(Padakkalam (2025) Sinhala Subtitles) (Padakkalam (2025) Sinhala Subtitle) (Padakkalam (2025) Sinhala Sub)
සුබ දවසක් වේවා හැමෝටම
අදත් අරගෙන එන්නෙ සති 3 කට උඩදි කේරලයේ සිනමා ශාලා වලට නිකුත් උන මලයාලම් චිත්‍රපටයක්
ලිපිය ලියන අවස්ථාව වන විට IMDb අගය 7.6/10 ක් ලෙස සඳහන් වෙනවා , ඒ වගේම COMEDY ශානරයට අයත් ෆිල්ම් එකක් , SHARAF U DHEEN , SANDEEP PRADEEP , SURAJ VENJARAMOODU , NIRANJANA ANOOP , වැනි නලු නිලියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා
කතාව පැත්තට ගියොත් අවුරුදු ගානකට කලින් රජතුමෙන් පාවිච්චි කරපු මායා සෙල්ලම් බඩුවක් කොලේජ් එකක සර් කෙනෙක් හොයාගන්නවා , ඒක නිකන් පංච දාන , ලූඩෝ , ජුමාංජි බෝඩ් එකක් වගේ , මේකෙන් ඒ සර් කරන්නෙ මිනිස්සුන්ව පාලනය කරන එක , මේක ඒ කොලේජ් එකේ කොල්ලො සෙට් එකක් දැනගෙන මේ බෝඩ් එක උස්සනවා , හැබැයි ඒ වෙද්දි අර සර් කොලේජ් එකේ තව සර් කෙනෙක්ව සහ මේ කොල්ලොන්ගෙ කෙනෙකුත් පාලනයට අරන් ඉවරයි , මෙතනින් එහාට කතාව ඔයාලට බාරයි ,
වෙබ් කොපි ආවම අඩුපාඩු හදාගෙන එන්නම් , තවත් උපසිරැසියකින් හම්බෙමු , ලයින් ගහලා දීපු ඉඳුවර සහෝටත් උචිනි අක්කටත් සමිත අයියටත් ස්තූතියි කියමින් අදට සමුගන්නවා
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රොෂේන් මලින්ද
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

July 29, 2022
ස්තූතියි රොෂේන් සහෝ උපසිරැසියට….
අප්ඩේට් එක දෙනකම් ඉන්නවා…….
🙏 ඔයාට මලයාලම් කියන්නේ ඉතින් වෙනම ලෙවල් එකක් සිනමා කර්මාන්තේ දැන් දෙමල ,ඉංග්‍රීසි වලට වඩා ටෙන්ඩ් වෙගෙන යන්නේ කොහොමටත් ඔබේ උපසිරසටස්තුති