The title of the page
Siren (2024) Sinhala Subtitles
Siren (2024) Sinhala Subtitles
6.4
95

Siren (2024) Sinhala Subtitles | “සිරකරුවෙකුගේ පළිගැනීම” | සිංහල උපසිරැසි සමඟ

(Siren (2024) Sinhala Subtitles) (Siren (2024) Sinhala Sub) (Siren Sinhala Subtitles) (Siren Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම!

ඔන්න කාලෙකින් ටැමිල් ෆිලුමක් අරගෙන සයිට පැත්තට ගොඩ උනා එහෙනම්.. ඇවිල්ල ටිකක් කල් උනත් හොද ෆිලුමක් නිසා සබ් දෙමු කියල සමිත අයිය කියපු නිසා මාත් බෑ නොකිය බාර ගත්ත ඉතින්.. යන්කො එහෙනම් ෆිලුම දිහාට..

ගොඩක් අය බලල නම් ඇති.. මොකද OTT ඇවිල්ල ටික දවසක් වෙනව.. අනික OTT රිලීස් වෙන්නත් කලින් ලංකාවේ ටීවී චැනල් එකක මේක පෙන්නුවත් එක්කනෙ.. කොහොමහරි මේක නොබලපු අය ඉන්නව නම් මිස් කරගන්නෙ නැතුව බලන්න කියල ආදරෙන් ආරාධනා කරනව.. මොකද ලස්සන ෆිලුමක්.. ඒවගේම බලපු අයත් ජොලියටත් එක්ක ආයෙත් බලන්නකො එහෙනම්. 2024 පෙබරවාරි 16 වෙනිද තිරගත වීම ආරම්භ කරපු මේ ටැමිල් ෆිලුම අයත්වෙ න්නෙ කවුරුත් ආස කරන action thriller කියන කාණ්ඩයට.. පට්ටම ත්‍රිලර් එකේ බලන්නත් පුලුවන්.. ඒවගේම මේක ධාවන කාලය වෙන්නෙ පැය 2යි මිනිත්තු 34යි..මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Antony Bhagyaraj කියන අධ්‍යක්ෂකවරයා විසින්.. ඒවගේම කතාවත් එයාගෙ.. ඒවගේම මේකෙ ගීත සදහා සංගීතය සපයල තියෙන්නෙ අපි කවුරුත් ආදරේ කරන G. V. Prakash Kumar විසින්..

ප්‍රධාන නළුව ගැන අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නෑනෙ.. කවුරුත් දන්නව ජයම් රවී කියන්නෙ කව්ද කියල.. ගොඩක් දක්ෂ නළුවෙක්.. ෆිලුමට උපරිම සාධාරණ්‍යක් කරල තිබ්බ.. ඒවගේම මුළු කතාවම යන්නෙත් එයාගෙ වටා තමයි.. ඒවගේම මේ අවූරුද්දෙ මෙයාගෙ තව ෆිල්ම් දෙකක් එන්න නියමිතයි.. එව්වත් බලමුකො කොහොම වෙයිද කියල..ඒවගේම දමිල සිනමාවේ ප්‍රේමවන්තියගෙ චරිතයෙන් ගොඩක් දෙනා හදුන ගත්තු Keerthy Suresh ව මේ ෆිලුමෙන් අපිට, ටිකක් තද කාටවත් ඇබරෙන්නෙ නැති පොලිස් නිලධාරිනියකගෙ චරිතයෙන් දැකගන්න පුලුවන්.. ඒකත් කීරිතිගෙ ෆෑන්ස්ලට අමුතු වෙනසක්.. ඒවගේම ටැමිල් ෆිල්ම්ස් වල සාමාන්‍යෙන් දකිනව අඩු කෙනෙක් තමයි Anupama Parameswaran කියන්නෙ.. මොකද ගොඩක්ම ඉන්නෙ තෙලිගු සිනමාවේ නෙ.. ඇත්තටම කියනව නම් අනුපමාට මේකෙ එක දෙබසක් වත් තිබ්බෙ නෑ..මොකද ගොළු චරිතයකට තමයි රංගනයෙන් දායක වෙන්නෙ.. රගපෑමත් හොද මට්ටමක තිබුන.. ඔයාලම බලන්නකෝ එහෙනම්.. ඊලගට මං දමිල සිනමාවේ විලන් කෙනෙක් විදිහට දකින්න ආසම කෙනෙක් තමයි මේකෙ විලන් කැරැක්ටර් එක කරන්නෙ.. ඒ වෙන කවුරුත් නෙවෙයි , හැමෝම දන්න Samuthirakani.. විලන් විතරක් නෙවෙයි.. ඕනම චරිතයක් කිසි ගින්නක් නැතුව තිතටම කරන නළුවෙක් තමයි මෙයා.. රංගනය නම් කොතනත් සුපිරිම තමයි.. එකෙම්ම වැඩ්ඩෙක් 🔥

Cast
Jayam Ravi – තිලගන් ලෙසින්
Keerthy Suresh – ඉන්ස්පෙක්ටර් නන්දිනී ලෙසින්
Anupama Parameswaran – ජෙනිෆර් නොහොත් තිලගන්ගේ බිරිද ලෙසින්
Samuthirakani – DSP නාගලිංගම් ලෙසින්
Yogi Babu – වේලන්කන්නී ලෙසින්
Ajay – අන්බු ලෙසින්

කතාව පැත්තට ගියොත්, තිලගන් කියන්නෙ ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වෙච්ච සිරකාරයෙක්, මෙයා විශේෂ සමාකාලයකට යටත්ව දවස් 14කට නිදහස් වෙලා එළියට එනව.. හැබැයි ඒ එළියට එන්නෙ තමන්ගෙ තාත්තා ලෙඩ ඇදේ අසනීපෙන් ඉන්නෙ කියන හේතුව මත..මෙයා හිරගෙදර ගොඩක් හොද විදිහට ඉන්න මනුස්සයෙක් නිසා බන්ධනාගාර නිලධාරීන් උනත් මෙයාට ඒ සමාකාලය දෙන්න දෙපාරක් හිතන්නෙ නෑ.. ඉතින් මෙයා එළියට එන්නෙ තමන් හිරේ යනකොට දාල ගියපු පුංචි දුවවත් බලන ආසාවෙන්.. හැබැයි දුව නම් ඉන්නෙ තමන්ගෙ තාත්ත මිනීමරුවෙක් කියන කේන්තියෙන්.. මෙයා එලියට ආවම, ඒ පලාතෙ පක්ෂයක නායකයෙක් සහ ප්‍රබල මැරයෙක්ගෙ ඝාතන දෙකක් සිද්ද වෙනව.. ඒ පලාතෙ ඉන්ස්පෙක්ටර් නන්දිනී කියන නිලධාරිනිය මේ ඝාතන වලට කෙලින්ම ඇගිල්ල දික් කරන්නෙ තිලගන්ට.. තිලගන් මේ චෝදනා සේරම ප්‍රතිෂේප කරනව..

ඇයි මේ තිලගන්ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වෙන්නෙ?
තිලගන්ගෙ දුව එයාව තමන්ගෙ තාත්ත විදිහට පිලිගනීද?
මොනවද මේ සිද්ද වෙන ඝාතන, ඒවට තිලගන්ගෙ සම්බන්ධයක් තියේද?

සේරටම උත්තර දැනගන්න මේ සුපිරිය බලන්න කියල ඔයාලට ආදරෙන් ආරාධනා කරනව..

අදට ගිහින් එන්නම්! ජයවේවා.! ❤️🔥

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


101
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Supiri brother

  3. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  4. laKMal
    Cineru_users

    ස්තූතියි ශාන් සහෝ සබ් එකට….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login