“Outer Banks” Season 2 එකටයි මේ සබ් අරන් ඇවිල්ලා තියෙන්නේ.. සීසන් 1 එකේ මම දාපු ලිපිය ඕනනම් ආය මෙතනින් කියවන්න පුළුවන්.. සීසන් 1 වගේම කතාවේ ආරම්භය ගැන ඔයාට ඒකෙන් අදහසක් ගන්න පුළුවන්..
සීසන් 1 ඉවර වුණ හැටි ගැන පොඩි සාරාංශයක් කියන්නම්.. නොකළ වැරැද්දකට කොටුවෙන්න යන ජෝන් බී පොලිසියෙන් බේරෙන්න ලොකු උත්සාහයක් ගන්නව අපිට අන්තිම එපි ටිකෙන් බලාගන්න පුළුවන් වුණා. අන්තිම එපියෙදිත් සුපුරුදු පරිදි ජෝන් බී නීතියෙන් බේරිලා යන්න දරන උත්සාහය තමයි පෙන්නුම් කළේ.. ප්‍රාන්ත පොලිසියට අමතරව විශේෂ බළකායකුත් මේ මෙහෙයුමට සම්බන්ධ වෙනවා. ඒ විදිහට කොහොමහරි ජේජේ ගේ තාත්තගේ ‘ෆැන්ටම්’ කියන සුපිරි බෝට්ටුවෙන් ජෝන් බී Outer Banks වලින් පැනලා යන්න තීරණය කරනවා.. සාරා ත් මේ ගමනට එකතු වෙනවා. ඒත් රෑ හදිස්සියේම මේ දෙන්නා යාත්‍රා කරන ගමන් ඉද්දි කුණාටුව හින්දා පවර් එක නැතිව තිබ්බ Outer Banks වලට පවර් එක ඇවිත් අඳුරේ යාත්‍රා කරන ගමන් හිටපු දෙන්නව පොලිසිය දකිනවා. ඊටපස්සේ වහා ක්‍රියාත්මක වුණ පොලිස් සහ විශේෂ බළකා ඒකක මේ දෙන්නා පස්සෙන් පන්නනවා. බේරෙන්න හිතාගෙන ජෝන් බී කුණාටුව දිහාවටම ෆැන්ටම් ව අරගෙන යනවා. කුණාටුව සැර වැඩියි, ෆැන්ටම් විනාස වෙනවා.. ජෝන් බී සාරා එක්ක ජීවිතේ බේරගන්නවා ෆැන්ටම් ගේ ලී කෑල්ලක එල්ලිලා.. මේ වෙලාවේ මේ දෙන්නා ඒ ළඟින් යාත්‍රා කරපු බෝට්ටුවකින් උදව් ඉල්ලලා ඒකට ගොඩවෙනවා. ඒකේ කැප්ටන් ගෙන් මෙයාලා දැනගන්නවා ගමනාන්තය “නාසවු” කියලා. එතකොට මේ දෙන්නටම මතක් වෙනවා සාරා ගේ තාත්තා වුණ වෝඩ් කැමරන් රත්තරන් යැව්වෙත් නාසවු වලට නේද කියලා.
ඔහොම ඉවර වුණ ඒ සීසන් එකෙන් දෙවෙනි සීසන් එකට එනකොට, මුල්ම ටිකේ පෙන්නන්නේ ජෝන් බී වගේම සාරා මැරිලා කියලා හිතන් ඉන්න පෝප්, ජේජේ සහ කියාරා ඒ දෙන්නා වෙනුවෙන් තියන ශෝක සටහනක්. කොහොමහරි පස්සේ මෙයාලා දැනගන්නවා අර දෙන්නා තාම ජීවත් වෙනවා කියලා. ඒ වගේම ජෝන් බී ටයි සාරා ටයි බෝට්ටුවේ කැප්ටන්ගෙන් නොසිතූ කරදරයකට මූණ දෙන්නත් වෙනවා. කොහොමහරි මේ දෙන්නා හොයාගන්නවා මේ දූපතේ සාරා ගේ තාත්තට අයිති පවුලේ ගෙදරක රත්තරන් බාර් තියලා තියෙනවා කියලා.
මේ විදිහට ආයෙත් කට්ටිය නිධන් දඩයම පටන් ගන්නවා. බලන් යන්න රස දේවල් තව ඉස්සරහට.. විශේෂයෙන්ම කියන්න ඕන Outer Banks වලටම ආවේණික වුණු ඒ වයිබ් එක වෙනස් නොකර Production Quality එක මේ සීසන් එකේදි වැඩි කරලා තියෙනවා. කලින් වගේම කුතුහලයේ කිසි අඩුවකුත් නෑ.. හිතපු නොහිතපු වික්‍රමාන්විත වගේම ෂොක් වෙන්න පුළුවන් සීන් කීපයකුත් එක්ක ලස්සනට කතාව ගලාගෙන යනවා.
බලන්න එහෙනම් තුනෙන් හම්බෙමු!!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මලීෂ බණ්ඩාර
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
February 3, 2024
thankyou brother…..
thankyou bro