“Outer Banks” 4 වෙනි සීසන් එකට තමා මේ සබ් අරන් ඇවිල්ලා තියෙන්නේ.. මේ වෙනකොට ඒ කියන්නේ 2025 මුල වෙනකොට රිලීස් වුණ Latest ම සීසන් එක තමා මේ.. 4 වෙනි සීසන් එක රිලීස් වෙන්නේ මීට මාස 4 කට කලින්.. කොහොමහරි මේ සීසන් එකෙත් සුපුරුදු විදිහට එපිසෝඩ්ස් 10 යි..
3 වෙනි සීසන් එකේ කතාව කෙටියෙන් මතක් කරගමු..
රත්තරන් නගරයක් හොයාගෙන එල් ඩොරාඩෝ වලට යනවා පෝග්ලා කට්ටිය, වෝඩ් කැමරන්, ලොකු ජෝන් වගේම කාලෝස් සිං.. කොහොමහරි අන්තිම එපියෙදි ජෝන් බී, සාරා සහ ලොකු ජෝන් එකතු වෙලා හෝඩුවාවන් ඔස්සේ ගිහින් එල් ඩොරාඩෝ හොයාගන්නවා.. ඒත් එයාලට බලාපොරොත්තු වුණ විදිහටම වැඩේ කරගන්න බැරිවෙනවා කාලෝස් සිං ගේ බාධාව හින්දා.. බැරිම තැන පුපුරන ද්‍රව්‍ය දාලා ලොකු ජෝන් එල් ඩොරාඩෝ ගුහාව පුපුරවලා දානවා.. කාලෝස් සිං එතනම මැරුණා කියලයි අපිට පෙන්නුවේ.. එළියට පැනගත්තට පස්සේ ලොකු ජෝන් ට කලින් වැදුණ වෙඩිපාරකට අමාරු වෙනවා.. ඒ අතරේ ගත්තු රත්තරන් ගෝනිය අයිති කරගන්න එනවා වෝඩ්.. මේ වෙලාවේ සිං ගේ කෙනෙක් සාරාට තියන්න ගිය වෙඩි පාරකට වෝඩ් මැදිහත් වෙලා තමන්ගේ දුව ආරක්ෂා කරගෙන වීරයෙක් විදිහට අවසන් ගමන් යනවා.. ටික වෙලාවකින් වෙඩි පාරට අමාරු වෙලා ලොකු ජෝන්වත් මැරෙනවා.. තමන්ගේ ජීවිත කාලෙම පෙරුම් පුරලා කැප කරලා මහන්සි වෙලා හොයාගත්ත එල් ඩොරාඩෝව සියැසින් බලාගන්න බැරුවයි ලොකු ජෝන්ට ඇස් පියාගන්න වුණේ.. කොහොමහරි පෝග්ලා ටික බේරිලා ආය කිල්ඩේරා වලට එනවා.. සීසන් එකේ අන්තිමට පෙන්නනවා වයසක එක මනුස්සයෙක් ඇවිල්ලා මේ අයට “බ්ලැක්බියර්ඩ්” කියන කුප්‍රකට මුහුදු මංකොල්ලකාරයාගේ ලොග් සටහන් පොතක් පෙන්නනවා.. ඔහොම තමා ඒ සීසන් එක ඉවර වෙන්නේ..
4 වෙනි සීසන් එක පටන් ගන්නකොට ජෝන් බී ගේ සුපුරුදු කතාවෙන් ඊට මාස 18 කට කලින් වෙච්ච සිදුවීම පැහැදිලි කෙරෙනවා.. එතනදි එයාලා කිල්ඩේරා වලට ඇවිල්ලා ජේජේ ගේ තාත්තගේ චැටෝ එක වෙන්දේසියකින් ආය ගන්න විදිහ වගේම ඔක්කොටම එකට ජීවත් වෙන්න පුළුවන් තැනක් සහයෝගයෙන් හදාගන්න විදිහ බලාගන්න පුළුවන් වෙනවා.. මෙතනදි හැම ප්‍රශ්‍නයක්ම ඉවරයි මෙයාලා නිදහසේ ඉන්නව කියලා හිතුණට ලොකු සුනාමියක් එන්න කලින් පස්සට යන මුහුද වගේ ලොකු දෙයක් පෝග්ලගේ කර උඩට වැටෙන්න ලෑස්තියක් තමා තියෙන්නේ.. කතාව බලාගෙන යන්න එහෙනම් බ්ලැක්බියර්ඩ් ගේ මොනවද මෙයාලා හොයන්නේ? අර වයසක මනුස්සයට මොනවද මෙයාලගන් ඕන කරන්නේ? ඉස්සරහට පෝග්ලට මොන මොන වගේ දේවල් වලට මූණ දෙන්න වෙයිද? වගේ දේවල් ඔයාට අත්විඳින්න පුළුවන් වෙනවා..
එහෙනම් රසවිඳින්න ආරාධනා කරනවා හැමෝටම මේ සීසන් එකත්.. මම මේ සීසන් එකේ අන්තිම එපිසෝඩ් එකේදි වෙනම ආටිකල් එකක් ගෙන්නම් ඊලඟට එන්න තියෙන අළුත්ම සීසන් එකේ මොනවද තොරතුරු කියලා..
ජය වේවා!!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මලීෂ බණ්ඩාර
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

February 3, 2024
Ammo dnkn blkn hitiye.ektigtma oni ah
sub denakn balan hitiye thanks ithuru tikath ikmanat denna bro..
මලීශ සබ් මැශිමක්නෙ ඔයා…සුපිරි හැමදාමත් වගේ
thank you.but kohomda download kraganne please help
Menu එකට ගිහින් Log වෙන්න..එතකොට Video Copy කියලා බට්න් එකක් Display වෙයි.
Gammatama daamu bro.
හතරවෙනි සිසන් එකේ සබ් එක දන්නකො
සුපිරි හැමදාමත් වගේ