Smurfs (2025) Sinhala Subtitles
Smurfs (2025) Sinhala Subtitles
4.3
20
47

Smurfs (2025) Sinhala Subtitles | “මැජික්” | සිංහල උපසිරැසි සමඟ

(Smurfs (2025) Sinhala Subtitles) (Smurfs (2025) Sinhala Sub) (Smurfs (2025) Sinhala Subtitle)

කොහොමද හැම කෙනෙක්ටම, අලුත්ම ඇනිමේෂන් ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ.
හැමෝම වගේ මෙයාලව දන්නේ නිල් කුරුමිට්ටෝ කිව්වාමනේ. ඔව් මේ අලුත්ම Smurfs චිත්‍රපටිය වෙන Smurfs (2025).

Smurfs කියන්නේ 1965දී බෙල්ජියානු කොමික් කලාකාරයෙක් වෙන Peyo කරපු නිර්මාණයක්. ඔරිජිනල් නම වෙන්නේ Les Aventures des Schtroumpfs. මේ කතාව පදනම් කරගෙන මේ වෙනකොට නිර්මාණ විශාල ප්‍රමාණයක් බිහිවෙලා තියෙනවා 1965 ඉඳන්ම. කොහොමහරි අපිට දැකලා පුරුදු චිත්‍රපටි එන්න ගත්තේ කතාව ඇමරිකාවට ගියාට පස්සේ.

2011දී Sony එකෙන් පටන්ගත්ත ඇනිමේෂන් චිත්‍රපටි කිහිපය. පිළිවෙළින් The Smurfs (2011), The Smurfs 2 (2013) සහ Smurfs: The Lost Village (2017).
ඊටපස්සේ 2022දී Smurfs සන්නාමයට අයිතිය තියෙන LAFIG Belgium සහ IMPS ආයතන Paramount Animation එක්ක ඇනිමේෂන් චිත්‍රපට කිහිපයක් නිර්මාණය කරන්න ගිවිසුම්ගතවෙලා තියෙනවා. ඒ ගිවිසුමට අනුව නිර්මණය වුණු පළවෙනි චිත්‍රපටිය තමයි මේ නිකුත්වුණේ. මේක මියුසිකල්, කොමඩි පැත්තට බරව හැදුණු චිත්‍රපටියක්.
Family/Musical ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Chris Miller. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 32ක් වෙනවා වගේම බෙදාහරින්නේ Paramount Pictures ආයතයනය. ඩො.මි. 58කට ආසන්න වියදමින් නිර්මාණය කරපු චිත්‍රපටය මේ වෙද්දී ඩො.මි 100කට ආසන්න ආදායමක් අරන් තියෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට හඬ දායකත්වය දෙන්නේ Rihanna, James Corden, Nick Offerman, JP Karliak, Daniel Levy ඇතුළු ශිල්පීන් පිරිසක්.හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ.
හැබැයි චිත්‍රපටිය සුපිරියටම තියෙනවා කියලා නම් කියන්න ඕන.

එහෙනම් අලුත් උපසිරැසියකින් හම්බවෙමු. ඔයාලට ජය
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDCAM
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


173
Total Subtitles

One comment

  1. Tanks bro sub ekata 😘nezha 2 t one ikmanta

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login