The title of the page
Spy × Family Code: White (2023) Sinhala Subtitles
Spy × Family Code: White (2023) Sinhala Subtitles
7.3
94
97

Spy × Family Code: White (2023) Sinhala Subtitles | “ලෝක සාමයේ සමබරතාවය රැකේවිද?” | සිංහල උපසිරැසි සමඟ

Spy x Family Season 2 හි අවසානයෙන් පස්සෙ නිවේදනය කරපු, එමෙන්ම ජපන් සිනමා ශාලාවලට නිකුත් වුනු, හැමෝම හුඟ දෙනෙක් බලන් හිටපු චිත්‍රපටයක සිංහල උපසිරැසියයි මේ අරන් එන්නේ. උපහාසය, ත්‍රාසය වගේම ක්‍රියාදාමය හරි අපූරුවට අරන් ආපු කතාවක් විදිහට Spy x Family එහි ආරම්භක කාලයේ පටන් කාගේත් සිත් දිනාගන්න සමත් වුනා. ඒ වැඩි හරියක්ම කතාවේ කැපී පේන චරිතය වෙන “ආන්යා” කියන පුංචි ගැහැණු ළමයා නිසාමයි. ඒ වගේම ඒ දෙන්නාගේ අම්මයි තාත්තයිත් ඊට නොදෙවෙනිව ලොකු රහසක් සඟවාගත්තු දෙන්නෙක් නිසාවෙන් ඒ දෙන්නාගේ කතාවත් හරිම රසවත් බව නොරහසක්. මේ තුන් දෙනාගෙන් සමන්විත ෆෝජර් පවුලේ රසවත් සිදුවීම් අරන් ආපු කතාවක් විදිහට තමයි මේ Spy x Family ජනප්‍රිය වුනේ.

Tetsuya Endo ගේ Spy X Family මන්ගාව ඇසුරු කරගෙන නිමවෙන මේ Spy x Family Code:White චිත්‍රපටය, ඇනිමෙ කතා මාලාවේම sequel චිත්‍රපටය වෙනවා. 2023 වසරේ දෙසැම්බර් 22 වනදා ජපානයේදී තිරගත වීම අරඹපු මේ චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 59.6 ක බොක්ස් ඔෆිස් ආදායමක් මේ වෙද්දි ලබාගෙන තියෙනවා. ඒ වගේම IMBD දර්ශකයේ 7.3 ක අගයක් සහ MyAnimeList දර්ශකයේ 8.2 ක අගයක් වගේම Rotten Tomatoes හි 94% ක අගයක් ලබාගෙන තියෙනවා. Action, Comedy, Childcare, Shounen යන Genre වලට අයත් වෙමින් පැය 1 මිනිත්තු 50 ක ධාවන කාලයක් පුරා දිවෙන මේ චිත්‍රපටයේ ඇනිමේෂන් නිෂ්පාදන කටයුතු කතා මාලාවේ වගේම සුපුරුදු පරිදි Wit Studio සහ CloverWorks Studio දෙක එක්ව සිදු කරල තියෙනවා. ඒ වගේම චිත්‍රපටය අලංකාර තේමා ගීත කිහිපයකින්ම හැඩ ගැන්වෙනවා. Official HIGH DANdism කණ්ඩායම සහ Gen Hoshino විසින් කතා මාලාවේ වගේම මේ තේමා ගීත ගායනා කරනු ලබනවා. ඉතින් මේ චිත්‍රපටයේ BluRay පිටපත් නිකුත් වුනේ මේ ඉතාම මෑතකදීයි. ඉතින් පෞද්ගලික වැඩත් එක්ක හැකි ඉක්මනින් තමයි මේ උපසිරැසිය අරන් එන්නේ.

 

මේ චිත්‍රපටය කතාව ගැන කියන්නට කලින් මං මුලදී කියපු මේ ෆෝජර් පවුලේ චරිත තුන ගැන මතක් කරන්නම්. පවුලේ තාත්තාගේ භූමිකාව කරන “ලොයිඩ් ෆෝජර්” පිටත ලෝකයේ මනෝ වෛද්‍යවරයෙක් විදිහට ඉන්න, රහසින් ඔත්තුකාරයෙක් විදිහට වැඩ කරන කෙනෙක්. අම්මාගේ භූමිකාව කරන “යෝර් ෆෝජර්” පිටත ලෝකයේ රජයේ රැකියාවක් කරන, රහසින් මුදලට මිනී මරණ කුලී ඝාතකයෙක්. එතකොට දරුවාගේ චරිතයේ ඉන්න ආන්යා ෆෝජර් කියන්නෙ අනුන්ගේ සිත් කියවන්න පුලුවන් දරුවෙක්. ඉතින් කාට බොරු කරත් ආන්යාට බොරු කරන්න බැරි විත්තිය රහසක් නෙමෙයි. ඒ වගේම Spy x Family Season 2 හිදී අනාගතය දකින්න පුලුවන් බල්ලෙකුත් මේ ෆෝජර් පවුලට එකතු වුනා. ඒ අනුව මේ හැමෝගෙම හැමදෙයක්ම දන්නේ ආන්යා විතරයි. ඒ වගේම මේ විදිහට පවුලක් නිර්මාණය වෙන්නෙත් එක්තරා මෙහෙයුමක් වෙනුවෙනුයි. එතනින් එහා මං කතාව කියන්නෙ නෑ, ඉතින් ඔන්න ඕකයි Spy x Family හි මූලික සාරාංශය වෙන්නෙ. ඔයා තාමත් Spy x Family Season 1 හා Season 2 නරඹපු නැති කෙනෙක් නම් ඒ දෙකම පිළිවෙළට නරඹලා මේ චිත්‍රපටය නරඹන්න.

ඉතින් මේ Spy x Family Code:White චිත්‍රපටයේ කතාවට ආරම්භයක් මේ විදිහට ගේන්නම්. ලොයිඩ් ෆෝජර්ට එක්තරා මෙහෙයුමක් ලැබෙනවා, ඒ මෙහෙයුම ක්‍රියාත්මක කරන්න තියෙන්නෙ “ෆ්‍රිජිස්” කියල වෙනම රටක. ඒ මෙහෙයුමට සම්බන්ධ එක්තරා වස්තුවක් නිසා ලෝක සාමය සම්පූර්ණයෙන්ම විනාශ වීමේ දැඩි අවධානමක් තියෙන නිසා මේ මෙහෙයුම හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙනවා. ඒ අතරේ ආන්යාගේ පාසලේ ඉවුම් පිහුම් පන්තියක් පවත්වන්න කටයුතු සූදානම් කරනවා. පන්තියකට වඩා මේක තරඟයක් කිව්වොත් හරි. ඉතින් මේ තරඟය දිනන්න හිතාගෙන විශේෂ කෑම වට්ටෝරුවක් ඉගෙන ගන්නත් එක්ක ලොයිඩ් යෝජනා කරනවා “ෆ්‍රිජිස්” නගරයට යන්න. යෝර් ෆෝජරුත් තමන්ගෙ සහායිකාවන්ගේ කතාවක් නිසා ලොයිඩ් ගැන අමනාපයකිනුයි ඉන්නේ. මේ නිසා ලොයිඩ් ගැන හෙවිල්ලෙන් ඉන්න යෝර්ට සිද්ධ වෙනවා. ඉතින් කොහොමින් කොහොම හරි මේ තුන් දෙනාම දැන් ෆ්‍රිජිස් වලට යන්න කැමති වෙලා පිටත් වෙනවා.

මේ තුන් දෙනාගේම හැබෑ අනන්‍යතාවයන් වගේම අරමුණු ඉලක්ක එකිනෙකාට වෙනස් බව දන්නෙ ආන්යා විතරයි. මේ සිද්ධි නිසා තුන් දෙනාටම වෙනස් අරමුණු මේ ෆ්‍රිජිස් නගරෙදි සම්පූර්ණ කරගන්න තියෙනවා. ආන්යාගේ ඉවුම් පිහුම් තරඟය, ලොයිඩ් ගැන තියෙන යෝර්ගේ සැකය සහ ලොයිඩ්ගේ විශේෂ මෙහෙයුම. මේ තුනම මොන විදිහට සිද්ධ වේවිද? අවසානයෙදි මේ තුනම ලෝක සාමයේ සමබරතාවයට සම්බන්ධ වෙන විදිහත් හරිම අපූරු බවත් කියන්නම ඕනි. මේ චිත්‍රපටයත් ත්‍රාසයෙන්, කුතුහලයෙන්, ක්‍රියාදාමයෙන් වගේම උපහාසයෙන් අනූන රසවත් චිත්‍රපටයක් බව කියන්නම ඕනි. එහෙනම් නරඹන්න මේ චිත්‍රපටය. ෆෝජර් පවුල මොන විදිහේ දේවල් වලට මුහුණ දේවිද… ලෝක සාමය මොන විදිහට රැක ගනීවිද…? පිළිතුර සොයා ගැනීම ඔබට භාරයි. එහෙනම් සමුගන්නම්. Happy Anime!

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


62
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ලංකන් weebs ….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login