Spy X Family (2025) S03 E03 Sinhala Subtitles
Spy X Family (2025) S03 E03 Sinhala Subtitles
8.2
90

Spy X Family (2025) S03 E03 Sinhala Subtitles | “නන්නාඳුනන සෙබලා” | සිංහල උපසිරැසි සමඟ (18+)

ඇනිමෙ රසිකයන් අතරේ වඩාත් ජනප්‍රිය ඇනිමෙ කතා මාලාවක් වෙන ත්‍රාසය, ක්‍රියාදාමය, විනෝදය එකට කැටි වුනු Spy x Family Season 3 හි 3 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ.

එකිනෙකට වෙනස් කතා දෙකකින් යුතුව දිග හැරුනු දෙවෙනි කොටසෙදි ආන්යාට පාසලේදි වෙන සිදුවීමක් සහ ටුවිලයිට්ගේ අතීත කතාවක් අපිට දකින්න ලැබුනා. පොඩිම වැරැද්දකටත් දඬුවමක් විදිහට ටොනිට්‍රස් අකුණක් පිරිනමන විනය භාර නිළධාරිනියකගේ පැමිනීමත් එක්ක, ස්ට්‍රික්ස් මෙහෙයුමේ වැදගත් කෙනෙක් වෙන, ආන්යාගෙ පන්තියේ ඉන්න ඩේමියන් ටොනිට්‍රස් අකුණක් ලබන්න ඔන්න මෙන්න තියෙද්දි ආන්යාගේ උදව්වකින් ඩේමියන්ට ඒක ලැබෙන්නෙ නැතුව යනවා. ඒත් අන්තිමට ආන්යාට ටොනිට්‍රස් අකුණක් හම්බ වෙනවා. මේ අකුණු 6 ක් ගත්තොත් පාසලෙන් නෙරපන නිසා ආන්යාගේ පළවෙනි අකුණත් ස්ට්‍රික්ස් මෙහෙයුමට ලොකු බලපෑමක් වෙනවා.

ටුවිලයිට්ගේ කුඩා කාලයේදී රටවල් දෙක අතර සිද්ධ වුනු යුද්ධයේ අඳුරු මතකයක් දිහ හැරියා. කුඩා කාලයේ පටන් දක්ෂයෙක් වුනු ටුවිලයිට් තමන්ගේ දෙමව්පියන්ට පොඩි බොරුවක් පවා කරන්න දෙපාරක් හිතපු කෙනෙක් උනා. එක වරම තමයි ටුවිලයිට් ඉපදුනු නගරයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙන්නෙ. ඉතින් ටුවිලයිට්ගේ ළමා කාලය ගෙවුනෙ කොහොමද? එයා කවුද?

සුපුරුදු විදිහටම මේක ත්‍රාසය, විනෝදය එකට අරන් එන කතාවක් වේවි. එහෙනම් නරඹන්න පටන් ගන්න මේ Spy x Family Season 3. උපසිරැසි ගැන ඔයාලගෙ අදහස් කියගෙන යන්නත් අමතක කරන්න එපා. ඉදිරි කොටස් වලින් හමුවෙමු.

Episode Name : ****’s Memories II
Released Date : 2025.10.18
IMDB Rating : 9.1

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


67
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login