(Pravinkoodu Shappu (2025) Sinhala Subtitles) (Pravinkoodu Shappu (2025) Sinhala Subtitle) (Pravinkoodu Shappu (2025) Sinhala Sub)
මේ කතාව යන්නේ රා කඩයක් ආශ්‍රිතව. මේ කඩේ වැස්ස වෙලාවේ මිනිස්සු 11 දෙනෙක් ඇතුලේ ඉද්දි කොම්බන් බාබු කියල කෙනෙක් බෙල්ල වැලලාගෙන මැරෙනවා.. මේකේ පරීක්ෂණය බාර වෙන්නේ සන්තෝශ් කියලා SI නිලධාරියෙක්ට.
කවුද මේ කොම්බන් බාබු?
ඇයි එයා මැරෙන්නේ?
මෙයා බෙල්ල වැලලාගෙනද මැරුනේ? එහෙම නැත්නම් එල්ලලා මරලා දැම්මද?
මේකේ පිටුපස සැබෑ මිනීමරුවා කවුද?
සන්තෝෂ්ට මේක විසදන්න පුළුවන් වෙයිද?
මේවට පිළිතුරු හොයන්න ඕනේ නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
සබ ඕනේ අය පහලට ගිහිල්ලම ඩවුන්ලෝඩ් කරගන්න.. වැඩි විස්තර ඕනේ අයට පොඩි හැල්ලක් මේ විදිහට ලියන්නම්.
අධ්‍යක්ෂක කෙනෙක් – රංගන ශිල්පියෙක් – තිර රචකයෙක් විදිහට ප්‍රසිද්ධ කෙනෙක් ඉන්නවා නම් මලයාලම් සිනමාවේ ඒ වෙන කවුරුත් නෙවෙයි බැසිල් ජෝශප්. මතකනේ පොන්මෑන් චිත්‍රපටය. ඒක මතක නම් මේකත් අමතක නොකරම බලනවා සත්තයි. මොකද කිසිම දවසක පොලිස් ඇදුමකින් අපේ බැසිල්ව දැක්කෙම නැති හින්දා !!
ඉතින් මේ ෆිල්ම් එක ගැන කිව්වොත් මේ ෆිල්ම් එකේ නම තමයි Paravinkoodu Shappu. තේරුම නම් ප්රවින්කූඩු කඩේ කියන එක. අධ්‍යක්ෂණය සීරාජ් ශ්රීනිවාසන්ගෙන්. රචනයත් එයාගෙන්මයි. විශේෂයෙන් මේක සීරාජ්ගේ පළමු අධ්‍යක්ෂණය වෙනවා නිෂ්පාදනය අන්වර් රෂිඩ්ගෙන්. සංගීතය විෂ්ණු විජේගෙන්. මේක තිරගත කලේ මේ අවුරුද්දේ ජනවාරි 16 වෙනිදා.බ්ලැක් කොමඩි ක්‍රයිම් ත්‍රිලර් ශානරයට තමයි මේක අයත් වෙන්නේ.
වැඩේ කියන්නේ මේක කෝටි 18 ක වියදමින් හදපු එකට ප්‍රේක්ෂකයින්ගෙන් සාධාරණයක් නම් ලැබුනේ නෑ . ඒ කියන්නේ මේ චිත්‍රපටය හොයපු ආදායම කෝටි 5.36ක් වෙනවා. (මෙච්චර හොද ෆිල්ම් එකකට මෙහෙම වුණ එකත් පුදුමයි.)
බැසිල්ට අමතරව සෞබින් සාහිර්, ශිවාජිත්, චාන්දිනි ශ්‍රීධරන්, චෙම්බන් විනෝද් ජෝස්, සාජී චෙන්, ශාබරීෂ් වර්මා වගේ අය රංගනයෙන් දායක වෙනවා.
රේටින් ගත්තොත් IMDB අගය 6.7/10 කුත් ගූගල් පරිශීලක අගය 94%කුත් මේකට හිමිවෙනවා.
OTT නිකුත් කලේ SonyLiv එකෙන්. නිකුත් කලේ මේ අවුරුද්දේ අප්‍රේල් 11 වෙනිදා.
ඉතින් බ්ලැක් කොමඩි වලට ආස මලයාලි රසිකයින්ට මේක සුපිරියක් වෙයි ඉතින් 😍❤️..
ඇත්තෙන්ම මේක කට්ටක් කාලා කරපු තවත් උපසිරැසියක්. මොකද ඩාර්ක් කොමඩි එකකට කරපු පළමු අවස්ථාව මේක වෙන්න ඕනේ. (මොකද ගොඩක්ම මං කලේ ඇක්ෂන්නේ.) ඉතින් අඩුපාඩු ගොඩක් ඇති. සබ දෙන්නත් ගොඩක්ම පරක්කු වුනෙත් ඒ නිසාම තමයි. ඉතින් මට කියන්න තියෙන්නේ “අනේ මට සමාවෙන්න” තමයි ඉතින්🥺.. වෙන මොනා කියන්නද..
එහෙනම් තවත් චිත්‍රපටයකින් හමුවෙනකම් මං නිහඩ වෙන්නම්.. ඔයාලා හැමෝටම ජය !!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඕෂද එරංග
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

May 24, 2024
Raid 2 2025 subtitle plz
ස්තූතිය ඕෂද සහෝ සබට