(Robinhood (2025) Sinhala Sub) (Robinhood (2025) Sinhala Subtitles) (Robinhood (2025) Sinhala Subtitle) (Robinhood Sinhala Subtitles) (Robinhood Sinhala Subtitle)
සුභ දවසක් හැමෝටම,
ඔන්න මම අද සිනෙරූ නිවහනට ගොඩ වැදුනේ 2025 මාර්තු 28 වන දින තිරගත කිරීම් ආරම්භ වුණු “රොබින්හුඩ්” කියන අලුත්ම තෙළිඟු චිත්‍රපටයේ උපසිරැසි අරගෙන. වෙන්කි කුදුමුලාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ චිත්‍රපටයේ නිතින් සමගින් ශ්‍රීලීලා ප්‍රධාන නළු නිළි දෙපල ලෙස රංගනයෙන් දායක වෙනවා.
පැය 2යි මිනිත්තු 30කට ආසන්න ධාවන කාලයක් හිමි මේ රොබින්හුඩ් චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ආදායම ඉන්දියන් රුපියල් කෝටි 14ක් පමණ වෙන අතර එහි නිෂ්පාදන වියදම ඉන්දියන් රුපියල් කෝටි 60ක් පමණ වෙනවා. ක්‍රයිම්, ඇක්ෂන්, සහ කොමඩි ශානරය යටතේ දිවෙන මේ චිත්‍රපටයට මිශ්‍ර ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවෙලා තියෙනවා බලාගන්න පුළුවන්. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයෙන් G.V.ප්‍රකාශ් කුමාර් දායක වෙන අතර, සිනමාකරණය සායි ශ්‍රීරාම් විසින් සිදුකරලා තියෙනවා.
හරි, එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත්,
Nithiin – [රාම්] / [රොබින්හුඩ්]
Sreeleela – [නීරා වාසුදේව්]
Vennela Kishore – [ජෝති]
Rajendra Prasad – [ජෝන් ස්නෝ]
Devdatta Nage – [ස්වාමි]
Shine Tom Chacko – [වික්ටර් වර්ගීස්]
David Warner – [ඩේවිඩ් භායි] – ආරාධිත රංගනය
තම රට එයාගේ පවුල විදියට දකින රාම්.. දුෂ්කරතා වලින් පෙළෙන අනාථ නිවාස වලට මුදල් සපයන්න පොහොසතුන්ගෙන් හොරකම් කරන්න පටන් ගන්නවා. කාලයක් තිස්සෙ මංකොල්ල කන මේ රොබින්හුඩ් නමින් හැඳින්වෙන මංකොල්ලකාරයා අල්ලන්න පොලිසිය ලුහුබඳිනවා. මේ මෙහෙයුමට වික්ටර් වර්ගීස් කියන වල් බල්ලෙකුත් එකතු වෙනවා. රොබින්හුඩ්ට විවේකයන් දුන් රාම් පසුව ජෝන් ස්නෝ කියල කෙනෙක් කරගෙන යන ආරක්ෂක ඒජන්සියකට සම්බන්ධ වෙනවා.
ඒ අතර ධනවත් AV Phama සමාගමේ අභිනව් වාසුදේව්ගේ දුව නීරා වාසුදේව්ට ඇයගේ මව් පාර්ශවයේ ඥාතීන්ගෙන් ඇමතුමක් ලැබෙනවා ඇයට ඉන්දියාවට පැමිණ ඇයගේ සීයාව මුණ ගැහෙන්න කියලා. ඒ එක්කම ඇයට ඉන්දියාවේදි ආරක්ෂාව සපයා ගන්න ඉන්දියාවේ අංක එකේ ආරක්ෂක ඒජන්සිය සම්බන්ධ කර ගන්නවා.
මම කතාව තවත් කියන්න යන්නේ නෑ, ඔයාල බලලම ඉන්නකෝ !
එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිෂ්ක සංකල්ප
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

July 7, 2022
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H
Online blnn bhni 😓