(Ponman (2025) Sinhala Subtitles) (Ponman (2025) Sinhala Subtitle) (Ponman (2025) Sinhala Sub)
සුභ දවසක් හැමෝටම,
ඔන්න ගොඩක් දෙනෙක් ඉල්ලපු ෆිලුමකට සබක් අරන් ආව, මේක ඇවිල්ල නම් ටිකක් දවස් වෙනව, ඒත් කොච්චර කල් ගියත් මලයාලම් වල රහ යන්නෑ නෙ..
ඒවගේ මේකත් මරු ෆිලුමක්..👌❤️
2025 ජනවාරි 30 නිකුත් වෙච්ච මේ ෆිලුම අයත් වෙන්නෙ black comedy thriller කියන කැටගරියට, පිස්සු හැදෙන කැටගරියක් නෙහ්..😍
ප්‍රධාන චරිතය විදිහට රංගනයෙන් දායක වෙන්නෙ, මලයාලම් නළු හා අධ්‍යක්ෂක Basil Joseph.. පොරගේ ෆිල්ම්ස් ගැන ආයෙ කියන්න දෙයක් නෑ ඉතින්,
ගින්දර තමා.. මේ ෆිලුම සම්පූර්ණයෙන් රත්තරන් කේස් එකක් වටා තමයි දුවන්නෙ, කුතුහලයෙන් බලන්න පුලුවන්, මේ ටයිප් සෙට් අයට බලන්න කියල ආදරෙන් ආරාධනා කරනව..
අධ්‍යක්ෂණය – Jothish Shankar
භාෂාව – මලයාලම්
තිර කාලය – පැය 2, මිනිත්තු 7යි
රංගනය
Basil Joseph
Sajin Gopu
Lijomol Jose
Anand Manmadhan
Deepak Parambol
කතාව පොඩ්ඩක්,
බෲනෝගෙ නංගිව කසාද බන්දවන්නයි හදන්නෙ, හැබැයි මනමාලයගෙ ගෙදරින් දෑවැද්ද විදිහට රත්තරන් පවුම් 25ක් බලාපොරොත්තු වෙනව,
වැඩේ කියන්නෙ මෙයාලට මිල මුදල් ප්‍රශ්න තියෙනව, බෲනෝ මේ ගැන කල්පනා කර කර ඉද්දි එයාගෙ යාළුවෙක්ගෙ මාර්ගයෙන් සෙට් වෙනව අමුතු පහේ පොරක්,
පොරගෙ නම අජේෂ්, මෑන් වැඩ කරන්නෙ රත්තරන් බඩු සාප්පුවක, මෑන් කරන්නෙ කසාද වලට කලින් රත්තරන් බඩු අවශ්‍ය ප්‍රමානය දීලා,
පස්සෙ අමුත්තො උත්සවේට ඇවිල්ල ලියුම් කවර දැම්මාම, ඒවාගෙන් මිනිහගෙ රත්තරන් බඩු වල ගාන පියවන්න කියනව, මෙයා බෲනෝටත් බඩු ටික දීලා උදව් කරනවා,
හැබැයි එයාල හිතන තරම් සල්ලි එක්කහු වෙන්නෑ, හැබැයි ණය පියවෙන්න රත්තරන් බඩු ටික ආපහු දෙන්නත් බෑ, මොකද බෲනෝගෙ නංගි බදින මිනිහා යකෙක් වගේ මිනිහෙක්,
කාලයක් තිස්සෙ කරගෙන ආපු වැඩේ, මේ සැරේ තමා අජේෂ් ලෝක අමාරුවක වැටුනෙ,
මං අජේෂ් යකෝ.. මං මගෙ රත්තරන් ටික කොහොමහරි ආපහු ගන්නවා.!😮💨😎
බලන්නකො ඔතනින් එහාට වෙන දේ.. ගිහින් එන්නම්.. හැමෝටම ජය!❤️
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම
ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

April 12, 2019
Housefull 5 subtitle pliiiiiiiiz
(Thanks Subtitles)
Thank You For Spending Your Valuable Time On The Subtitles
And Allowing Us To Understand The Meaning Of A Movie Correctly…
ස්තූතියි සබ් එකට