ප්‍රමුඛ විශ්වජිත්

July 6, 2025


49
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login