Spy X Family (2025) S03 E02 Sinhala Subtitles
Spy X Family (2025) S03 E02 Sinhala Subtitles
8.2
90

Spy X Family (2025) S03 E02 Sinhala Subtitles | “යුධ ගිනි දැවුනු අතීතයේ ආරම්භය ” | සිංහල උපසිරැසි සමඟ (18+)

ඇනිමෙ රසිකයන් අතරේ වඩාත් ජනප්‍රිය ඇනිමෙ කතා මාලාවක් වෙන ත්‍රාසය, ක්‍රියාදාමය, විනෝදය එකට කැටි වුනු Spy x Family Season 3 හි 2 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ.

ඉතින් අපිට ආරම්භක කොටසෙදි දකින්න ලැබුනේ ආන්යා සමඟින් ෆෝජර් පවුලේ සිද්ධ වෙන කතාවක් සහ නයිට්ෆෝල් කියන රහස් ඒජන්තවරිය මෙහෙයුමක් දියත් කරන ආකාරය. ආන්යාගේ සිත් කියවීමේ හැකියාව සහ ඇයගෙ සුරතල් බල්ලා වෙන අනාගතය දැකිය හැකි බොන්ඩ්ගේ ක්‍රියාවන් නිසා ලොකු අනතුරක් වළක්වාගන්න ෆෝජර් පවුලට හැකි උනු විදිහට අපිට බලාගන්න ලැබුනා. ඊට පස්සෙ කොටසේ දෙවන අර්ධය විදිහට නයිට්ෆෝල් විසින් ටුවිලයිට්ගේ තොරතුරු සපයන්නාත් එක්ක කොන්ත්‍රාත්තුවකට එක්තරා කෙනෙක්ව හොයන් යන විදිහ තමයි දකින්න ලැබුනෙ. ඒකත් අවසන් උනේ හිතුවෙවත් නැති ක්‍රියාදාමයකින්.

මේ දෙවෙනි කොටසත් ඒ වගේම කතා දෙකකින් සමන්විතයි. පළවෙනි අර්ධයේ ආන්යාට පාසලේ වෙන අකරතැබ්බයක් සහ දෙවන අර්ධයේ අපි තාම දැකපු නැති ටුවිලයිට්ගේ ළමා කාළයේ කතාවක් ඇරඹෙනවා. ඉතින් ආන්යාට වෙන අකරතැබ්බය මොකක්ද? ටුවිලයිට්ගෙ ළමා කාලයේ උනේ මොකක්ද? සුපුරුදු විදිහටම මේක ත්‍රාසය, විනෝදය එකට අරන් එන කතාවක් වේවි. එහෙනම් නරඹන්න පටන් ගන්න මේ Spy x Family Season 3. උපසිරැසි ගැන ඔයාලගෙ අදහස් කියගෙන යන්නත් අමතක කරන්න එපා. ඉදිරි කොටස් වලින් හමුවෙමු.

Episode Name : Avoid Getting Tonitrus Bolt, **’s Memories I
Released Date : 2025.10.11
IMDB Rating : 8.3

උපසිරැසිය WEB DL පිටපත් සඳහා ගැලපේ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


64
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login