The title of the page
Raayan Sinhala Subtitle
Raayan Sinhala Subtitle
6.9
77
94

Raayan (2024) Sinhala Subtitles | “ලේ කැක්කුම” | සිංහල උපසිරැසි සමඟ

(Raayan (2024) Sinhala Subtitles ) (Raayan (2024) Sinhala Sub) (Raayan Sinhala Subtitles) (Raayan Sinhala Sub) (Raayan (2024) Tamil Movie Sinhala Subtitles) (Raayan (2024) Tamil Movie Sinhala Sub) (Raayan Tamil Movie Sinhala Subtitles) (Raayan Tamil Movie Sinhala Sub)

සුභ දවසක් හැමෝටම!

ඔන්න ඉතින් ගොඩක් අය ඔරිජිනල්ම ඕන කිය කිය බලන් හිටපු ඉන්දියන් සිනමාවේ සුපිරි නළු ධනුෂ් මේ අවුරුද්දේ දුන්නු බ්ලාස්ට් එකේ ඔරිජිනල් WEB වීඩියෝ පිටපත් අද උදේ Amazon Prime හරහා නිකුත් වුණා.. සුපුරුදු විදියට මට මේ වැඩෙත් පැවරූ සමිත අයියටයි සපෝර්ට් එක දුන්නු අංජුල අයියටයි උචී අක්කටයි ගොඩක් ස්තුතියි මුලින්ම ❤️🔥 

රායන් 2024

රායන් කියන්නෙ මේ අවුරුද්දේ ගොඩක් දෙනෙක් බලාපොරොත්තු තියාගෙන හිටපු ෆිල්ම් වලින් තවත් එකක්.. ඒකට හේතුව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.. ඒ නුෂ් නිසා.. අනික් සුවිශේෂීම කාරණේ තමයි මේක දනුෂ්ගේ 50 වෙනි සිනමාපටය.. ඒවගේම මේක අධ්‍යක්‍ෂණය සහ කතාව දෙකම දනුෂ්ගේ වීමත් සුවිශේෂීත්වයක්..

මේ අවුරුද්දේ ජූනි 26 වෙනිදා නිකුත් වෙච්ච Sun Pictures Kalanithi Maran නිෂ්පාදන දායකත්වය දුන්නු මේ ෆිලුම අයත් වෙන්නේ Action & Thriller කියන කැටගරි එකට.. කිසිම කම්මැලිකමක් නැතුව මුල ඉදන්ම Thrill එකේ ගැම්මක් එක්ක බලන්න පුළුවන් කියලා අනිවාර්යෙන් කියන්න ඕන.. විශේෂම දේ මේකේ ඇක්ෂන් පොඩ්ඩක් තාත්වික ගතියට කරල තිබුනා.. ගුරුත්වාකර්ෂණ ෆයිට් ටිකක් අඩුවෙන් තමයි තිබුනේ.. ඒ නිසා මේක මිස් කරගන්න එපා.. අනිවාර්යෙන් බලන්න..

අධ්‍යක්ෂණය සහ කතාව – Dhanush

භාෂාව – දමිළ

රංගනය – Dhanush, Dushara Vijayan, S. J. Suryah, Prakash Raj, Selvaraghavan, Sundeep Kishan, Kalidas Jayaram

සංගීතය – A. R. Rahman

ධාවන කාලය – 145 මිනිත්තු

Dhanush කාතවරයාන් නොහොත් රායන්

ධනුෂ් එයාගේ 25 වෙනි ෆිලුම විදියට දීපු අමුතුම ස්ටොරියක් තියෙන velaiyilla pattathari ෆිලුම 2014 කාලේ ලොකු පිස්සුවක් උනා හැමෝටම මතක ඇතිනේ.. ඔන්න ඊටපස්සේ එයාගේ 50 විදියටත් එයා අපිට ඒවගේම අමතක නොවෙන තවත් සුපිරියක් දීලා තියෙනවා.. වැඩේ කියන්නෙ මේ ෆිලුමේ කතාව සහ අධ්‍යක්ෂණය දෙකම ධනුෂ්ගේ.. එතැනින්ම පේනවනේ ධනුෂ් අරන් තියෙන රිස්ක් එක කොහොමද කියලා.. ධනුෂ්ගේ Pa Pandi 2017 ෆිලුමෙන් පස්සේ එයාගේ දෙවනි සිනමා අධ්‍යක්ෂණය තමයි මේක.. හැබැයි පලවෙනි දෙවනි කියලා නෑ සෑහෙන්න පළපුරුදු අධ්‍යක්ෂකවරයෙක් වගේ වැඩේ නිට් එකට කරල තිබ්බ.. තැනක ධනුෂ්ගේ අයියා සෙල්වරාගාවන් කියලා තිබුනා “මෙයා මේ ෆ්‍රේම් කලර්ස් කොහෙන් ඉගෙනගත්තද මන්ද” කියලා..

හැබැයි මේ ෆිලුමේ Main Character එක ධනුෂ්ට සෙට් උනේ නැත්තම් එයා ඒක රගපාන්න රැජිනිව තෝරාගන්නව කියලත් ධනුෂ් කියලා තිබුන.. කොහොම හරි ෆිලුම ධනුෂ්ගේ නිසාදෝ මන්ද ධනුෂ් තමන්ව වැඩිය පුම්බල පෙන්නන්න දගලලා තිබ්බේ නෑ.. අනික එයාට දෙබස් ගොඩක් තිබ්බෙත් නෑ.. හැබැයි ඇක්ටින් නම් Next Level 🔥 අනික් ෆිල්ම් වල වගේ නැතුව hair style එක පවා වෙනස් කරල අමුතුම ලුක් එකකින් Character එක Build up කරල තිබුනා ධනුෂ් .🔥 මිලර් එකත් එක්ක තිබ්බොත් මේක කිසිම බයක් නැතුව උඩින් තියන්න පුළුවන් ෆිලුමක්‌ ❤️

Dushara Vijayan දුර්ගා ලෙසින්

ධනුෂ්ගේ චරිතයට පස්සේ වැඩිම පැසසුමක් ලැබුනේ “දුර්ගා” කියන චරිතයට.. 2023 අවුරුද්දේ ආපු Arjun Das ගේ Aneethi ෆිලුම බලපු අයට නම් මෙයාව අමතක වෙන්න විදිහක් නෑ.. මේ නිළියගේ මේ ෆිලුමේ නම් පට්ටම Acting තිබ්බ.. චරිතයට ලොකු සාදාරනයක් කරල තිබුනා..ඉස්සරහට එන්න තියෙන රැජිනිගේ Vettaiyan ෆිලුමෙනුත් මෙයාව බලාගන්න පුළුවන් වෙයි ඔයාලට ❤️

Sandeep Kishan මුත්තුවේල් ලෙසින්

සංදීප් කියන්නෙ ගොඩක් දෙනෙක් ආදරේ කරන චරිතයක් නෙ.. අනික සංදීප් Captain Miller 2023 ෆිලුමේත් ධනුෂ් එක්ක රගපෑවා කියලා හැමෝම දන්නවනේ.. ඉතින් මේකෙත් ඊට නොදෙවැනිව සංදීප් ධනුෂ් එක්ක කරට කර රගපානව.. 🔥

Kalidas Jayaram මානික්කම් ලෙසින්

මෙයාව නම් ගොඩක් අයගේ ඇහැට ලොකුවට හුරු නැතුව ඇති.. ඒත් 2022 ආපු බ්ලොක් බාස්ටර් කුඩු පට්ටම් කරපු Vikram ෆිලුමේ මෙයා වැදගත් චරිතයක් කරා.. මේ ෆිලුමේත් රංගනය ඉහළ මට්ටමක තිබ්බ කියන එකයි මගෙ අදහස නම් ❤️

Selvaraghavan සේකර් ලෙසින්

මේ ෆිලුමේ ධනුෂ්ට පස්සේ මට හිතට අල්ලලා ගියපු අනික් Character එක.. සේකර්ගේ චරිතේ ධනුෂ් මාරම කොලිටියට Buildup කරල තිබුනා..ධනුෂ්ගේ ඇත්ත ජිවිතේ ඔහුගේ අයියා වගේම ෆිලුමේත් ඒ හා සමාන චරිතයක් සේලවාට දීලා තිබුණු එක සහ ඒ චරිතයට ඔහුගේ තිබුණු ගැලපීම වෙනම ලෙවල් එකක තිබ්බ.. චිත්‍රපටය ඇතුලෙ ධනුෂ්ගේ චරිතය ගොඩක් ඔසවල තියන්න සේකර් කියන චරිතය ලොකු දායකත්වයක්‌ දුන්න වගේම, රංගනය නම් අතිශය සුපිරි විදියට තිබුනා ❤️

S. J. Suryah සේතු ලෙසින්

අපි සාමන්යෙන් විලන් රෝල් වලට කැමති නෑ නෙ.. හැබැයි මෙන්න මේ නළුවා විලන් රෝල් එකක් කරොත් ෆිලුම සෙට් නැතත් ගොඩක් අය ෆිලුම බලනවා.. ඒකට හේතුව SJ විලන් කරද්දි තියෙන බලන් ඉන්න හිතෙන ගතිය.. විලන් උනත් ඒක හාස්‍යයක් එන විදියට දෙබස් උනත් ඉදිරිපත් කිරීමේ හැකියාවක්‌ SJ ට තියෙනවා.. 2017 ආපු Spyder වගේ අතිශය අසාර්ථක වෙච්ච ෆිලුමක උනත් SJ ගේ විලන් රෝල් එකට හොදම දුෂ්ටයාගේ චරිතය වෙනුවෙන් Vijay Award පවා ලැබුනා සහ ගොඩක් දෙනෙක්ගේ පැසසුමට ලක් උනා.. ඉන් පස්සේ අපිට ගොඩක් චිත්‍රපට වල අපිට SJ ව විලන් රෝල් එකෙන් දැකගන්න පුළුවන් උනා.. ඒ අතරින් Don 2022 ෆිලුමේ කරපු චරිතය ගොඩක් දෙනෙක්ගේ සිත් ගත්ත වගේම ගොඩක් දෙනෙක් ආදරය කරපු චරිතයක් උනා.. ඊටපස්සේ විශාල් එක්ක Mark Antony ෆිලුමේ කරට කර රගපාල ඒකෙ ප්‍රධාන නළුවා විශාල් කියන කාරණේ අපිට අමතක කළා.. ඊටපස්සේ 2023 Karthik Subbaraj එක්ක එකතුවෙලා, රාගවා එක්ක අපිට තවත් බ්ලොක් බාස්ටර් හිට් එකක් දුන්න Jigarthanda DoubleX කියලා.. ඔහොම ඉදල ඔන්න මෑන් අපිට ධනුෂ් එක්ක එකතුවෙලා තවත් පිස්සුවක් දීලා තියෙනවා 🔥 තවත් එපා වෙන්නැති විලන් රෝල් එකක් 🔥 ඔන්න ඉතින් ඉස්සරහට එන්න තියෙන සුපිරි ෆිල්ම් සෙට් එකකම SJ ඉන්නවා කියලා ආරංචි තියෙනවා.. ඒවා පිලිවෙලින් කිව්වොත් නානිගේ Saripodhaa Sanivaaram, රාම් චරන්ගේ Game Changer, කමල් හසන්ගේ Indian 3, ප්‍රදීප් රංගනාතන්ගේ Love Insurance Kompany, කාර්තිගේ Sardar 2..

න් මු හෙම් ස්මො වෙන්නෙ කිලා ❤️🔥

කතාව පොඩ්ඩක් කියන්නම්

කතාවරායන් නොහොත් රායන් කියන්නෙ ෆාස්ට් ෆුඩ් කෑම කඩයක් කරගෙන තමන්ගේ නංගිවයි මල්ලිලා දෙන්නවයි බලාගෙන බොහොම පාඩුවේ ඉන්න කොල්ලෙක්.. මෙයාගේ අම්මා තාත්තා පොඩි කාලෙදිම අතුරුදහන් වීමත් එක්ක රායන් තමන්ගේ පවුලෙ බර කරට අරගන්නවා.. තමන්ගේ සහෝදරයන්ව එයා බලාගන්නේ හරියට තාත්තා කෙනෙක් වගේ.. මෙයාගේ සහයට මෙයා පොඩි කාලේ ඉදන්ම ලගින් ඉන්නෙ සේකර් අයියා.. මෙයාගේ එක මල්ලි කෙනෙක් තමයි මුත්තුවේල් කියන්නෙ, කිසිම වැඩක් පලක් නොකර ගෙදරින් කකා අනවශ්‍ය ප්‍රශ්න ගැටුම් දාගන පොලිසි ගානේ යන පොරක්.. ඔහොම අනවශ්‍ය ප්‍රශ්න දාගන්නේ නැතුව පාඩුවේ පවුල ඒවගෙන් ඈත් කරනගෙන ඉන්න රායන්ට, මුත්තුවේල් අරගෙන එනවා ලොකු ප්‍රශ්නයක්.. ඒ බාර් එකක සිද්ද වෙන සිද්දියක් අතරේ ඒ පළාතේ ලොකු මැරයෙක් වෙච්ච දොරෙයි කියන පුද්ගලයගේ පුතාගේ මරණය.. මේ මරණය වෙන්නේ මුත්තුවේල් අතින් නොවුනත් එයාව ඒකට පැටලෙනවා.. මේ සිද්දිය නිසා කිසිම ප්‍රශ්නයක් දාගන්නේ නැතුව ඉන්න රායන්ට දොරෙයිව මරන්න සිද්ද වෙනවා.. හොදට තිබුන පවුලට එකපාරටම හෙනයක් ගැහුවා වගේ වෙන්නේ ඔන්න ඔතන ඉදන්..

මෙතනින් එහාට මොකද වෙන්නේ කියලා දැනගන්න මේ සුපිරිය බලන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා ❤️

අදට ගිහින් එන්නම් ❤️ බුදු සරණයි ❤️ ජයවේවා ❤️

මෙම උපසිරැසියට ගැළපෙන වීඩියෝ පිටපත අපගේ වෙබ් අඩවියෙන් භාගත කරගන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


111
Total Subtitles

20 comments

  1. Mammuttige Turbo Malayalam Movie Akata sub Ake dennko plz

  2. Sivakumar Sabilash
    Cineru_users

    Mammuttige Turbo Malayalam movie Akata sub Ake dennko plz

  3. the akaali (2024) sub dennako

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා ……………
    100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…
    නිදුක් වේවා …..!!
    නිරෝගි වේවා …..!!
    දීර්ගායු ලැබේවා …..!!

  5. thnks bro sub ekata
    meka cam pitapathak da?

  6. Uchini Perera
    Cineru Family Member

    නියමයි සුබ පැතුම් මල්ලි 👏💐
    සබ් එකට ස්තූතියි ❤️💥

  7. samith
    Cineru_users

    Original awama update ekaka denna bro

  8. Buddhika laKMal
    Cineru_users

    100ට සුබ පැතුම් ශානා….
    150ත් ගහමු ….
    කරන කියන සියලු වැඩටයුතු සාර්තක වේවා……
    ජයවේවා………

  9. Sahan Samarawickrama
    Cineru_users

    100වෙනි උපසිරසට සුබ පැතුම් සහ අප රස ගැන්වූවාට බොහෝමත්ම ස්තූතියි

  10. thanks………..

  11. Nuwan Madushan
    Cineru_users

    Thnks bro sub ekata

  12. Meka original ekada

  13. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි ශානෝ අප්ඩේට් එකට

  14. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    thanks for update shana………………….

  15. Original Copy da

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login