Run on (2020) E01 Sinhala Subtitles
Run on (2020) E01 Sinhala Subtitles
8.4
97%

Run on (2020) E01 Sinhala Subtitles | නොනවතින ධාවනයක ඇරඹුම | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම , ඔන්න අද මං මගේ පලවෙනි උපසිරැසි මාලාව විදිහට ඔයාලට අරන් ඇවිත් තියෙන්නේ JTBC කොරියානු රූපවාහිනි නාලිකාවේ සහ අන්තර්ජාතිකව Netflix හි මේ වන විට විකාශය වන තවත් ලස්සන කොරියානු නාට්‍යයක සිංහල උපසිරැසියි.

Run on නැත්නම් warm up ලෙසින් නම් කර ඇති මම නාට්‍යයේ ප්‍රධාන චරිත ලෙසින් Im Si-wan , Shin Se-kyung , Choi Soo-young හා Kang Tae-oh රංගනයෙන් දායක වෙනවා. කොටස් 16 කින් සමන්විත මෙම ටෙලිකතා මාලාව සතියේ බදාදා සහ බ්‍රහස්පතින්දා යන දිනයන්හි විකාශය වන අතර. 2020 දෙසැම්බර් 16 වෙනි දින විකාශය ආරම්භ කර ඇති මෙම ටෙලිකතා මාලාව 2021 පෙබරවාරි 04 වෙනි දිනට විකාශය අවසන් වන බවට නිවේදනය කර ඇත. මේ වන විටත් මෙහි කොටස් හතරක් විකාශය වී ඇති අතර ඒවායේ උපසිරැසිද ඉක්මනින්ම ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙන අතර පලමු කථාංගයේ සාරාංශය මෙසේයි.

කොරියාවේ ජාතික මලල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන සියොන් ගියොම් , නිළියක් වූ තම මව සමග පැවති අන්නම් සිනමා උළෙලට සහභාගි වෙයි. චිත්‍රපටයන්හි උපසිරැසි නිර්මාණකරුවෙක් වන මී ජූ ද මෙයට සහභාගි වෙයි. මී ජූ ගේ පරණ පෙම්වතා චිත්‍රපටයේ ඇගේ දායකත්වය අගය කිරීමක් වෙනුවෙන් රෑ කෑමකට ආරාධනා කරන අතර එහිදී ඇගේ මහාචාර්යවරයා සමඟ සිදුවන රසවත් සිදුවීමක් හා සබැඳිව ඇගේ චරිතය මෙම කොටසින් දිග හැරෙයි. ඒ හේතුව නිසාම ඇයට අවසානයේ සියොන් ගියොම් ව මුණ ගැසෙන අතර මෙහි සියොම් ගියොම්ගේ ක්‍රීඩා ජීවිතය සහ ඔහුගේ පවුල් ජීවිතයේ කොටස් කිහිපයක්ද ඇතුලත් වෙයි.

අනිවාර්යෙන්ම මෙය විනෝදාස්වාදයෙන් පිරි ටෙලිකතා මාලාවක් බවට කියන්න පුලුවන්. ඉතින් මේ මගේ පලවෙනි උපසිරැසිය නිසා ඒ ගැන ඔයාලගේ අදහස් බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් සිනෙරූ වෙබ් අඩවියටත් ස්තූතිවන්ත වෙන ගමන්ම දෙවෙනි කොටසත් අරගෙන ඉක්මනින්ම මං එන්නම්, එතකම් හැමෝම පරිස්සමින් ඉන්න,

බුදු සරණයි!

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
Download|277

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉශ් තිලකරත්න සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉශ් තිලකරත්න

December 27, 2020


3
Total Subtitles

19 comments

  1. Thank you so much

  2. ස්තූතියි.. සුබපැතුම් keep it up..🤗🤗👏👏👏😍😍

  3. tnx sub ekata ..palaweni sub ekata suba pethum ..digatama sub denna ..

  4. පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝදරි 🙏❤

  5. Tanks sub ekata 😘😍

  6. පලවෙනි උපසිරසට සුබ පැතුම්❤️ ඉක්මනින් next episodes වලටත් සබ් ගේන්නකෝ😘 Thank you.

  7. බොහොම ස්තුතියි මේක මම බලපු ගොඩාක් ලස්සන කොරියන් ටිවී සිරියස් එකක් ඉතිරි කොටසත් ඉක්මනින් සබ් දෙන්න .

  8. good luck !!!!!! but . oyata puluwan nm Romantic Doctor, Teacher Kim season 1 and 2 subtitle denna .hadissiyak na himihita denna .please .mn godak ayata kiyanawa thama no reply …..

  9. and thank you sub ekata thawa godak karanna .mn kiuwwa dekath balanna!!!

  10. නියමයි ඉශ් පළවෙනි උපසිරසියට උණුසුම් සුහ පැතුම්!.දිගටම වැඩේ කරගෙන යන්න සුභ පතනවා! ජය වේවා!😍😍😍❤️❤️❤️🔥🔥🔥👍👍👍💯💯💯

  11. තෑන්ක් සබ් එකට

  12. నిరోషన్
    Cineru Family Member

    බොහොම ස්තුතියි උපසිරසට

    තවත් මේ වගේ උපසිරස කරන්න ඔබට හැකියාව ලැබේවා

    බුදුසරණයී

    උපසිරස කීවොත් සිනේරූ තමයි. ආදරෙයි සිනේරූ ඔයාලට ❤

  13. බොහොම ස්තුතියි

  14. සුබපැතුම් එක් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි❤😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *