(Reacher (2022) S03E07 Sinhala Subtitles) (Reacher S03E07 Sinhala Subtitles) (Reacher (2022) S03 Sinhala Subtitles) (Reacher S03 Sinhala Subtitles) (Reacher Sinhala Subtitles) (Reacher S01 Sinhala Subtitles) (Reacher S01 Sinhala Subtitles)
සුබ දවසක් හැමෝටම..
ඔන්න අදත් තවත් ජනප්‍රිය කතා මාලාවක නිකුත් වුණ අලුත්ම සීසන් එකකට සිංහල උපසිරැසි අරගෙන තමයි මේ පැත්තට ආවේ.. වැඩි කතා නැතුව අපි බලමු මොකද්ද මේ සීරිස් එක කියලා.. මේ තමයි ගොඩක් දෙනෙක්ගේ ආදරය දිනාගත්ත 2022 වසරේ නිකුත් වුණ Reacher කතා මාලාවේ තුන්වන කතා සමය.. ඉතින් මේ තුන්වෙනි කතා සමය ටෙලිකාස්ට් වෙන්න පටන් ගත්තේ පහුගිය පෙබරවාරි 20 වෙනිදා.. ඒ වගේම ටෙලිකාස්ට් වෙලා ඉවර වුණේ පහුගිය මාර්තු 27 වෙනිදා.. මේ ටීවි සීරිස් එකේ Crew එක ගැන කතා කරනවනම් මේකේ Creator විදියට කටයුතු කරන්නේ Nick Santora.. අධ්‍යක්ෂණය ගැන කතා කරනවනම් දැනට මුලු කතා මාලාවෙම නිකුත් වෙලා තියන එපිසෝඩ්ස් 24 අධ්‍යක්ෂකවරුන් 11 අතින් වෙන් වෙන් වශයෙන් අධ්‍යක්ෂණය වෙලා තියනවා.. ඒ අතරින් Sam Hill විසින් එපිසෝඩ්ස් 10ක් අධ්‍යක්ෂණය කරලා තියනවා.. Ratings පැත්ත ගැන කතා කරොත් 8/10 ක් වගේ හොඳම IMDb රේටින්ග්ස් අගයක් ලබා ගන්න මේ රීචර් කතා මාලාව සමත් වෙලා තිබීම විශේෂ කරුණක්.. මොකද සාමාන්‍යයෙන් ගොඩක් කතා මාලාවල පළවෙනි සීසන් එකෙන් පසුව එන සීසන් ගොඩක් දුරට මුල් සීසන් එක සමඟ සසඳන විට ප්‍රේක්ෂක අප්‍රසාදයට ලක්වෙන එක බහුලව දැකගන්න පුලුවන් වුණත් මේ රීචර් කතා මාලාව මේ සීසන් තුන පුරාම මේ වගේ ඉහළ රේටින්ග් අගයක් පවත්වගෙන යාමෙන්ම එහි සාර්ථක්වය ගැන අදහසක් අපිට ලබා ගන්න පුලුවන්..
හරි..එහෙනම් අපි බලමු Reacher කතා මාලාවේ පසුබිම ගැන ටිකක්..ඇත්තටම මේ කතා මාලාව නිර්මාණ වෙලා තියෙන්නේ අදටත් ලෝකයේ වැඩිම අලවියක් සිදුවන නවකතා මාලාවක් වෙන Lee Child විසින් රචිත Jack Reacher බුක් සීරිස් එක.. ඉතින් මේ බුක් සීරිස් එකේ පලවෙනි පොත නිකුත් වෙන්නේ 1997 වර්ෂයේ.. ඒ වර්ෂයේ ඉදන් 2024 වර්ෂය වෙනකන් මේ බුක් සීරිස් එකේ පොත් සීරිස් 29ක් නිකුත් වෙලා තියනවා.. ඒ වගේම මේ අවුරුද්දේ නොවැම්බර් මාසයේ 30 වෙනි පොත් සීරිස් එකත් රිලීස් වෙනවා කියලා අන්තර්ජාලයේ සඳහන් වෙනවා.. ඉතින් Reacher ටීවි සීරිස් එකේ පලවෙනි සීසන් එකට පාදක වෙලා තියෙන්නේ Jack Reacher බුක් සීරිස් එකේ පලවෙනි බුක් සීරිස් එක වුණ 1997 නිකුත් වුණ Jack Reacher: Killing Floor කියන පොත.. ඒ වගේම දෙවනි සීසන් එක සඳහා 11 වෙනි පොත වෙන 2007 අවුරුද්දේ නිකුත් වුණු Jack Reacher: Bad Luck and Trouble කියන පොත තමයි පාදක වෙලා තියෙන්නේ.. ඉතින් අපි අද අරගෙන ආව තුන්වෙනි සීසන් එකට පාදක වෙලා තියෙන්නේ 2003 අවුරුද්දේ නිකුත් වුණ Jack Reacher: Persuader කියන 7 වෙනි පොත…
Lee Child ගේ Jack Reacher නවකතා මාලාව
දැන් අපි මේ තුන්වෙනි සීසන් එකේ කාස්ට් එක ගැන ටිකක් බලමු.. සුපුරුදු පරදි ප්‍රධාන චරිතය වෙන Reacher ගේ චරිතය Alan Ritchson විසින් රඟ දක්වනවා..ඊට අමතරව Brian Tee, Sonya Cassidy, Maria Sten, Roberto Montesinos, Olivier Richters, Johnny Berchtold, Anthony Michael Hall වැනි අය අනෙකුත් සෙසු ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙලා තියනවා..
රීචර්ගේ චරිතයට රංගනයෙන් දායක වන Alan Ritchson
මේ තුන්වෙනි සීසන් එකේ කතාව ගැන කෙටියෙන් කියනවනම් DEA (Drug Enforcement Administration) එකට අයත් රහස් නියෝජිතයෙක්ව බේරගන්න උත්සාහ කරන රීචර්ට ලොකු අපරාධ ව්‍යාපාරයක් තුළට ඇතුල් වෙන්න සිද්ධ වෙනවා..ඉතින් මේ අතරෙදි රීචර්ට ප්‍රධාන සතුරා විදියට මුණ ගැහෙන්නේ තමන් අතින් මැරුණා කියලා රීචර් හිතාගෙන ඉඳපු රීචර්ගේ පරණ හතුරෙක්.. ඉතින් තමන් මරපු කෙනා ආපහු පණ පිටින් ඉන්නවා කියලා දැනගත්තම රීචර් වගේ කෙනෙක්ට මොකද හිතෙන්නේ කියලා කතා මාලාව මුල ඉඳන් නරඹපු අයට අමුතුවෙන් කියන්න ඕන නෑනේ..ඉතින් තමන්ගේ පරණ කෝනතරෙත් පිරිමහගන්න හිතාගෙන වැඩේට බහින රීචර්,
අවසානෙට තමන්ගේ මෙහෙයුම සාර්ථක කරගනීද?
මොකද්ද රීචර්ට මේ ප්‍රධාන සතුරත් එක්ක තියන පරණ කෝන්තරේ ?
කියන හැමදේකටම උත්තර හොයාගන්නම් ඔයාලට මේ රීචර් කතා මාලාවේ තුන්වෙනි සීසන් එක නරඹන්නම වෙනවා..
ඒ වගේම මතක් තරක්ක ඕන මේ සීසන් එකේ එපිසෝඩ්ස් වලට 18+ Category එක යටතට අපි යොදලා තියෙන්නේ ගොඩක්ම මේකේ භාවිතා වන වචන නිසා කියලා.. ටිකක් අසභ්‍ය වචන වැඩිපුර භාවිත වෙන නිසා තමයි එහෙම යොදන්න හිතුවේ.. එහෙනම් ඉතින් අද ඉදන් එක පෙළට Reacher Season 3 නරඹන්න සූදානම් වෙන්න කියලා මතක් කරන ගමන් අදට සමුගන්නම්..
ඔයාලගේ අදහසුත් පහළින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා..
හැමෝටම ජය වේවා..!!
✍️ සටහන – අංජුල උමේෂ්
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

August 23, 2019
තෑන්ක්ස් මචං සබ් එකට