The title of the page
Premalu (2024) Sinhala Subtitles
Premalu (2024) Sinhala Subtitles
6.9
92
94

Premalu (2024) Sinhala Subtitles | “සචින් – රීනු ආදර අන්දරය” | සිංහල උපසිරැසි සමඟ

(Premalu (2024) Sinhala Subtitles) (Premalu (2024) Sinhala Sub) (Premalu Sinhala Subtitles) (Premalu Sinhala Sub)

සුබ දවසක් හැමෝටම…

අද සිනෙරු එකට ගොඩ වුනේ ගොඩක් කට්ටිය ඉල්ලපු මලයාලම් සිනමාවේ අවුරුද්දේ බොක්ස් ඔෆිස් හිට් වුනු තවත් ෆිල්ම් එකකට සබක් අරගෙනමයි. විශේෂයෙන් ගොඩක් අයගේ ඉල්ලීමක් තිබ්බා මේ ෆිල්ම් එකේ සිංහල උපසිරැසිය දෙන්න කියලා. මං හිතනවා එයාලගේ ඉල්ලීම ඒ විදිහටම ඉටු වුණා කියලා.

ෆිල්ම් එක ගැන කිව්වොත්,

මලයාලම් සිනමාවේ All Time වැඩිම ආදායම් ලබපු ෆිල්ම්ස් අතරින් 6වෙනි තැන හා වැඩිම ආදායම් ලබපු ෆිල්ම්ස් අතරින් 4වෙනි තැන ගත්තු මේ ෆිල්ම් එකේ නම Premalu. මේ අවුරුද්දේ පෙබරවාරි 9 වෙනිදා නිකුත් කරපු මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය ගිරිෂ් A.D. ගෙන්. නිෂ්පාදනය කවුරුත් දන්න ෆහාද් ෆාසිල් (ෆෆා), දිලිෂ් පොතන් හා සයිම් පුෂ්කාරන්ගෙන්. සංගීත අධ්‍යක්ෂණය විෂ්ණු විජේගෙන්. මේ ෆිල්ම් ඒකත් කලින් ෆිල්ම් දෙකේම (Malaikottai Vaaliban, Abraham Ozler) OTT නිකුත් කරපු Disney + Hotstar OTT Platform එකෙන්ම තමයි නිකුත් කරලා තියෙන්නේ. නිකුත් කලේ අප්‍රේල් 12 වෙනිදා. රේටින් ගැන කතා කලොත් IMDB අගය 7.9/10කුත් ගුගල් පරිශීලක අගය 94% කුත්, කුණු තක්කාලි අගය 92% කුත් තියෙනවා. film එක ගැනත් පොඩ්ඩක් කියන්න එපැයි. තනිකරම මේ ෆිල්ම් එකේ ෆයිට් සීන් මුකුත් නෑ. තනිකරම තියෙන්නේ ලව් ස්ටොරියක්. ඒ කියන්නේ සාම්ප්‍රදායික රාමුවේ තියෙන ලව් ස්ටොරියක්. ඒ කියන්නේ මෙහෙමයි. පොහොසත් උගත් කෙල්ලෙක්, දුප්පත් කොල්ලෙක්, බලවත් දුෂ්ඨයෙක්, කෙල්ලගෙයි කොල්ලගෙයි යාලුවෝ ඒවා එහෙම්ම තියෙනවා.මේ ෆිල්ම් එකේ ගොඩක්ම ෂූටින් කරලා තියෙන්නේ හයිද්‍රාබාද් වල.

කාස්ට් එක ගැන කතා කලොත්,
Naslen K. Gafoor
Mamitha Baiju
Sangeeth Prathap
Shyam Mohan
Akhila Bhargavan
Mathew Thomas (special appearance)
වගේ හොද කාස්ට් එකක් එනවා.

කතාව ගැන මං නොකියාම ඉන්නම්. මොකද කට්ටිය ගොඩක්ම දන්න සීන් එකක්නේ ඉතින්. 😁😁😁

ආදායම ගැන බැලුවොත් රු කෝටි136ක් උපයලා තියෙනවා . පුදුම සහගත කාරණය තමයි මේ ෆිල්ම් එක රොමැන්ටික් ශානාරයේ ෆිල්ම් එකක් වෙච්ච එක.මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකතුමා මේකෙම දෙවෙනි කොටසකුත් එනවා කියලා කිව්වා. ඒක නිකුත් කරන්න සැලසුම් කරලා තියෙන්නේ 2025දි. තව දෙයක්, මේකේ අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා .

තවත් ෆිලුමකින් ආයේ හමුවෙමු.. එතකම් සුබ දවසක් !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඕෂද එරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඕෂද එරංග

May 24, 2024


4
Total Subtitles

6 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. thnks brudh! for subtitle

  3. Root Genesis
    Cineru_users

    Thanks bro!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login