(Pushpa 2: The Rule (2024) Sinhala Subtitles) (Pushpa 2: The Rule (2024) Sinhala Sub) (Pushpa 2: (2024) Sinhala Subtitles) (Pushpa 2: (2024) Sinhala Sub) (Pushpa 2 Sinhala Subtitles) (Pushpa 2 Sinhala Sub) (Pushpa (2024) Sinhala Subtitles) (Pushpa (2024) Sinhala Sub)
ආයුබෝවන් හැමෝටම
ඔන්න මේ අවුරුද්දේ ගොඩක් දෙනෙක් එනකම් ඉවසිල්ලක් නැතුව බලන් හිටපු බ්ලොක් බාස්ටර් කුඩු පට්ටම් කරපු ඒ සුපිරි Pushpa The Rules Telugu ෆිලුම එදා නොවැම්බර් 5 වෙනිදා ලොවපුරා තිරගත වීම ආරම්භ කළා.. මෙය 2021 නිකුත් වුන Pushpa The Rise චිත්‍රපටයේ දෙවන කොටස විදියටයි නිකුත් වෙන්නෙ.. ඒතෙළිගු භාෂාව ප්‍රධාන කරගෙන දමිළ,හින්දි,කන්නඩ, මලයාලම් වැනි භාෂා 5කින් Pan India චිත්‍රපටියක් ලෙසින්.. මේ අවුරුද්දේ ගොඩක් දෙනෙක් ඕනෑවට වඩා හයිප් කරපු ෆිල්ම්, දෙකෙන් පංගුවකට ඇඩ්රස් නැතුව යද්දී මේ ෆිලුම හිතුවේ වත් නැති විදිහේ ආදායම් වාර්තා තිබ්බා.
* Bahubali 2 චිත්‍රපටය දවස් 10කින් පසු කල කෝටි 1000 ආදායම් වාර්ථාව මේ චිත්‍රපටය දවස් 6ක් වගේ කෙටි කාලයකින් බිදල දානව..
*ඉන්දියානු චිත්‍රපටයක් පළමු දවසේ ඉපයූ වැඩිම ආදායම උපයන්නත් මේක සමත් වෙනවා..
*එක් දිනක් තුල හින්දි බසින් පමණක් තිරගත වී වැඩිම ආදායමක් ලබාගත් චිත්‍රපටය විදියට කලින් තිබුනේ ශාරුක්ගේ Jawan චිත්‍රපටය.. ඒ ඉන්දියානු රුපියල් කෝටි 65 ක ආදායමක් ලබාගනිමින්.. පළමු දිනයේම ඉන්දියානු රුපියල් කෝටි 72ක ආදායමක් ලබාගනිමින් පුෂ්පා ඒ වාර්තාවත් බිදලා දැම්ම..
Pushpa The Rise 2021
මේක එදා බලද්දී ගොඩක් දෙනෙක්ට හිතුන කාරණයක් තමයි මේක KGF චිත්‍රපටිය බලාගෙන කරපු වැඩක් කියලා.. මොකද ඒකට සාදාරන හේතු ගොඩක් තිබුනා.. හැබැයි KGF ෆිලුම බලාගෙන හදපු එකම ෆිලුමත් මේක නෙවෙයි, තව ගොඩක් ආව.. හැබැයි ඒ එකක්වත් මේ තරම් සාර්ථක උනේ නෑ..
රත් හදුන් දැව කපන්න කුලීකාරයෙක් විදියට රැකියාවට යන පුෂ්පා අන්තිමට නතර වෙන්නෙ දැව ජාවාරමේ ප්‍රධානියා වෙලා.. පොර එක්ක අන්තිමට ගේමට එන බන්වර් ශේකාවත් කියන පොලිස් නිලධාරියාගෙත් ඇදුම් ගලවල තමයි, පුෂ්පා මිනිහව ගෙදර යවන්නේ.. පුෂ්පාගේ සහ ස්‍රීවල්ලිගේ ගෙ විවාහයෙන් තමයි පළවෙනි කතාව ඉවර වෙන්නෙ..
අධ්‍යක්ෂණය සහ රචනය – Sukumar
භාෂාව – තෙළිගු
රංගනය
Allu Arjun පුෂ්පා රාජ් ලෙසින්
Rashmika Mandanna ස්‍රීවල්ලි ලෙසින්
Fahadh Faasil ශෙකාවත් ලෙසින්
Jagadeesh Prathap කේශවා ලෙසින්
Jagapathi Babu ප්‍රතාප් රෙඩ්ඩි ලෙසින්
Sunil මංගලම් ස්‍රීනු ලෙසින්
Action / Drama ගණයට අයත් වෙන මේක පැය 3යි විනාඩි 15ක ධාවන කාලයකින් යුක්තයි.. හැබැයි එච්චර වෙලා තිබ්බට කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. මුළු ෆිල්ම් එකම අල්ලු එයාගේ යටතට අරන් තිබ්බ.. මොකද වෙන කිසිම චරිතයකට එයාව පහුකරල අඩියක් වත් ඉස්සරහට යන්න දුන්නෑ පොර.. පට්ට දෙබස් ගොඩක් තිබ්බේ පොරට.. සමහර දෙබස් වලට විසිල් එකක් නොගහ බෑ
ඔන්න කෝටි 1000 සීමාව පන්නපු ෆිල්ම් තියෙන නළුවන්ගේ ගොඩට අල්ලුටත් ඇතුලත් වෙන්න අවස්ථාවක් ලැබුනා.. ඒකත් අනික් ඒවටත් වඩා වැඩි ආදායම් ලබමින්.. මේකේ අල්ලුගේ ඇක්ටින් ගැන නම් කියන්න දෙයක් ගින්දර ටිකට තිබුනා.. පොර වැඩේ ඇගටම අරන් කරල තිබුණු බවක් පේන්න තිබ්බා.. Pushpa the rise චිත්‍රපටයෙන් අවුරුදු 2කට පස්සේ තමයි අල්ලු මේක එක්ක සම්බන්ධ වෙන්නෙ.. පේනවනේ එයා මේ වෙනුවෙන් කරල තියෙන කැප කිරීම.. සමහර scene තියෙනවා දෙතුන් පාර බලන්න හිතෙන
රශ්මිකාගෙ රංගනයත් වෙනම ලෙවල් එකක තිබුනා.. ලොකූ තිර කාලයක් තිබ්බේ නැති උනත් එයාගේ උපරිමයෙන් වැඩේ ගොඩ දාල තිබුනා..
ඇත්තටම Fahadh Faasil නැත්තම් ෆෆා ගෙන් නම් වැඩක් අරන් තිබ්බ මදි.. එදා පළවෙනි කොටසේදී අන්තිමට අපිට පෙන්නපු ෆෆාව මේකේ නිකන් කොමඩි පැත්තට බර කරල තිබ්බ.. ඒත් ඒකෙත් වෙනම ලල් එකක් තිබුනා.. මොනවා නැතත් Allu Arjun සහ Fahadh Faasil කෙමෙස්ට්‍රිය නම් ගින්දර ටිකට තිබුනා.. රශ්මිකා සහ අල්ලු කෙමස්ට්‍රියටත් වඩා කට්ටියට ඒක සෙට් වුණා.. ඊලගට එන Pushpa 3: The Rampage ෆිලුමෙන් නම් ෆෆාගේ හොද වැඩ ටිකක් බලාගන්න පුළුවන් වෙයි වගේ.. අනික ඊළග ෆිලුමට අවසානෙට සුපිරි විලන් කෙනෙකුත් හදුන්වල දීලා තමයි ෆිලුම ඉවර කලේ
මියුසික් ගැන කතා කරද්දි ගොඩක් අය කිව්වා කලිම් එකේ තරම් මියුසික් සෙට් නෑ කියලා.. ඇත්ත, පළවෙනි කොටසත් එක්ක සසදන කොට නම් ඇත්තටම මදි.. හැබැයි ජරාවක් කියලා අහක් කරන්නත් බෑ.. සාමන්‍ය මට්ටමේ තිබ්බ කියලා තමයි කියන්න වෙන්නෙ.. ඒ අතරින් මේ සදහා ජනප්‍රිය නිළි Sreeleela Item Song එකක් වෙනුවෙන් එකතු වෙනවා.. මට නම් ඒ ගීතය මේ ෆිලුමේ අනික් ගීත වලට වඩා ඉදිරියෙන් තියන්න පුළුවන්..
හැබැයි කොච්චර ආදායම් වාර්තා තිබ්බත් මට නම් පළවෙනි එක මීට වඩා ඉස්සරහින් තියන්න පුළුවන්.. මොකද ඒක, යම්කිසි කතාවක් ඔස්සේ ගලාගෙන ගියා.. හැබැයි මේකේ තනිකරම තිබ්බේ පුෂ්පා චිට්ටුර් ප්‍රාන්තේ එයාගේ පාලනේට අරගෙන, සල්ලි විසික්කරගෙන, හදුන් ජාවාරම කරගෙන යන හැටි තමයි.. “මේවගේ දේවල් කොහොමද අනේ කරන්න පුළුවන්” කියලා හිතන්න පුළුවන් තැන් කොච්චර තිබ්බත් අපි මේ බලන්නේ ෆිල්ම් එකක් කියලා හිතාගෙන ඒවා අමතක කරන්න පුළුවන් මට්ටමෙත් තිබ්බා.. මරු Emotional Scenes ටිකක් තියෙනවා මේකේ අන්තිමට.. ඒවගෙන් ෆිල්ම් එකට වෙනම රහක් දීලා තිබුනා
ක්ලයිමැක්ස් එකේ ඇක්ෂන් සීන් එක කොච්චර දුරට අතාත්වික ගතියට බර වුනත් තියෙටර් එකේදී නම් නැගිටලා විසිල් එකක් ගහන්න හිතෙන මට්ටමේ තිබ්බා 🔥මේවා ගොඩක්ම තියෙටර් බලන්න හදන ෆිල්ම්.. ඒ නිසා කැම් කොපියක් බලලා ෆිල්ම් එකට බනින්නවත් හොද කියන්නවත් අපිට බෑ.. ඒ නිසා මේක ඇක්ෂන් මසාලා ෆිල්ම් එකක් කියන කාරණේ ඔලුවට අරන් බලන්න සහ අනවශ්‍ය තර්ක නොකර ෆිල්ම් එක විතරක් රස විදින්න කියලා ආදරෙන් ආරාධනා කරනවා
උපසිරසියට අදාළ වීඩියෝ පිටපත අපේ වෙබ් අඩවියෙන්ම ගන්න කියලා මතක් කරනවා..
අදට ගිහින් එන්නම්.. ජයවේවා
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා)
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

October 26, 2022
Somthingh went wrong kiyala watenawa
niyamai sagor ❤️😍
ගොඩක්ම ස්තූතියි ශානා …….
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!
ඔරිජිනල් ආපුහම අප්ඩේට් එකක් ඕනේ ශානෝ…
උපසිරැසියට තෑන්ක්ස්………….
සබ් එකට තෑන්ක්ස්
ජය වේවා…..!!!
ko video eka
දීලා තියෙන්නේ..
Web eka enakan ivasagena innava 😁😁😁mechchara hoda ekak cam eka balana eka aparade vage ne 💪🔥🔥🔥❤️❤️❤️❤️
Meka original neweida
නෑ..
Tama original eka awith nddaa
ඔරිජිනල් එකද මේ
naha
vedio aeka tikak aul , sub aekata thanks, originala awama balanwa
aiyo thama nada appa clear 1k
Gemmak tamai… Jaya weewaa…. ❤️❤️❤️❤️❤️❤️
Thank you…….
Thama nane hoda 1k?
Original update wenne kawda wageda?
Thama Original Release wela ne.
Web Eka Nadda Bn Thama
නෑ..
Orginal web dl eka release welath dn Masayk wge wenw aiye mn arn webdl ekt sub match wenn nthi nisa thwm blnne nthuw inne please web dl wlt sub ek hdl dnnkoo ikmnt
ඔරිජිනල් ආවේ නෑ තාම..ආවේ ලීක් HD කොපි..ඒ හැම කොපියටම සබ් එක සින්ක් කරලා දීලා තියෙන්නේ..
web copy ekak awith tiyenne hoda
Original da?
වැඩිපුර විනාඩි 20ක් එක්ක ආපු Reloaded Version එකක්..OTT රිලීස් වුණේ නෑ තාම..
Web eka upload karan nedda ?
Wed dl aka awaaaaaaa… Tnqqqqq sahoooo… ❤️❤️❤️❤️❤️
අලුත් අප්ඩේට් එක ඔරිජිනල්ද….
Original ekda me.Meke download link eka dennko
Watch online kiyl withrne pennane download krnn brid
Original eka thama nedda
download krnna na ne
වීඩියෝ එක ඩවුන්ලොඩ් කරන්න බෑනේ ඔන්ලයින් බලන්න විතරනේ පුලුවන්😑
Video copy nene hc video copy witharai thinne update karanna
karana gaman
ඔරිජිනල් එක පැය 03යි විනාඩි 40ක් තියෙනවා.
Thank you very much for your kind support.
Meka reloaded version ekata match wenawad
oyage sub eka ekenma supiri.Thz hode!!!
කොහොමද Download කරන්නෙ?