(Predator: Killer of Killers (2025) Sinhala Subtitles) (Predator: Killer of Killers (2025) Sinhala Subtitle) (Predator: Killer of Killers (2025) Sinhala Sub)
කොහොමද යාලුවනේ ඔන්න අද මං අරන් ආවේ අලුතින්ම නිකුත්වුණ ඔයාලා එනකල් බලාගෙන හිටිය Predator චිත්‍රපටි මාලාවේ අලුත්ම චිත්‍රපටිය,
Predator: Killer of Killers (2025). ඇත්තටම මේක නිකුත්වෙන්නේ ඇනිමේෂන් චිත්‍රපටියක් විදිහට.

ඔයාලට මතක ඇති Alien චිත්‍රපටි මාලාවේත් අවසානට නිකුත්වුණ Alien: Romulus (2024) චිත්‍රපටිය මං අරගෙන ආවා.
හරි අපි දැන් යමු චිත්‍රපටිය දිහාවට. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ මීට කලින් ආව Predator චිත්‍රපටිය වුණු Prey (2022) අධ්‍යක්ෂණය කරපු Dan Trachtenberg. රචනය Dan Trachtenberg සමඟින් Micho Robert Rutare. Action/Sci-fi ගණයට වැටෙන චිත්‍රපටියට පැය 1 මිනිත්තු 30ක ධාවන කාලයක් අයත්. කාලයන් 3කට අයත් කතා 3ක එකතුවක් තමයි බලාගන්න ලැබෙන්නේ.
ප්‍රධාන චරිත වලට හඬ දායකත්වය දෙන්නේ Lindsay LaVanchy, Louis Ozawa, Rick Gonzalez, Michael Biehn ඇතුළු ශිල්පීන් ශිල්පිනියන් පිරිසක්.

ඒ වගේම Dan Trachtenbergගේ අධ්‍යක්ෂණයෙන්ම තවත් Predator චිත්‍රපටියක් මේ අවුරුද්දේ එන්න තියෙනවා. ඒ Predator: Badlands (2025).

චිත්‍රපටියේ කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි. රසවිඳින්න.
ඔයාලට ජයවේවා !!!
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

සුපුන් සදීප
July 14, 2020
162
Total Subtitles
Housefull 5 subtitle please
ස්තූතියි සහේ සබට
Thank you 🔥