(Squid Game 2 (2024) S02 Sinhala Subtitles) (Squid Game 2 (2024) S02 Sinhala Sub) (Squid Game 2 (2024) Season 02 Sinhala Subtitles) (Squid Game 2 (2024) Season 02 Sinhala Sub)
“තරඟකාරයො 456ක් වොන් බිලියන 45.6ක දැවැන්ත ත්‍යාඟ මුදලක්”
එහෙනම් කාලයක් තිස්සෙ බලාගෙන හිටිය Squid Game ගැන ආයෙමත් කතාබහට ලක්වෙන්න පටන් අරගෙන. ඒ දෙසැම්බර් 26 වෙනිදා නෙට්ෆ්ලික්ස් ඔස්සේ නිකුත් වුන Squid Game season 2 හින්දා. Hwang Dong Hyuk ගේ අධ්‍යක්ෂණයෙන් වගේම තිර පිටපත් රචනයෙන් හැඩවුන මේ කතාමාලාව Action, Thriller, Mystery වර්ගීකරණයන්ට අයත්. Lee Jung-jae, Wi Ha-joon, Lee Byung-hun, Im Si-wan, Kang Ha-neul, Lee Jin-wook, Park Sung-hoon, Yang Dong-geun, Jo Yu-ri, Kang Ae-shim, Park Gyu Young වගේ සුප්‍රසිද්ධ නලු නිලියො රැසක් මේකෙ ප්‍රධාන චරිත විදිහට රංඟනයෙන් දායක වෙනවා.
Squid Game කතා මාලාවේ නිර්මාතෘ සහ අධ්‍යක්ෂක Hwang Dong-hyuk, 2021 ඔක්තෝම්බර් මස අගදී, ප්‍රකාශ කළේ ඔහු දෙවන වාරයක් සම්බන්ධයෙන් Netflix සමඟ සාකච්ඡා කරමින් සිටින බවක්, ඒවගේම ඔහු තවදුරටත් 2021 දෙසැම්බර් මාසයේදී ප්‍රකාශ කළේ තමා Netflix සමඟ තෙවන වාරයක් ගැන ද සාකච්ඡා කරමින් සිටින බවයි. ඔහුට ප්‍රථමයෙන් තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට අවැසි වුවත්, Squid Game සඳහා පමණක් ප්‍රසිද්ධ වීම වළක්වා ගැනීම සඳහා, ඔහු විසින් නිර්මාණය කළ හැකි අතිරේක චිත්‍රපට නිකුත් කිරීමට Netflix සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට ඔහුට අවශ්‍ය වුනා. 2021 නොවැම්බරයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු දෙවන වාරයේ සංකල්පීයකරණ කටයුතු ආරම්භ කළ බවට තහවුරු කලා., ලී ජුං-ජේව නැවත ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති අතර ඔහුගේ ගි-හුන්ගේ භූමිකාව නැවත ප්‍රතිනිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු ප්‍රකාශ කලා. ඒවගේම Squid Game හි දෙවන වාරය 2024 වන විට අවසන් වීමට පෙර විකාශනය වන බවත් තහවුරු කලා. කථාංග නවයකින් යුත් පළමු මාලාව ලිවීමේ සහ නිෂ්පාදනය කිරීමේ ආතතිය හේතුවෙන් අධ්‍යක්ෂකට, මුලින් Squid Game දෙවන වාරයක් ලිවීමට ක්ෂණික සැලසුමක් නොතිබුනා කියලත් කියනවා. කෙසේ වෙතත්,කතාමාලාවේ ජනප්‍රියතාවයත් සමඟ ඔහු පසුව 2021 දී දෙවන වාරයක් සඳහා ඇති හැකියාව ගැන අදහස් දැක්වීමක් කර තිබෙනවා. 2022 අප්‍රේල් මාසයේදී, Gi-hun දෙවනි සීසන් එක්නුත් එනවා කියලා තහවුරු කලා. ඒ විතරක් නෙවේ මැරුණ චරිත කීපයක්ම ආයෙත් ගෙන්වන්න කැමතියි වගේම ඒ වෙද්දි දෙවනි සීසන් එකක් ගැන අදහසක් තිබ්බෙ නැති හින්දා චරිත කීපයක් මරලා දාන්න වුන එක ගැන තමන් කනගාටු වෙනවා කියලත් එයා කියලා තියෙනවා. ව්කාශනයට කලින්, සංක්‍රාන්ති ලිංගික කාන්තා චරිතයක් වන Hyun-Ju ගේ චරිතය සඳහා පිරිමි නළු Park Sung-hoon තෝරා ගැනීම සම්බන්ධයෙන් මතභේදයට තුඩු දීලා තිබුනා, ඒ සංක්‍රාන්තික කෙනෙක්ට එයාලගෙ අත්දැකීම් සත්‍ය ලෙස නිරූපණය කරනවා දැකීම ඇතැම් පිරිස්වලට අවැසිවීම හේතුවෙන්. මෙම විවේචනවලට ප්‍රතිචාර වශයෙන් ඇතැමුන් තර්ක කළේ සංක්‍රාන්ති මිනිස්සු දකුණු කොරියාවේ අවධානයට ලක් කිරීමට උත්සාහ කිරීම සාධාරණ නොවන කාරණාවක් බවයි. දකුණු කොරියානු කතා මාලාවක සංක්‍රාන්ති චරිතයක් බීම වැදගත් පියවරක් කියලත් මිනිස්සු අතර කතාබහට ලක්වෙලා තියෙනවා. දෙවන වාරයේ ප්‍රධාන රූගතකිරීම් 2024 ජූලි මාසයේදී අවසන්ව තිබෙනවා
එහෙනම් කතාව කොයිවගේද කියලා දැනගමු..
අති දැවැන්ත සල්ලි මුදලක් දෙන හින්දා තරඟකාරයො 456 දෙනෙක් මේ තරඟයට සහභාගී වෙනවා.. හැම සෙල්ලමක්ම ජීවිතයත් මරණයත් අතර සටනක්.. තරඟයකින් පැරදෙනවා කියන්නෙ අනිවාර්යෙන්ම මැරෙනවා කියන එක. සෙල්ලම ඉස්සරහට කරගෙන යන්න වගේම සෙල්ලම නවත්තලා දාලා තියෙන තෑගි මුදල බෙදාගෙන ගෙදර යන්නත් මේ හැම තරඟකාරයෙක්ටම හැකියාවක් තියෙනවා.. ඒත් එයාලා එහෙම කරන්නෙ නෑ.. මොකද එයාලට ඕනෙ සල්ලි. කාගෙවත් මතයකින් වැඩක් නෑ.. හරි වැරැද්ද තමන්ගෙ ජීවිතේට වෙන්න පුලුවන් අනතුර පේන්නෙත් නෑ.. එයාලට ඕනෙ සල්ලි. පිරිසක් තව පිරිසකට සෙල්ලමේ ආදීනව තේරුම් කරන්න හැදුවත් ඒ අය පිලිගන්නෙ නෑ.. ඒකෙන් අර මැරෙන්න ඕනෙ නැති අයටත් වෙඩි කන්න සිද්ධ වෙනවා.
Squid Game season 2 සම්පූර්ණ කතාමාලාවට උපසිරැසි ගැන්වීම – හංසන හෙට්ටිආරච්චි, චතුනිකා මංචනායක, මලීෂ බණ්ඩාර, උචිනි පෙරේරා
එහෙනම් ත්‍රාසය, භීතිය, කුතුහලය මුසු වුන මේ කතාමාලාව ඔයාලත් රසවිඳින්නකෝ..
✒️ උචිනි පෙරේරා
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම
ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.
April 12, 2019
Thankyou ❤️