The title of the page
Perusu (2025) Sinhala Subtitles
Perusu (2025) Sinhala Subtitles
7.3
93

Perusu (2025) Sinhala Subtitles | “මැරිලත් කෙලින්” | සිංහල උපසිරැසි සමඟ

(Perusu (2025) Sinhala Subtitles) (Perusu (2025) Sinhala Subtitle) (Perusu (2025) Sinhala Sub)

සුභ අලුත් අවුරුද්දක්‌ වේවා හැමෝටම..

අදට සිනෙරුට අවුරුදු 6ක්‌.. මේ අවුරුදු හය, මේ තැනට එන්න කට්ට කාපු හැමෝම ආදරෙන් මතක් කරනවා.. හැමෝටම ජය වේවා 🥰♥️ ඒවගේම මේක සිනෙරූ 6 වෙනි උපන්දිනේ වෙනුවෙන් අපි දෙන තවත් තෑග්ගක් කියලත් මතක්‌ කරන්න ඕන ♥️

ඔන්න ගොඩක් දෙනෙක්‌ මේ දවස් වල “නෙළුම් කුළුණ” කියලා සිනමා ශාලා වල ගොඩක් ආසාවෙන් නරබන සිංහල චිත්‍රපටයේ දමිළ නිර්මාණය අරගෙනයි මං අද ආවේ..

Perusu කියලා නම් කරපු මේ දමිළ චිත්‍රපටය හා නෙළුම් කුළුණ යන චිත්‍රපට දෙකම තිරගත උනේ එකම දවසේ.. ඒ, මේ දෙකේම අධ්‍යක්ෂකවරයා එක් අයෙක් වීම නිසා..

2025 මාර්තු 14 වෙනිදා නිකුත් උන මේ චිත්‍රපටිය අයත් වෙන්නෙ Adult Comedy Drama කියන කැටගරියට..

මේක 18+ එහෙමයි කියලා ජරා දේවල් මේකේ නෑ.. කතා තේමාවේ තමයි සීන් එක තියෙන්නේ..
ඒ නිසා ගෙදර අය එක්ක අවුරුද්දේ, රුපවාහිනීයෙන් නම් මේක බලන්න එපා.. මොකද මේකට හිනා යන්න නම් වචන පවා ඒ අර්ථයන් එන්න උපසිරැසි ගන්වන්න උනා.. අනික දෙමළ දන්න කෙනෙක්ට නම් මේක ලේසියෙන් බලලා දාන්න පුළුවන්.. ඉංග්‍රීසි සබ් එකෙන් බලන කෙනෙක්ට උනත් ගොඩක් දේවල් තේරෙන එකක් නෑ.. ගොඩක් දෙබස් ඩබල් මීනින් ගතියට තිබුනේ.. මං මේ උපසිරැසියේ හැමදේම ඔයාලට පැහැදිලි වෙන විදියට යොදලා ඇති..

පොඩ්ඩක් හිනා වෙන්නත් එක්ක බලන්නකෝ එහෙනම් ♥️

කතාව සහ අධ්‍යක්ෂණය – Ilango රාම්

රංගනය
Vaibhav – දොරයි ලෙසින්
Sunil Reddy – සාමි ලෙසින්
Niharika NM – ශාන්ති ලෙසින්
Bala Saravanan – අමීන් ලෙසින්

භාෂාව – දමිළ 
තිර කාලය – පැය 2යි

මේ වෙනකොට නෙළුම් කුළුණ චිත්‍රපටය ගොඩක් දෙනෙක් නරබල ඇති වගේම, එහෙන් මෙහෙන් ඇහෙන දකින ඒවත් එක්ක මේකේ කතා තේමාව මොකක්ද කියලා ගොඩක් දෙනෙක් දන්නවා.. සිංහල දමිළ කියලා ලොකූ වෙනසක් නෑ.. එකම කතාව, සමහර තැන් ලංකාවට සහ ඉන්දියාවට ගැලපෙන විදියට වෙනස් කරලා තිබ්බ.. චරිත ටිකක් මාරු කරලා තිබ්බ.. ඒවගේම ලංකාවේ කියන්න තියෙන දේ අමුවෙන්ම කියලා තිබුනා වගේම දමිළ එකේ කියන දේ යටි අර්ථයක් තිබෙන පරිදි කියලා තිබ්බා.. ඒක තමයි දෙකේ ගොඩක් දැනුන වෙනස..

හදිස්සියේ සිද්දවෙන මරණයක්..
ගෙදර මිනිස්සුන්ට මරණෙට වඩා හිතන්න දෙයක් ඉතුරු වෙලා..
ගමේ තියන් ඉන්න නම්බුව බේරගන්නත් ඕන..
මේක කොච්චර පාත් කරත් පාත් වෙන්නෙත් නෑ..
වයසට ගිහිල්ලත් කොල්ලා වගේ..
හත්වලාමේ දැන් මොකද කරන්නේ..

මැරෙනවා නම් මේ වගේ මැරෙන්න ඕන..
ගින්දර 🔥🤣

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


135
Total Subtitles

2 comments

  1. Thank u brother …and සුබ අලුත් අවුරුද්දක් වේවා

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි ශානා උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login