The title of the page
Squid Game 3 (2025) S03 E02 Sinhala Subtitles
Squid Game 3 (2025) S03 E02 Sinhala Subtitles
8
90

Squid Game 3 (2025) S03 E02 Sinhala Subtitles | “තරු පිරුණු රාත්‍රිය” | සිංහල උපසිරැසි සමඟ

(Squid Game 3 (2025) S03 Sinhala Subtitles) (Squid Game 3 (2025) S03 Sinhala Subtitle) (Squid Game 3 (2025) S03 Sinhala Sub) (Squid Game 3 S03 Sinhala Subtitles) (Squid Game 3 S03 Sinhala Subtitle) (Squid Game 3 S03 Sinhala Sub)

ආයුබෝවන්.. එහෙනම් අපි එකතුවෙමු Squid Game Season 3 එහෙමත් නැත්බම් squid game අවසාන කතාමාලාවත් සමඟ…

2021 දි කොරියන් ඩ්‍රාමා රසිකයින් විතරක් නෙවේ සමහර රසිකයින් කොරියන් කතා කියන කුලකයට ඇද බැඳ තබාගන්න හැකි වුන ඒ තරම් රසිකයන්ගේ ධනාත්මක ප්‍රතිචාර මධ්‍යයේ දිගහැරුණු squid game කතාමාලාව තුන්වෙනි සීසන් එකෙන් ඇතුලුව කොටස් 22කින් සමන්විත වෙනවා. Action, Thriller, Mystery, Horror කියන වර්ගීකරණයන්ට අයත් මේ ඩ්‍රාමා එක අධ්‍යක්ෂණය කලේ හ්වං දොං හ්යොක් විසින්. තිර පිටපතත් එතුමාගෙම තමයි. පළවෙනි සීසන් එක කොටස් 9යි. දෙවනි සීසන් එක කොටස් 7කින් යුක්ත වෙනවා. එතකොට තුන්වෙනි නැත්නම් අවසාන සීසන් එකට කොටස් හයයි. සුපුරුදු විදිහට මේ සීසන් එකෙත් විකාශන අයිතිය Netflix සතුයි. කතාව ගැන කෙටියෙන් කියන්නම්.. සෑහෙන්න මුදල් ඕන කමින් පෙලෙන මිනිස්සු 456 දෙනෙක් වොන් බිලියන 45කට නොවැඩි මුදලකට එකිනෙකා පරයායමින් ඔවුන්ගේ ජීවිත පරදුවට තබමින් රහසිගත ස්ථානයකදී මේ ක්‍රීඩාවල නියලෙනවා. හැම ක්‍රීඩාවදීම බොහෝමයක් පිරිසකගේ ජීවිත අහිමි වෙනවා කියලා මේක ලියන මමත් කියවන ඔයාලත් හොදාකාරවම දන්නවනෙ. සල්ලි වෙනුවෙන් සමහරුන්ගේ ආත්මාර්ථකාමී ලක්ෂණ එහෙම අධ්‍යක්ෂකතුමා මනාවට පෙන්නුම් කරලා තිබ්බා.

 

කාස්ට් එක ගැන කියන්න ඕන නෑනෙ.. ජනප්‍රිය නළු නිලියන් රැසක් මේ කතාමාලා තුනත් එක්ක එකතු වුනා. පළවෙනි සීසන් එකේ ඉදන් තුන්වෙනි සීසන් එක දක්වා රංගනයෙන් දායක වුන රංගන ශිල්පීන් අතලොස්සකගෙ නම් මම පහතින් සදහන් කරන්නම්.

– Lee Jung-jae as Seong Gi-hun (Player 456)
– Park Hae-soo as Cho Sang-woo (Player 218)
– Jung Ho-yeon as Kang Sae-byeok (Player 067)
– Wi Ha-joon as Hwang Jun-ho
– O Yeong-su as Oh Il-nam (Player 001)
– Heo Sung-tae as Jang Deok-su (Player 101)
– Anupam Tripathi as Ali Abdul (Player 199)
– Kim Joo-ryoung as Han Mi-nyeo (Player 212)
– Lee Byung-hun as Hwang In-ho (The Front Man)
– Im Si-wan as Lee Myeong-gi (Player 333)
– Kang Ha-neul as Kang Dae-ho (Player 388)
– Park Gyu-young as Kang No-eul (Soldier 011)
– Lee Jin-wook as Park Gyeong-seok (Player 246)
– Yang Dong-geun as Park Yong-sik (Player 007)
– Jo Yu-ri as Kim Jun-hee (Player 222)
– Kang Ae-shim as Jang Geum-ja (Player 149)
– Chae Kook-hee as Seon Nyeo (Player 044)
– Won Ji-an
– Roh Jae-won
– Choi Seung-hyun (T.O.P.)
– Lee Jung-jae as Seong Gi-hun
– Wi Ha-joon as Hwang Jun-ho
– Lee Byung-hun as Hwang In-ho (The Front Man)
– Lee Seo-hwan

නිෂ්පාදන විස්තර ගැන කිව්වොත් මේකෙ නිර්මාතෲවරයට මේ Squid game කතාමාලාව ගැන අදහසක් ඇවිල්ලා තියෙන්නෙ 2008 දි. එතකොට මේක කරළියට ගේන්න එතුමට අවුරුදු දහයකට වඩා ගිහින් තියෙනවා. රූගත කිරීම් බහුලව සිදුකරලා තියෙන්නෙ දකුණු කොරියාවෙ ජින්චොන් ප්‍රාන්තයෙ. Squid Game Netflix හි වැඩිපුරම නරඹන ලද මාලාව බවට පත් වෙලා තියෙනවා. නරඹන්නන් මිලියන 330 ක් සහ නැරඹුම් පැය බිලියන 2.8 කට වඩා වැඩියි කියලත් සදහන් වෙනවා. එතකොට දරලා තියෙන මූල්‍ය පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 84කටත් වඩා වැඩියි

Squid Game Season 1 featured 6 games:

1. Red Light, Green Light
2. Honeycomb Dalgona
3. Tug of War
4. Marbles
5. Glass Bridge
6. Squid Game

1. රෙඩ් ලයිට්, ග්‍රීන් ලයිට්
2. සීනි කැන්ඩි සෙල්ලම
3. කඹ ඇඳීම
4. ටීක් බෝල සෙල්ලම
5. වීදුරු පාලම
6. දැල්ලෝ සෙල්ලම

Squid Game Season 2 features several games :

1. Red Light, Green Light 
2. Six-Legged Pentathlon
3. Mingle
4. Rock, Paper, Scissors
5. Russian Roulette

1. රෙඩ් ලයිට්, ග්‍රීන් ලයිට්
2. කකුල් හයේ ඉසව් පහේ තරගය
3. රවුමට රවුමට (මින්ගල්)
4. Rock, Paper, Scissors
5. රුසියානු රූලට්

සීසන් එක සහ දෙකේදි ඔක්කොම සෙල්ලම් 11ක් තිබුනා. සෙල්ලම් කියනවට වඩා මේකට මාරාන්තික සෙල්ලම් කිව්වනම් ගැලපෙනවා. හේතුව කවුරුහරි කෙනෙක් ට හෝ පිරිසකට මරණය කියන දේ නිසැකවම උරුම වෙනවනෙ. කොහොමහරි ත්‍රාසය භීතිය කුතුහලය රැගත්, ඒවගේම ලොව පුරා රසිකාදරයට පත් මහත් ආන්දෝලනයක් ඇති කරපු Squid Game කතාමාලාවේ අවසානය ලියවිලා ඇත්තෙ කොහොමද කියන එක බලන්න සිනෙරූවාසි ඔයාලට ආරාධනා කරන ගමන් අපි සමුගන්නම්.

විශේෂ ස්තූතිය මගෙ ඉල්ලීම අහක දාන්නෙ නැතුව උපසිරසි නිර්මාණයට එකතුවෙන සිනෙරූ කණ්ඩායමේ සාමාජිකයන්ට..

සටහන ලියපු මම උචිනි පෙරේරා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හංසන හෙට්ටිආරච්චි සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හංසන හෙට්ටිආරච්චි

January 6, 2021


226
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login