(Sinners (2025) Sinhala Subtitles) (Sinners (2025) Sinhala Sub)
මේ පාර මම අරගෙන ආවේ අළුත් සුපිරිම චිත්‍රපටයක් උණු උණුවෙම. මං මේක සුපිරිම චිත්‍රපටයක් කිව්වේ නිකං නෙමේ, හේතු කාරණා ගොඩක් නිසා. අපි මුලිම්ම බලමු ඔයාලා හැමෝම දන්න ප්‍රසිද්ධ මාධ්‍යජාලා වලින් මේකට ලැබුණ රේටින් ගැන, එතකොට ඔයාලට දල අදහසක් ගන්න පුළුවන් වෙයි මේක සුපිරිම චිත්‍රපටයක් කියන්නේ ඇයි කියලා. ඒ අනුව මනාප ලක්ෂයකට අධික ප්‍රමානයකින් IMDb 8.1 ඉතා ඉහල අගයකුත්, Rotten Tomatoes 97% ඉතා නැවුම් අගයකුත්, IGN 9/10 ඉතාම හොඳ අගයකුත් අරගෙන තියෙනවා. ඊට අමතරම මේ දවස්වල මූවී රසිකයන්ගේ ජනප්‍රියම මාධ්‍ය වෙන Letterboxd හි මනාප 1,148,122 ඉතා විශාල ප්‍රමානයකින් 4.2/5 බොහොමත්ම හොඳ අගයක් අරගන්න සමත්වෙලා තියෙනවා. ඒ විතරක් නෙමේ මේ Letterboxd එකේ මනාප මිලියනය පැනපු චිත්‍රපට ඔක්කොම තියෙන්නේ 550ටත් වඩා අඩුවෙන්, ඒකෙනුත් වේගෙන්ම මිලියනය පැනපු චිත්‍රපට අතර හතර වෙනියට එන්න මේක සමත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේකට මනාප මිලියනය ගන්න ගතවෙලා තියෙන්නේ දවස් 36 විතරයි. දැන් කට්ටියට හිතාගන්න පුළුවන් ඇතිනේ මේක කොච්චර සුපිරි චිත්‍රපටයක්ද කියලා. ඒ විතරක් නෙමේ මේකෙ තියෙන තව විශේෂත්වයක් තමා 2025 අවුරුද්දේ IMAX හරිම කැමරා වලින් රූගත කරපු එකම ෆිල්ම් එක වෙන්නෙත් මේක. තව IMAX කැමරා වලින් රූගත කරපු ෆිල්ම් එකක් තවත් එන්නෑ මේ අවුරුද්දට.
ඒ වගේම මං දැක්කා සෝශල් මීඩියා වල ලංකාවේ අය මේක ඕවරේටඩ් ෆිල්ම් එකක්, මේකට මෙච්චර රේටින් එන්න සුදුසු නෑ කියලා තියෙනවා. හැබැයි ලංකාවේ අය විතරයි, ලෝකේ පුරා රිවීව් ගත්තොත් නරකක් කියලා තියෙන රිවීව් හොයාගන්නවත් නැති තරම්. මෙහෙ අයට නම් මේ ෆිල්ම් එක තේරිලා නැති එක වෙන්න ඕනෙ ඕවරේටඩ් කියන්න හේතුව. මොකද මේක සෑහෙන්න සැඟවුනු දේවල් දාල හදපු චිත්‍රපටයක්, ඒවා ගැන හරියටම දැනගන්න නම් හරියටම මේ රට වල ඉතිහාසය සහ සංස්කෘතීන් ගැන දැනගන්න ඕනෙ. මොකද කිව්වොත් මේකෙ කතාව දිවෙන්නේ 1930 මිසිසිපි පාදක කරගෙන. ඉතින් මේකෙ වචන සහ මේකේ කතා වෙන දේවල් ඒ කාලෙට සම්බන්ද දේවල්. හරියට මේකෙ ගොඩක් තැන් වල කියවෙන Klan කල්ලිය වගේ. ඒ Ku Klux Klan කියන්නේ ඒ කාලේ තිබුණ ජාතිවාදි සංවිදානයක්. උන් කළු ජාතිකයන්ව අමානුෂික විදිහට නිරපරාදේ මරා දැමුවා ඒ කාලේ.
තව මේ ෆිල්ම් එකේ තැනක් තියෙනවා, මේකෙ ඉන්න කෙනෙක්(කවුද කියලා නොකියා ඉන්නම්) ඔහුගේ කතාව කියනවා, ඔවුන්ට බලෙන් යාච්ඥා කියන්න දීලා ආගම පැටෙව්වයි කියලා. එහෙම බලෙන් ආගම් මිනිස්සුන්ට පටවන සිද්ධීන් තදටම වුණේ ඊට අවුරුදු 400 විතර කලින්. ඒ අනුව අපිට හිතාගන්න පුළුවන් මේ පුද්ගලයා අවුරුදු 400 ගානක ඉඳන් පැවත එන්නෙක් කියලා. මේවා ගැන පොඩි කතා ෆිල්ම් එකේදි කිව්වට මේ වගේ විස්තර ඇතුව කියන්නෑ. ඒකට පොඩි ඉතිහාස දැනීමකුත් තියෙන්නෝනෙ. ඒ විදිහට ගොඩක් සැඟවුණු දේවල් අධ්‍යක්ෂකතුමා මේකට දාලා තියෙයි. හරියට මේකේ සංගීතය යොදලා තියෙනවා වගේ. මේකෙ කට්ටිය සිංදු කියන්නේ අදාල තැන් වලට අදාල විදිහට කට්ටියව නම්ම ගන්න. ඒ ගැන හරියටම විස්තර කරන්න ගියොත් ෆිල්ම් එක ස්පොයිල් වෙන නිසා මුකුත් නොකියා ඉන්නම්.
ආහ්, තව දෙයක් කියන්නම් මේ චිත්‍රපටය ගැන. ඒ තමයි මේකේ නිවුන්නු දෙන්නෙක්නේ ඉන්නේ ප්‍රධාන වශයෙන්. ඉතිං ගොඩක් චිත්‍රපටවල ඔයාලා නිවුන්නුන්ගේ මූන බලනවා හොඳට දෙන්නව වෙන් කරලා අඳුර ගන්න. හැබැයි මේකෙදි ඒක වෙනස් වෙයි. මේකෙදි ඔයාලා එයාලගෙ ඇඳුම් දිහා විතරයි බලන්නේ එයාලව වෙන් කරලා අඳුර ගන්න. ඒකෙනුත් එයාලගේ තොප්පි දිහා. ඒ අනුව මේකෙදී අධ්‍යක්ෂකතුමා ප්‍රේක්ෂකයන්ව නිවුන්නු දෙන්නගේ තොප්පි වලට අවදානෙ දෙන විදිහටයි හදලා තියෙන්නේ එයාලගේ මූනු දිහා බලලා අඳුර ගන්නවා වෙනුවට.
දැන් අපි බලමු චිත්‍රපටයේ පසුබිම් විස්තර ගැන, මේක සිනමාශාලාවල් වලට නිකුත් වුණේ අප්‍රේල් 17 වෙනිදා. මිලියන 90 යොදා නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටය මේ වෙද්දි ලොවපුරා ආදායම මිලියන 317,000 ඉක්මවා ගිහින් තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරන්නේ Black Panther, Creed වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කෙරූ Ryan Coogler විසින්. මීට රංගනයෙන් දායක වෙනවා ක්‍රීඩ් චිත්‍රපට මාලාව හරහා කවුරුත් දන්නා Michael B. Jordan, තවද මේ දවස්වල කාගෙත් සිත්ගත් සොඳුරු රුවැත්තී Hailee Steinfeld, ඊට අමතරව Miles Caton, Jack O’Connell, Wunmi Mosaku, Jayme Lawson, Omar Miller, Delroy Lindo වැනි අයත් රංගනයෙන් දායක වෙනවා. තව දෙයක් තමයි මේකේ සැමීගේ චරිතය හරහා දක්ෂ රඟපෑමක් ඉදිරිපත් කරන Miles Catonගේ පලවෙනි රංඟනයක් මේ චිත්‍රපටයමයි.
කතාව ගැන කිව්වොත්, ස්මෝක් සහ ස්ටැක් නිවුන්නු දෙන්නා පලවෙනි ලෝක යුද්ධයේ සටන් කරලා පසුව චිකාගෝවට ගිහින් පට්ට ජල්තර් වගයක් නටලා ආයෙම එයාලගේ ගම වුණ මිසිසිපි වලට එනවා. එතන ඉඳන් තමයි කතාව පටන් ගන්නේ. මෙයාල මෙහෙම මිසිසිපි වලට එන්නේ අවුරුදු හතකට පස්සේ. හැබැයි මුළු ටවුමම මේ නිවුන්නු දෙන්නට බයයි ඔවුන්ගේ වැඩ නිසා. මෙයාලා සුද්දෙක්ගෙන් පරණ ලී මෝලක් සල්ලි වලට අරන් ඒක ජුක් ජොයින්ට් එකක් බවට පත් කරනවා. ජුක් ජොයින්ට් එකක් කියන්නේ බාර් එකක් වගේ සිංදු කියලා නටලා බීලා, සූදුවක් එහෙම කරලා යන්න පුළුවන් තැනක්. විශේෂයෙන්ම කළු මිනිසුන්ට. ඒකෙ පලවෙනි මහා ආරම්භක රාත්‍රිය ගැන තමයි මේකේ කතාව.
හැබැයි කතාව පොඩී වගේ කියලා හිතුනට එහෙම නෑ, මේකට බොහොම ගැඹුරු දේවල් එකතු කරලා තියෙනවා, හරියට ඒ කාලේ කළු ජාතිකයන්ට තිබුණ අසාදාරණකම් වගේ. ඒ වගේම මේක ලොකු මහන්සියක් වෙලා නිර්මාණය කරපු ෆිල්ම් එකක්. මේකේ අපිට නිවුන්නු දෙන්නගේ චරිතය ඉතා සමීපව දෙන්නගේ අන්තර්ක්‍රියා අපිට බලාගන්න පුළුවන් හරිම තාත්වික විදිහට. ඒකට මෙයාල මේකට විතරක් ආවේනික වුණ ක්‍රම භාවිතා කරලා තියෙනවා. කොටිම්ම කිව්වොත් මේකේ අපිට නිවුන්නු දෙන්න පෙන්වන පලවෙනි දර්ශනය ඒ තියෙන විදිහට ගන්න 17 පාරක් ශූටින් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි පලවෙනි පාරින්ම කවුද ස්මෝක් කවුද ස්ටැක් කියලා ප්‍රේක්ෂකයන්ගේ හිතට කාවද්දන්න, හැම අතින්ම.
ඕක තමයි විස්තරේ බලන්න කැමති අය අනිවා බලන්න. බයවෙන්න දෙයක් නෑ මේකෙ කොච්චර ගැඹුරු දේවල් කතා කරත් තේරෙන විදිහට සරල කරලා ඕන කෙනෙක්ට තේරෙන විදිහට සබ් එක හදලා තියෙනවා. එහෙනම් බලලා කොමෙන්ට් එකකුත් දාගෙන යන්න. ආයෙ උපසිරැසියකින් හමුවෙමු.
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
යෂ් කනංගම
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

September 20, 2024
thanks bn ikmnt sub dunnt
Gemmak tamai… Jaya weewaa… ❤️❤️❤️❤️❤️❤️
Thanks…..
thanks bro
ස්තූතියි මචං උපසිරැසියට