The title of the page
Special Ops Lioness S01 Sinhala Subtitles
Special Ops Lioness S01 Sinhala Subtitles
7.7
56
82

Special Ops: Lioness (2023) S01E08 [END] Sinhala Subtitles | “මියැදීම සාමය ඇති බවට කෙරෙන මුළාවකි” | සිංහල උපසිරැසි සමඟ

(Special Ops: Lioness (2023) S01E08 Sinhala Subtitles) (Special Ops: Lioness (2023) S01 Sinhala Subtitles) (Special Ops: Lioness Sinhala Subtitles) (Special Ops Lioness Sinhala Subtitles) (Special Ops: Lioness S01 Sinhala Subtitles) (Special Ops Lioness S01 Sinhala Subtitles)

ආයුබෝවන් හැමෝටම..

ඔන්න අදත් සිනෙරූ වෙතින් තවත් අලුත් කතා මාලාවකට සිංහල උපසිරැසි අරගෙන එන්න තමයි සූදානම් වෙන්නේ..

TV Series එකේ නමේ තියෙනවා වගේම මේක Military ගණයට අයත් වෙන Drama එකක්. ඇමෙරිකාවට අයත් සත්‍ය Military Program එකක් පාදක කරගනිමින් තමයි මේ කතා මාලාව නිෂ්පාදනය කරලා තියෙන්නේ. කතා මාලාවේ නිර්මාතෘ වෙන්නේ Taylor Sheridan. ඔහු ඉතාමත් ජනප්‍රිය Series එකක් වූ Yellowstone (2018-) කතා මාලාවේ සම-නිර්මාතෘ මෙන්ම එම කතා මාලාවට සමගාමීව නිර්මාණය වූ 1883 (2021) සහ 1923 (2022) යන කතාමාලාවන් නිර්මාණයටද තම​ දායකත්වය ලබා දී තිබෙනවා.

ඒ වගේම මේ කතා මාලවට රංගන ශිල්පීන් ලෙස හොලිවුඩයේ ජනප්‍රිය නළු නිළියන් වනMorgan Freeman, Nicole Kidman, Zoe Saldana සහ Michael Kelly යන අය රංගනයෙන් දායක වෙනවා. මෙම කතා මාලාවේ පළමු කතා සමය 2023 ජූලි 23 වන දින Paramount+ නාලිකාව ඔස්සේ විකාශයට පත් වූණ අතර​ නව කතා සමයක් දක්වාද අලුත් කිරීමට 2024 මැයි මසදි තීරණය කෙරුණා.

Taylor Sheridan's Lioness “renewed for Season 2” with a big change - Dexerto

කළින් සඳහන් කරා වගේ මේ Series එකේ නිර්මාණයට පාදක කරගෙන තියෙන්නෙ Team Lioness (සිංහධේනුව කණ්ඩායම​) කියන ඇමෙරිකා හමුදාවට අයත් කාන්තා බලකායක ක්‍රියාකාරකම් ය​. මේ කියන Team Lioness බලකාය පිහිටුවලා තියෙන්නේ 2003 දියි. ඒ මුර සංචාරයේ යෙදෙන සොල්දාදුවන් සමඟ එක් කිරීමේ අභිප්‍රායෙන්. මේ තීරණය ගන්න හේතු වෙලා තියෙන්නෙ ත්‍රස්ථවාදීන් ගිනි අවි වැනි දේවල් මුස්ලිම් කාන්තාවන් සමඟ සඟවා එවීම නිසා සෙබළුන්ට ඔවුන්ව පරික්ෂා කිරීමේදි සිදුවන අපහසුතාවයන් වළකා ගැනීමටයි. එම නිසා ඔවුන්ට හිමිවන දීමනා, විශ්‍රාම වැටුප් වැනි දේවල් අහිමි වී ගියා. එයට පිළිතුරක් ලෙසත්, ත්‍රස්ථවාදීන් මුස්ලිම් කාන්තාවන් යොදා ගැනීම වළකා ගැනීමටත් මෙම බලකාය පිහිටුවනු ලැබුවා.

Official Trailer

CIA එකට අනුබද්ධ Lioness කණ්ඩායම, පරික්ෂක ජෝගේ මූලිකත්වයෙන් ත්‍රස්ථ ක්‍රියාවක් මැඩ පවත්වන්න ගන්න උත්සාහය ගැන තමයි කතා මාලාව පුරාම දකින්න තියෙන්නෙ. ඒ අතරතුරේ එයාගේ වෘත්තිමය ජීවිතය වගේම පෞද්ගලික ජීවිතයත් සමබරතාවයෙන් තියාගන්න ජෝට සිද්ධ වෙනවා. ඒ වගේම​​ Lioness කණ්ඩායමේ උදව්වට කලහකාරී Cruz Manuelos ගේ සහය ලබාගෙන තවත් 9/11 සිද්ධියක් වෙන එක වළක්වන්න දරන වෑයම Special Ops: Lioness​ කතා මාලාව හරහා ඔයාලට බලාගන්න පුළුවන් වෙයි.

Special Ops: Lioness Trailer: Zoe Saldana Leads Taylor Sheridan CIA Show

තවත් අලුත් කතා මාලාවකින් ඉක්මනින්ම හමුවෙමු..හැමෝටම ජය..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


196
Total Subtitles

10 comments

  1. M A Buddhika Lakmal
    Cineru_users

    මේ සීරිස්එකට සබ් දුන්නට තැන්ක්ස් සහෝ

  2. ඔබගේ වටිනා කාලය වැය කරමින් මෙම සිංහල උපසිරැසිය අප වෙත ලබාදීම ගැන උදිත ඩිල්ෂාන් සොහොයුරාට මගේ ස්තූතිය පුදකරන අතර
    තවත් මෙවැනි උපසිරැසි කිරීමට අවශ්‍ය කාලය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කර්මි..!
    Cineru.lk පවුලේ සැමට තෙරුවන් සරණයි..!
    ජයවේවා..! ❤❤❤

  3. Sameera Dananjaya
    Cineru_users

    සහෝ තෑන්ක්ස් මේ සීසන් එකට සබ් දුන්නට, මේ සබ් එක වැඩ කරන්නේ නෑනේ මට

    • Anjula Umesh
      Cineru Family Member

      සබ් එකනම් අවුලක් නැතුව වැඩ..Pot player එක ට්‍රයි කරලා බලන්න.

  4. පට්ට tanx sub දුන්නට

  5. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  6. Dilan prasanna
    Cineru Family Member

    Supiri mchan

  7. හිරාන් ශාරංග

    උපසිරැසි 8 ම එකපාර ඩවුන්ලෝඩ් කරගත්තා.
    ගොඩක් ස්තුතියි..
    ජයවේවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login