The title of the page
7.4
83
87

Sitaare Zameen Par (2025) Sinhala Subtitles | “සෑම දරුවෙකුම තරුවක්” | සිංහල උපසිරැසි සමඟ

(Sitaare Zameen Par (2025) Sinhala Subtitles) (Sitaare Zameen Par (2025) Sinhala Subtitle) (Sitaare Zameen Par (2025) Sinhala Sub) (Sitaare Zameen Par Sinhala Subtitles) (Sitaare Zameen Par Sinhala Subtitle) (Sitaare Zameen Par Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගොඩක් දෙනා ආසාවෙන් බලාගෙන හිටපු 2025 වසරේ නිකුත් වුන Sitaare Zameen Par කියන හින්දි චිත්‍රපටයට.

හදිස්සිකාරයින්ට බලන්න HDTC කැම් පිටපතකට තමයි උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නේ.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ R. S. Prasanna විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නේ Aamir Khan සහ Aparna Purohit විසින්. මේ චිත්‍රපටය Aamir Khan ගේ 2007 වර්ෂයේ “Taare Zameen Par” චිත්‍රපටයේ spiritual successor එකක් විදියට නිර්මාණය කරලා තියෙනවා.

ඉතින් අමීර් ඛාන්ගේ ෆිල්ම් එකක් කිව්වම ඒකෙ කොලිටිය ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ, ඒ නිසා අමීර් ඛාන්ගේ රසිකයින්ට මේකත් අනිවාර්යයෙන්ම සුපිරිම සිනමා අත්දැකීමක් ලබාදෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒ වගේම මේ ෆිල්ම් එකට ගොඩක් පොසිටිව් රිවීව්ස් ලැබිලා තියෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Aamir Khan සහ Genelia Deshmukh රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය 2018 වර්ෂයේ ස්පාඤ්ඤ “Champions” චිත්‍රපටයේ නිල ප්‍රතිනිර්මාණයක් (official remake) විදියට නිර්මාණය කරලා තියෙනවා.

දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් ගුල්ශන් අරෝරා කියන බාස්කට්බෝල් කෝච් දවසක් බීමතින් රිය පදවලා දාගනිපු නඩුවක් නිසා ඒකෙ දඩුවම විදියට මෙයාට මානසික ආබාධ තියෙන ටීම් එකකට මාස තුනක් පුහුණුකරන්න සිද්ධ වෙනවා.. ඉතින් මුලදිනම් මෙයා කොහෙත්ම මේකට කැමති වෙන්නෙ නෑ. ඉතින් මින් එහාට මම මොනවත් කියන්න යන්නේ නෑ, ඔයාලටම මේ ලස්සනම ලස්සන චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

හැමෝටම බුදු සරණයි!

*සිංහල උපසිරැසි HDTS පිටපත් සදහා ලබා දී ඇත*

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTC
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


149
Total Subtitles

2 comments

  1. Uchini Perera
    Cineru Family Member

    සබ් එකට ස්තූතියි මල්ලි..

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි නිසල් සහෝ උපසිරැසියට….
    ඔරිජිනල් ආපුහම අප්ඩේට් එක ඕනේ මචං………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login