OBX තුන්වෙනි සීසන් එකට තමා මේ සබ් අරන් ඇවිත් තියෙන්නේ.. 2023 අවුරුද්දේ තමයි මේ සීසන් එක නිකුත් වුණේ.. සුපුරුදු පරිදි එපිසෝඩ්ස් 10 යි මේ සීසන් එකෙත්.. හරි එහෙනම් ඔයාලට කතාවේ මේ වෙනකන් වෙච්ච දේවල් මතක ඇති කියලා හිතනවා, එහෙම නැත්තම් සයිට් එකේ කලින් සීසන්ස් දෙකට දාපු ආටිකල්ස් දෙක කියවලා එන්න කියලා මතක් කරනවා..
දෙවෙනි සීසන් එකේ Recap එක සාරංශගත කරන්නම්,
“The Coastal Venture” කියන භාණ්ඩ ප්රවාහන නැවට ඩෙන්මාර්ක් ටැනී ගේ රත්තරන් කුරුසේ කන්ටේනර් එකක් මාර්ගයෙන් පටවන්න කටයුතු කරනව රේෆ් කැමරන් සහ රෝස් විසින්. රෝස් මේ අතරේ ඒ නැවටම සාරා ඇතුළු කැමරන් පවුලම එක්කන් එනවා.. පෝග්ලා කට්ටියත් හොරෙන්ම නැවේ කන්ටේනර් එකක් ඇතුළට නැගගන්නවා.. මේ අතර ප්රේක්ෂකයෝ පුදුම කරවමින් කලින් අපි ඩ්රදර්ස් එක පුපුරවාගෙන මැරුණා කියලා හිතපු වෝඩ් කැමරන් හදිසියේ පෙනී ඉන්නවා.. මේ අතරේ නැවේ දැනට වැඩකරන කලින් නාසවු වලදි ජෝන් බී, සාරා දෙන්නට උදව් කරපු ‘ක්ලියෝ’ ව මේ අයට හම්බෙනවා.. මෙතන ඉඳන් මේ හය දෙනා නැව ඇතුලේ ඉඳන්ම කුරුසේ අරගෙන සාරා බේරගන්න උත්සාහ කරනවා. කොහොමහරි වැඩේ ගැස්සිලා නැවේ කාර්ය මණ්ඩලයට වගේම රේෆ් ට සහ වෝඩ් ටත් මේ අය මාට්ටු වෙනවා.. මෙතනදි Fights කීපයකුත් යනවා.. කොහොමහරි කුරුසේ ගන්න ගිය අසාර්ථක උත්සාහයෙන් පස්සේ පෝග්ලා කුරුසේ ගන්න බැරි බව දැනගෙන ඒක මුහුදට අතාරිද්දි රේෆ් ආය ඒක අල්ලගන්නවා, පෝග්ලා ජීවිතාරක්ෂක බෝට්ටුවකින් නැවෙන් පැනගෙන නොදන්නා පාළු දූපතකට ගොඩබානවා.. ජේජේ මේ දූපතට නම දානවා “පෝග්ලැන්ඩියාව” කියලා..
මෙහෙම ඉවර වෙච්ච සීසන් 2 න් 3 පටන් ගන්නේ පෝග්ලැන්ඩියාවෙන් මයි.. එතකොට මෙයාලා කාලයක් මේ දූපතේ ගතකරලා.. අහම්බෙන් මෙයාලා දකිනව ප්ලේන් එකක් ඒ ළඟින් යනවා.. දැකලා සංඥාවකින් ප්ලේන් එක ගෙන්නගෙන ඒකට ගොඩවෙනවා.. සාරා ට මුළ ඉඳන් තිබ්බා සැකයක් මේ පයිලට් තාත්තගේ මිනිහෙක් කියලා.. ටික වෙලාවකින් මේක ඇත්ත වෙනවා.. කොහොමහරි මෙයාලා ගොඩබාපු ගමන් දකිනව සන්නද්ධ භටයෝ වගයක් පස්සෙන් පන්නනවා කියලා.. අනිත් පෝග්ලා ඔක්කොම එකට පැනගද්දි කියාරාව මෙයාලට අහුවෙනවා.. ඉතින් ඇයි කියාරාව අල්ලගත්තේ සහ එතනින් පස්සේ කියාරාට මොනව වෙයිද මොන වගේ ප්රශ්න වලට මුහුණ දෙන්න වෙයිද කියලා ඉස්සරහදි බලාගන්න පුළුවන්.. මේ අතර කැමරන් පවුල ජීවත් වෙන්නේ ග්වාඩලූප් කියන දූපතේ..
අපි දෙවෙනි සීසන් එකේ අන්තිමේදි දැක්කා ජෝන් බී ගේ තාත්තා ලොකු ජෝන් රොලේජ් තාම ජීවත් වෙනවා කියලා.. ඉතින් මෙයා කාර්ලා ලිම්බ්රි එක්ක එකතු වෙලා ජෝන් බී ව හොයාගන්න උත්සාහ කරනවා.. ඒ අතරේ “කාලෝස් සිං” කියල තවත් බලවත් චරිතයක් කතාවට වගේම නිධන් දඩයමට එකතු වෙනවා.. කුරුසෙට සහ මර්චන්ට් රත්තරන් වලට අමතරව රත්තරන් වලින් පිරුණු පෞරාණික නගරයක් මේ හැමෝම හොයාගන්න උත්සාහ කරනවා හෝඩුවාවන් පාවිච්චි කරලා.. ඔහොම තමා කතාව ගලාගෙන යන්නේ.. OBX එකේ සුපුරුදු වයිබ් එක එහෙමම මේ සීසන් එකෙත් බලාගන්න පුළුවන් වගේම කතාවේ ආකර්ෂණීය බවේ අඩුවකුත් නැතිව හොඳට රසවිඳින්න පුළුවන් වේවි..
හතර වෙනි සීසන් එකෙන් හම්බෙනකන් හැමෝටම ජය වේවා!!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මලීෂ බණ්ඩාර
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

February 3, 2024
E02 sub dala natte ai bn
දාලා තියෙන්නේ.