The title of the page
Revival (2025) E04 Sinhala Subtitles
Revival (2025) E04 Sinhala Subtitles
7.7
50

Revival (2025) E04 Sinhala Subtitles | ”පුනර්ජීවනය” | සිංහල උපසිරැසි සමඟ

පාලම මතදී අභිරහස් ලෙස මියගිය ‘එම්’, තමන්ගේම ඝාතකයා සොයා යන ගමනේ තීරණාත්මක තැනකට පැමිණ තිබේ! ඇයට මිනීමරුවාගේ සෙවනැල්ලට තව තවත් කිට්ටු වෙන්නට හැකි වෙයිද? මේ අතරතුර, කූඩාරමක රාත්‍රියක් ගතකරන කූපර් සහ ජෝර්ඩන්ට මුහුණ දෙන්නට සිදුවන්නේ හිතාගන්නටවත් බැරි අද්භූත අත්දැකීමකටයි. එය මනුෂ්‍යයෙක්ද? නැත්නම් ඊටත් වඩා භයානක දෙයක්ද?

ඒ සමඟම, ඩයේන් සඟවාගෙන සිටි දරුණු රහසක් වේන්ට දැනගන්නට ලැබෙන අතර, ඩේනා සියල්ල වෙනස් කළ හැකි අවදානම් තීරණයක් ගනී. මේ සියළුම ගැටළු අතරේ, එම් තම කෝපය පාලනය කරගැනීමට උපදේශකවරයෙකු හමුවෙයි. එකිනෙකට සම්බන්ධ වූ මේ සිදුවීම් දාමය, සියල්ලන්ගේම ජීවිත කණපිට හරවන්නට ආසන්නයි!

“උපසිරැසිකරුගේ ඇසින්”:

ඇත්තටම කිව්වොත්, මේ කතා මාලාවේ හතරවෙනි කොටසට උපසිරැසි ගන්වද්දී මට හිතුනේ එකම දෙයයි… “මොකක්ද මේ වෙන්න යන්නේ?” 🤯. මේ කොටස මුල ඉඳන් අගටම ප්‍රේක්ෂකයාව පුටුව කෙළවරටම අරන් එන, හුස්ම හිරවෙන ගමනක් කිව්වොත් නිවැරදියි.

‘එම්’ එයාගේ මිනීමරුවාට ටිකෙන් ටික ලංවෙන හැම තත්පරේකම අපේ හද ගැස්ම වැඩි වෙනවා. 🎬 ඒ අතරේ කූපර් සහ ජෝර්ඩන්ගේ කූඩාරම් සිද්ධිය… ඒක නම් නිකන්ම නිකන් බයවීමක් නෙවෙයි, ඇඟේ ලේ වතුර වෙන ජාතියේ ත්‍රාසයක්! 😨 මම ඒ කොටස් වලට සබ් දාද්දීත් ඇඟේ හිරිගඩු පිපුණා. අනෙක් පැත්තෙන් හැම චරිතයක්ම වගේ රහසක් හිතේ තියාගෙන ඉන්නවා. වේන් දැනගන්න රහසත් එක්ක කතාව තවත් පැත්තකට පෙරළෙනවා.

කතාව ඉවරවෙන්නේ ඔලුව සම්පූර්ණයෙන්ම අවුල් කරලා, “ඊළඟට මොකද වෙන්නේ?” කියලා හිතාගන්නවත් බැරි තැනකින්. 😱🔥 මේ කොටස Revival කතාවේ ගොඩක් වැදගත් කඩඉමක්. මේකේ තියෙන අභිරහසයි, ත්‍රාසයයි, චරිතවල ගැඹුරයි උපරිමයෙන්ම විඳගන්න ඕන නම්, අනිවාර්යයෙන්ම බලන්න! මම වගකීමෙන් කියනවා, ඔයාලා කවදාවත් පසුතැවෙන්නේ නෑ. 👍💯

ප්‍රේක්ෂක නිර්දේශය:

කතාවේ අන්තර්ගතය සහ ත්‍රාසජනක ස්වභාවය නිසා, මෙය වැඩිහිටි සහ යොවුන් ප්‍රේක්ෂකයින් සඳහා වඩාත් සුදුසු නිර්මාණයකි. (Mature audiences recommended) 👍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිලූෂ දිසානායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිලූෂ දිසානායක

April 16, 2025


82
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login