Queen Mantis (2025) S01 E01 Sinhala Subtitles
Queen Mantis (2025) S01 E01 Sinhala Subtitles
8
90

Queen Mantis (2025) S01 E01 Sinhala Subtitles | “අපරාධ රටාව අනුකරණය” | සිංහල උපසිරැසි සමඟ

(Queen Mantis (2025 Sinhala Subtitles) (Queen Mantis (2025) Sinhala Subtitle) (Queen Mantis (2025) Sinhala Sub) (Queen Mantis Sinhala Subtitles) (Queen MantisSinhala Subtitle) (Queen Mantis Sinhala Sub) (Queen Mantis (2025) Kdrama Sinhala Subtitles) (Queen Mantis Kdrama Sinhala Subtitles)

ආයෙම ආයුබෝවන් එහෙනම්..

කාලෙකින් පිට පිට ඩ්‍රාමා දෙකකට සබ් දෙන්න හිතුවා. කතාවෙ නම Queen Mantis කොරියානු භාෂාවෙන් කියන්නෙ සමාග්වි:: සරින්ජාඊ වේචුල් මෙහෙම නමක් දාපු හේතුව පස්සෙ පැහැදිලි කරන්නම්කෝ. Thriller, Mystery, Psychological, Crime කියන වර්ගීකරණයන්ට අයිති වෙන මේ ඩ්‍රාමා එක සෙනසුරාදා සහ ඉරිදා දිනයන්වලදී SBS නාලිකාව ඔස්සේ විකාශය වෙනවා. මේ ඩ්‍රාමා එකත් විකාශයාරම්හය වෙන්න පටන් ගත්තෙ සැප්තැම්බර් 05 වෙනිදා ඉදන්. කතාමාලාවට කතාංග 8ක් ඇතුළත් වෙනවා. කතාව අධ්‍යක්ෂණය කරන්නෙ Byun Young Joo තිටපිටපත් රචනය Lee Young Jong විසින් සිදුකර තිබෙනවා. කෝ හ්යොං-ජොං (ජොං ඉ-ෂින් ලෙස), ජං දොං-යුන් (චා සු-යොල් ලෙස), චෝ සොං-හා (චෝයි ජොං-හෝ ලෙස), ලී-එල් ( කිම් නා-හී ලෙස) කියන රංගන ශිල්පීන් ප්‍රධාන චරිතවලින් රංගනයෙන් දායක වෙනවා. කං දොං-යුන්ව අපිට දැක බලාගන්න පුලුවන් වෙන්නෙ 2023 න් පස්සෙ වීමත් විශේෂත්වයක්.

ඉ-ෂින් කියන්නෙ දාම ඝාතන නඩුවකට වරදකරු වෙලා බන්ධනාගාරගතව ඉන්න අපරාධකාරියක්. අවුරුදු 23කර පස්සෙ ඉ-ෂින්ගෙ අපරාධ රටාව පිටපත් කරන වෙනත් අපරාධකරුවෙක් ඉ-ෂින් විදිහටම දාම ඝාතනයන් සිද්ධ කරනවා. ඉතින් පොලිස් නිළධාරී චෝයි, මේ නඩුව විසදන්න ඉ-ෂින්ගෙ උදව් අරගන්න එයාව මුණගැහෙන්න යනවා. බන්ධනාගාර ගත වෙලා හිටියත් එයා ගත කරන්නෙ සැපවත් ජීවිතයක්. හේතුව අවුරුදු 23කට කලින් එයාගෙ කොන්දේසිවලට එකඟ වෙනවනම් විතරක් එයා පාපොච්ඡාරණය කරනවා කියලා කියන්නෙ. ඉ-ෂින්ව මුනගැහෙන්න ගියාට පස්සෙ චෝයි ජොං-හෝට ඉ-ෂින් තව කොන්දේසියක් ඉදිරිපත් කරනවා. ඒ එයා එයාගෙ පුතා එක්ක විතරයි කතා කරන්නෙ කියලා. සරළවම ඉ-ෂින්ට ඕනෙ එයාගෙ පුතා සු-යොල්ව මුණගැහෙන්න. සු-යොල් එයාගෙ අම්මව ප්‍රතික්ෂේප කරන කෙනෙක්. එයාගෙ අම්මා ඉන්නවා කියලත් අමතක කරලා ඉන්න කෙනෙක්. මොකද එයාගෙ අම්මා අපරාධකාරියක්. සු-යොල් කියන්නෙ පොලිස් මත්ද්‍රව්‍ය අංශයෙ වැඩකරන පොලිස් පොලිස් නිළධාරියෙක්.

ඩ්‍රාමා එකේ කොරියානු නම සමාග්වි:: සරින්ජාඊ වෙචුල් කියලා මම උඩ කියලා තියෙනවනෙ. සිද්ධිය මේකයි. ඉ-ෂින් මිනීමැරුම් කලේහිස මළසිරුරෙන් වෙන් වෙන විදිහට. වින්දිතයො පිරිමි අය.එතකොට සමාග්වි කියන්නෙ වන්දාට. ගැහැණු වන්දා පිරිමි වන්දාගෙ ඔලුව කාලා දානවා කියලත් කියනවනෙ. වන්දා කියන නම කතාවට වැටෙන්න ඇත්තෙ අන්න එහෙමයි. “වන්දා : ඝාතකයාගේ පිටතට යෑම” මොකද ඉ-ෂින් හිරගෙදරින් එළියෙ රහසිගත ආරක්ෂිත ගෙදරක ඉදන් තමා මේකට උදව් කරන්නෙ. අපරාධකාරියක් උනත් ඉ-ෂින්ට වරප්‍රසාද ගොඩක් ලැබෙනවනෙ.

– ඉ-ෂින් ඇත්තටම මේ නඩුවට උදව් කරයිද?
– අවුරුදු 23කට කලින් ඉ-ෂින් ඇත්තටම මේ දාම ඝාතන කළාද?
– සු-චොල් ඉස්සරහා විතරක් කට අරිනවා කිව්වෙ ඇයි?
– මත්ද්‍රව්‍ය අංශයෙ වැඩකරපු නිළධාරියෙක්ට මේ මිනීමැරුම් නඩුව විසදන්න පුලුවන් වෙයිද?

“බේරගන්න පුළුවන් කෙනෙක්ට අතාරිනවා කියන එකෙයි, මරනවා කියන එකෙයි මොකක්ද වෙනස”

එහෙනම් කතාව බලලා ඉමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


778
Total Subtitles

One comment

  1. ස්තූතියි සිස් මේ සීරිස්එකට සබ් දෙන්න පටං ගත්තට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login