Peninsula Sinhala Sub
Peninsula Sinhala Sub
6
55%
89%

Train to Busan 2:Peninsula (2020) Sinhala Subtitles |වසර හතරකට පසු| සිංහල උපසිරැසි සමඟ

(Peninsula (2020) Sinhala Sub) මේ අවුරුද්දෙ කොරියානු සිනමාලෝලීන් විතරක් නෙමේ ලොව පුරා ගොඩක් සිනමාලෝලීන් බලාගෙන හිටපු ෆිල්ම් එකක් තමා Peninsula කියන්නෙ..Yeon Sang Ho ගෙ 2016 වසරේ කොරියානු සිනමාව විතරක් නෙමේ ලෝක සිනමාව පවා උඩු යටිකුරු කරමින් නිකුත් වුන Train To Busan කොරියානු Zombie චිත්‍රපටය ලොව පුරා ආදායම් වාර්තා බිදහෙලමින් Zombie චිත්‍රපටයකින් අපි බලාපොරොත්තු නොවූ රසයක් ලබා දෙන්න සමත් වෙනවා..

ඒ වගේම කොරියානු සිනමාවේ Zombie කැටගරි එකෙන් කොරියානුවන් කරපු ඒ පෙරළිය ගැන ලොව පුරා ප්‍රේක්ෂකයන් ට හිතාගන්නවත් බැරිවුනා..ඉතින් මේ චිත්‍රපටය නිකුත් වී වසර 4 කින් මේ අවුරුද්දේ මෙහි Sequel චිත්‍රපටය වන Peninsula චිත්‍රපටය නිකුත් වෙනවා..කොරෝනා වසංගත තත්තව්වයෙන් ලෝක සිනමාව අඩාල වෙලා තියන කාලෙකත් මේ Peninsula චිත්‍රපටය Blockbuster ලේබලේ අලවගන්න සමත් වෙන්නෙ කොරියාව තුල පමණක් නොව විදෙස් රටලවද Box office හි අංක එකට පැමිණෙමින්..

කොරියානුවන් Train To Busan Zombie චිත්‍රපටයකින් දුන්න වෙනස් ම රසය වගේම නැවතත් මේකත් වෙනස් ම රසයකින් දීලා තියනවා..ඒ TTB වගේ Emotianal Side එකෙන් නම් නෙමේ Full Action Zombie චිත්‍රපටයක්.. මේක Sequel එකක් වුනත් TTB එකට Direct Sequel එකක් නෙමේ..TTB එකෙන් අවුරුදු 4 කට පස්සෙ තමා මේකේ සිදුවීම් ගලාගෙන යන්නෙ…

ඒ වගේම මෙහි අධ්‍යක්ෂක Yeong Sang Ho කියලා තියනවා Train To Busan එකට වඩා හාත්පසින් ම වෙනස් චිත්‍රපටයක් ඔයාලට Peninsula චිත්‍රපටයෙන් බලන්න පුළුවන් කියලා..කිව්වා වගේම සාමාන්‍ය සොම්බි චිත්‍රපටියක තියයෙන සිදුවීම්වලට වඩා වෙනස්ම සිදුවීම් මාලාවක් මේකෙ ඇතුළත් වෙනවා. ඒ මොකද කියලා කියනවා නම් මේකෙ සොම්බිලා එක්ක කරන දිවි බේරාගැනීමෙ ක්‍රීඩා එහෙමත් කරනවා. ඒ වගේම TTB එකට වඩා වෙනස් ම අවසානයක් !!

මේ චිත්‍රපටියෙ HDCAM පිටපතක් නිකුත්වුණු සැනින්ම මමනම් ෆිල්ම් එක බාගත්තා. ඒ වෙන මොකටවත් නෙවෙයි සිංහල උපසිරැසිය කරන්න. HDCAM පිටපතක ඉංග්‍රීසි උපසිරැසියක් එනකන් ආයෙ බලාගෙන ඉන්න වුණා. ඔය විදිහට බලාගෙන ඉන්නකොට තමයි ඉංග්‍රීසි උපසිරැසි කීපයක්ම නිකුත් වෙන්නෙ. ආ අතරිනුත් හොඳම ඉංග්‍රීසි උපසිරැසිය අරගත්තා ඔයාලා වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙන එන්න කියලා. ඒ නිකුත්වෙලා තිබුණු ඉංග්‍රීසි උපසිරැසිය අරගෙන සබ් එක කරලා තිබුණත් ඊයෙ දවසෙ WEBRIP පිටපතත් එක්ක ආව ඉංග්‍රීසි උපසිරැසියේ සමහරක් තැන්වල නොගැලපීම් තිබ්බා. ඒක නිසා අද උදේම උපසිරැසිය අරගෙන එන්නම් කියලා හිතුවත් ඒක කරන්න බැරිවුණා. මොකද ඉතින් වැරදි උපසිරැසියක් දීලා වැඩක් නැති නිසා.

ඔන්න ඔය විදිහට පොඩි පොඩි අඩුපාඩු හදාගෙන අවසානෙදි කොහොම හරි ගුණාත්මක උපසිරසියක් අරගෙන එන්න පුළුවන් වුණා. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. මේකෙ ඉංග්‍රීසි භාෂාවෙන් කියන තැන්වලට ඊයෙ නිකුත්වුණු උපසිරැසිවල ඉංග්‍රීසි උපසිරැසි තිබුණෙ නෑ. ඒ ටික මම කලින් ගහලා තිබුණ උපසිරසියේම තියෙන ඒවා. ඒ තැන්වල පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. එහෙම දෙයක් තියෙනවා නම් සමාවෙන්න ඕන!

එහෙනම් වැඩි කතා කියන්න යන්නෙ නෑ කොරියානු සිනමාවෙන් මේ වසරේ නිකුත් වුන මේ සුපිරි Zombie චිත්‍රපටය බලන්න.. 💥

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
Download|4739

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


105
Total Subtitles

17 comments

  1. පට්ට ආ

  2. Harshi Gangodawilage

    Thank you for the sub.

  3. Harshi Gangodawila

    Thank you for the sub 👍👍

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Sub ekta thanks

  6. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ 😊
    ප්‍රශ්නයක් තියනව මේක TTB 2ද එහෙම නැත්තං TTB එකේ spinoff එකක් වගෙ එකක්ද.? ඊටත් අමතරව මේක spinoff එකක් නම් ඉදිරියේදි TTB 2 එකක් එන්න නියමිතයිද එහෙම නිවේදනයක් එහෙම තියනවද.?

    • Anjula Umesh
      Cineru Family Member

      මේක TTB එකේ Squel movie එකක්..TTB එකත් එක්ක කම්පෙයාර් කරන්න යන්න එපා ⁣සහෝ..❤️

      • Hashan
        Top Fan ⭐⭐⭐

        බොහොම ස්තුතියි බ්‍රෝ 😊.. ඒ කියන්නෙ TTB එකේම දෙවනි කොටසක් නිර්මාණය වෙන බවක් ගැන සඳහනක් කරල එහෙම නෑ නේද මෙයාලබොහොම ස්තුතියි බ්‍රෝ 😊.. ඒ කියන්නෙ TTB එකේම දෙවනි කොටසක් නිර්මාණය වෙන බවක් ගැන සඳහනක් කරල එහෙම නෑ නේද මෙයාලා

        • Anjula Umesh
          Cineru Family Member

          නෑ මචං..එකෙන් අවුරුදු හතරකට පස්සේ කියලා කියන්නේ..ඒත් කිසිම සම්බන්ධයක් නෑ…

  7. Anjula Umesh
    Cineru Family Member

    නියමයි සොමේ අයියා..සබට තෑන්ක්ස්..❤️

  8. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    සොමේ සහෝ, එලම හොඳේ

  9. තෑන්ක්ස් මලේ ඔන්න බෑව එහෙනම් ❤️

  10. thank you bro meka enakammai man balan hitiye speed ekatath diala 🙂 🙂

  11. thank you bro meka enakammai man balan hitiye speed ekatath diala

  12. Thanks Some…

  13. පට්ට කොල්ලෝ ❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *