The title of the page
8.6
92

Signal (2016) Complete Season Sinhala Subtitles | ” නොවිසඳුණු අභිරහස් ” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමෝටම 🙏

ඔන්න එහෙනම් මෙවර සති අග කතාමාලා තුලින් අපි අරගෙන ආවේ තවත් විශිෂ්ඨ කොරියානු කතාමාලාවක සම්පූර්ණ උපසිරැසි.ගොඩ දෙනෙක් උපසිරැසි ඉල්ලීම් කලා වගේම ලොවපුරා මහත් ජනප්‍රියත්වයට පත්වුන කතාමාලාවක් තමා මේක.එහෙනම් කතාව පැත්තට හැරෙමු.

කොරියානු උච්චාරණයෙන් ” Sigeuneol ” (시그널) විදියට හඳුන්වන මේ කතාමාලාවේ ඉංග්‍රීසි නම තමා ” Signal “. Fantasy | Mystery | Crime | Thriller මේ සියලු කාණ්ඩ වලට වර්ග කරන්න පුළුවන් මේ ඩ්‍රාම එක 2016 ජනවාරි 22tvNනාලිකාව හරහා තමයි විකාශනය ආරම්භ වෙලා තියෙන්නනෙ.ඉතින් tvN කියන්නෙ කොරියානු ඩ්‍රාම රසිකයන් ගොඩ දෙනෙක් ප්‍රිය කරන  චැනල් එකක්.ඒ චැනල් එකෙන් ලැබුනු විශිෂ්ඨම කොරියානු කතාමාලාව විදියට තමා බොහෝ දෙනෙක් මේක හඳුන්වන්නෙ.ඒවගේම Netflix හරහාත් මේ ඩ්‍රාම එක විකාශය කෙරුනා.මිනිත්තු 80 ක පමණ ධාවන කාලයක් සහිත කතාංග 16 කින් මේ ඩ්‍රාම එක සමන්විත වෙනවා.
IMDB 8.6 ක ඉතා ඉහල අගයක් වගේම MyDramalist එකේ 9/10 කම රේටින් එකක් මේ ඩ්‍රාම එකට ලැබිල තියෙනවා.
මේ ඩ්‍රාම එකේ අධ්‍යක්ශණය සිදු කරල තියෙන්නෙ Kim Won Seok විසින්.එතකොට මේ කතාව ලියල තියෙන්නෙ Kingdom වගේ සුපිරි කොරියන් කතා ලියපු ලේකිඛාවක් වෙන Kim Eun-Hee විසින්.මේ කතාව ලියලා තියෙන්නේ හැම කෙනෙක්ම වගේ ආසාවෙන් බලපු සුපිරිම කොරියන් සොම්බි සීරිස් එක වෙන Kingdom  කතාමාලාව රචනා කරපු Kim Eun Hee ලේඛිකාව විසින්මයි.

( screenwriter : kim eun hee )

ඊළඟට මේ ඩ්‍රාම එකට රංගනයෙන් දායක වුන අය ගත්තම ප්‍රධාන චරිත ත්‍රිත්වයට දායක වෙන්නේ මේ තුන් දෙනා.
• Lee Jee Hoon – පක් හේ යොන්ග් ලෙස
• Kim Hye Soo  – චා සෝ හ්යොන්ග් ලෙස
• Jo Ji Woong    – ලී ජේ හන් ලෙස

දැනට මේ ඩ්‍රාම එකේ ප්‍රතිනිර්මාණ විදියට ” Signal: Choki Mikaiketsu Jiken Sosahan (2018) “ ලෙස ජපානයේත් , ” Unknown Number (2019) “ ලෙස චීනයෙත් විකාශනය වෙලා තියෙනව.ඒ වගේම මෑතකදී රිලීස් වුන The Call (2020) ෆිල්ම් එකටත් මේ ඩ්‍රාම එකේ කන්සෙප්ට් එක පාවිච්චි කරල තියෙනව.නමුත් ඒ ෆිල්ම් එකත් එක්ක මේකෙ සම්බන්ධයක් නෑ ඉතින් පටලවගන්න එපා.ඔය හැමදේටම වඩා ඉහලම මට්ටමක තමයි මේ Signal ඩ්‍රාම එක තියෙන්නේ.
මේ ඩ්‍රාම එක දිනාගත්ත සම්මාන කිහිපයක් තමයි මේ.

  • Baeksang Arts Award for Best Leading Actress in TV 2016
    Signal – Kim Hye-soo
  • Baeksang Arts Award for Best TV Script 2016
    Signal – Kim Eun-hee
  • Baeksang Arts Award for Best TV Drama 2016
    Signal

හරි එහෙනම් දැන් ඩ්‍රාම එක ගැන ලොකු විස්තරයක් කලානේ.ඊලගට යොමුවෙමු ඩ්‍රාම එකේ කතාව පැත්තට.

” මුලින්ම අවුරුදු 15කට කලින් වෙන සිදුවීමක් එක්ක තමා ඩ්‍රාම එක පටන් ගන්නෙ.පක් හේ යොන්ග් කියන්නෙ ප්‍රාථමික පාසල් සිසුවෙක්.ඉතින් මෙයා ටිකක් හුදෙකලාව ඉන්න කැමති කෙනෙක්.කොහොමහරි මේ පාසලේම ගෑනු ලමයෙක් පැහැරගන්නව.ඒක ඇසින් දැක්ක එකම කෙනා තමා මේ පක් හේ යොන්ග්.ඉතින් එයා මේ ගැන පොලීසියට දන්වන්න හැදුවත් එයාල ගනන් ගන්නෙ නෑ.ඉතින් පොලීසියටත් වැරදිකාරයව අල්ලගන්න බැරිවෙලා මේක කෝල්ඩ් කේස් එකක් ( නොවිසඳුණු අපරාධ නඩුවක් ) විදියට ඉතුරු වෙනව.
ඊට පස්සෙ වර්තමානෙ වෙනකොට මේ පක් හේ යොන්ග් ලොකු වෙලා පොලීසියට බැඳිල ඉන්නෙ.ඒත් අදටත් අර ගෑනු ලමයගෙ අභිරහස විසඳිලා නෑ ඒ ලමයගෙ අම්ම එදා ඉදන් අද වෙනකම් සාධාරණයක් ඉෂ්ට වෙනකම් ඉන්නවා.මේක විසඳන විදියත් බලාගන්න පුළුවන් .ඊට පස්සෙ තමා කතාවේ මේන් පොයින්ට් එකට ආරම්භයක් ලැබෙන්නෙ.පක් හේ යොන්ග්ට  බැහැර කරන්න තියෙන කුණු ගොඩකින් පරණ වෝකිටෝකි එකක් හම්බෙනව.ඒකෙන් තවත් පොලිස් පරීක්ෂකයෙක් මෙයාට කතා කරනව.අඩුමතරමේ ඒ වෝකි ටෝකි එකට බැට්‍රියක්වත් නෑ ඒ වගේම කතා කරන කෙනා අතීතේ හිටිය පොලිස් පරීක්ෂකයෙක් කෙනෙක්. “

ඉතින් මොකක් වෙයිද ඊළඟට ? කව්ද මේ කතා කරන පොලිස් නිළධාරියා.කතාවේ ඉදිරි ගලායෑම මොන වගේ වෙයිද..?

ඉතින් ඒ හැමදේම දැනගන්න ආරාධනා කරනව හැමෝටම අරගෙන බලන්න කියල මේ සුපිරි  ඩ්‍රාම එක.තවත් මේ වගේ සුපිරිම කොරියන් ඩ්‍රාම එකකින් අපි ආයෙම හම්බෙමු.දිගටම රැදෙන්න සිනෙරූ සිංහල උපසිරැසි අඩවිය එක්කම.

ධනය , බලය මොනව තිබුනත්…
අපරාධයක් කලොත්…
අපරාධකාරයා ඒකට වන්දි ගෙවන්නම ඕන..

අතීතය වෙනස් කලොත් ….
වර්තමානයත් වෙනස් කරන්න පුළුවන්…

උපසිරැසි ගැන්වීම
– සුපුන් සදීප
– ප්‍රියශාන් ජයරත්න
– මධුශාන් ප්‍රියංකර

ගිහින් එන්නම් …… ඔබට ජය…!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


333
Total Subtitles

27 comments

  1. Superb cineru Team…

  2. ඇත්තටම ඔයලා දෙන කොරියන් කථා හරිම ලස්සනයි .ඒ වගේම ඒ කථා අපේ ගෙදර හැමෝම බලනවා . කියන්න වචන නැහැ නියම වැඩක් .

  3. thankyou so much.

  4. Thanks saho complete series ekak dunnata.🤩🤩

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් හැමෝටම

  6. Wooow😍 complete tv series ekak. Thank you❤ තවත් කොරියන් කතා මාලාවක් ගේන්න හොදේ🤗

  7. අම්මෝ පහරමයී..සුපිරියක් තමා..🔥🔥මේවගේ complete series දෙනවනම් පහර සහෝ..බොහොම ස්තූතියී💖

  8. Gaming with 3idiot's

    Thank you..

  9. thanks you so much

  10. thanks sub ekata………

  11. බලාගෙන හිටිය කතාවක්. ගොඩක් ස්තුති යි.

  12. චානක තිලංක
    Cineru_users

    සුපිරියි ආ සහෝලා ටික නියමෙට වැඩේ කරලා තියෙනවා, බොහොම ස්තූතියි සබට සහෝලා.

  13. tanq mcn… adarey ublata😘

  14. Hansima Rajamanthri

    Thank you soo much

  15. nishani wijesingha

    Thank මේ ඩ්‍රාමා එක දුන්නට ගොඩක් හොය හොයා හිටියේ 🧡 උපසිරැසි එක වීඩියෝ එකෙ අවශ්‍ය තැනදී නෙමේනේ පෙන්නන්නේ ඇයි එහෙම වෙන්නේ ?😭

    • WEB DL කොපිවලට උපසිරැසි ගැලපෙනවා.ඒවා ඩව්න්ලෝඩ් කරගන්න ..ප්‍රශ්නයක් වෙන එකක් නෑ එතකොට

  16. nishani wijesingha

    Ok..thnquu chicago typewriter kiyna drama ekth dennkoo..🧡

  17. මේකෙ වීඩියෝ 720p පිටපත් ටික ගන්න බෑනේ.Page not found කියලා එනවා😪💔

  18. ඔයාලහෙ ටෙලිග්‍රෑම් ගෲප් එකෙත් තියෙන්නේ episode 7ක් වගේ.ඔක්කොම දීල නෑ.පුලුවන් නම් 720p ටික දෙන්න ලොකු දෙයක්

  19. sub ekata thnx kollane

  20. හිරාන් ශාරංග

    ගොඩක්.ස්තුතියි.
    😊🙏

  21. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

  22. Thank you very much… ❤

  23. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login