7.5
94

Shakthi Thirumagan (2025) Sinhala Subtitles | “ මාරාන්තික තැරැව්කරු ” | සිංහල උපසිරැසි සමඟ

Shakthi Thirumagan (2025) Sinhala Subtitles

Shakthi Thirumagan ( ශක්ති තිරුමගන්) 2025 දමිළ සිනමාව. මේක වර්ගීකරණය කරල තියෙන්නේ දේශපාලන , ඇක්සන්, ත්‍රිලර් කියල. අරුවි චිත්‍රපටයෙන් ප්‍රසිද්ධ අරුන් ප්‍රභූගේ අධ්‍යක්ෂණයෙන් හා විජේ ඇන්ටනිගේ රංගනයෙන්. ත්‍රිප්ති රවින්ද්‍රා ඇගේ පළවෙනි චිත්‍රපටයට වේම්බු විදියට තිරයට එනවා . නිෂ්පාදනයත් සංගීතයත් විජේ ඇන්ටනිගේමයි. සිනමාකරණය Shelley R. Calist සංස්කරණය Raymond Derrick Crasta හා Dinsa

විජේ ඇන්ටනි දමිළ සිනමාවේ අඩු තක්සේරුවකින් ඉන්න සිනමා ක්ෂේත්‍රයේ සෑම අංශයකින්ම දක්ෂයෙක්. එයාගේ හැම චිත්‍රපටයකින්ම සමාජයට යම් පණිවිඩයක් ගෙන යන එකනම් කෙරෙනවමයි.

තින් මේ ශක්ති තිරුමගන් හරහා එයා කියන්න යන්නේ දේශපාලනයේ දේශපාලකයන් සිංහයන්සේ ගෙරෙව්වට ඔවුන්ව පාලනය කරන්නේ දේශපාලන නරියන් විසින් කියලයි. ඒ නරින් හා දෙශපාලන තැරැව්කරුවන් නැත්නම් දේශපාලන පිම්පියන් කොතරම් බලවත්ද කියන එක මේ චිත්‍රපටය හරහා පෙන්නල දෙනවා.

ඒ වගේ දේශපාලන තැරැව්කරුවෙක් තමයි මේ කිට්ටු ( විජේ ඇන්ටනි ). දේශපානය නොකර දෙශපාලනයෙන් වැඩ ගන්න වැඩ කරගන්න තැරැව්කරුවෙක්. මේ වගේ අයට කියන්නේ ෂැඩෝ ඒජන්ට් කියල. වැඩේ කරන එක්කෙනා මෙයා කවුද කොහෝමද කියල දන්නේ නෑ. මෙයාගේ අරමුණු හා ඉලක්කය තමයි මේ කතාව. තනි මයින්ඩ් ගේම් ෆිල්ම් එකක්. කම්මැළි නැතිව බලන්න පුලුවන් එකක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDCAM
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


270
Total Subtitles

2 comments

  1. Sagara Kankanamge tharindu

    how i can download this film??

  2. ස්තූතියි පීටර් අයියේ සබ් එකට…………
    ඔරිජිනල් ආපුහම අප්ඩේට් එක ඕනේ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login