The title of the page
Outer Banks (2020) S01 E01 Sinhala Subtitles
Outer Banks (2020) S01 E01 Sinhala Subtitles
7.5
79
93

Outer Banks (2020) S01 E01 Sinhala Subtitles | “මග පෙන්වීම” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න සිංහල සබ් මේ වෙනකන් නොතිබ්බ ලංකාවේ සැලකිය යුතු ෆෑන් බේස් එකක් ඉන්න කටක් ඇරලා හොඳයි කියලා කියන්න පුළුවන් ටීවී සීරිස් එකකට සබ් අරගෙන ආවා. මේ තමයි “Outer Banks” Outer Banks කියන්නේ 2020 අවුරුද්දේ Netflix හරහා විකාශය ආරම්භ කරපු Teen drama, Action-adventure, Mystery සහ Thriller කියන ශානරයන්ට අයත් කතාමාලාවක්. මේක IMDb 7.5 ක අගයකුත්, කුණු තක්කාලි 79% ක අගයකුත් ලබාගෙන තියෙනවා. 2020 පටන් ගත්තට මේ ටීවි සීරිස් එක තාම ඉවර නෑ, දැනට ඒ කියන්නේ 2025 අවුරුද්දේ මුල වෙනකොට සීසන්ස් 4 ක් නිකුත් වෙලා ඉවරයි. මේ වෙනකොට පැතිරෙන Rumors වලට අනුව නම් 5 වෙනි සීසන් එකෙන් කතාව අවසානය දකිනවා කියලා විශ්වාසයක් තියෙනවා.. තාම 5 වෙනි සීසන් එක ගැන හරි දැනුම්දීමක් සිදුවෙලා නෑ..

කතාව දිවයන්නේ Outer Banks එහෙමත් නැත්තම් OBX කියන දූපත් සමූහයක් වටා.. උතුරු කැරොලිනාවේ සහ ගිනිකොනදිග වර්ජිනියාවේ වෙරළ තීරය දිගේ විහිදෙන බාධක දූපත් සමූහයක් තමයි මේ. මේ දූපත් අතර වගුරුබිම් පිහිටලා තියෙනවා.. ඉතින් මේ කතාවේ ප්‍රධාන චරිත විදිහට ඉන්නේ අවුරුදු 16-22 ක් අතර ළමයි එහෙමත් නැත්තම් තරුණ වියට පා තබමින් ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටිකක්.. අපි බලමු කවුද මේ අය කියලා.

ජෝන් බී, ජේජේ, කියාරා/කියරා, පෝප්, සාරා, ටොපර්, රේෆ්, කෙල්ස්, වීසී

ජෝන් බී, ජේජේ, කියාරා සහ පෝප් කියන ළමයි අයිති වෙන්නේ දූපතේ පෝග් (Pogue) කියන පිරිසට.. ඒ කියන්නේ දූපතේ “කට් එක” කියලා හඳුන්වන ප්‍රදේශයේ ජීවත් වෙන අය. එතකොට ටොපර්, කෙල්ස්, සාරා සහ රේෆ් කියන්නේ සුඛෝපබෝගී ජීවිත ගතකරන කුක් (Kooks) කියන පිරිසට අයත් අය.. පෝග්ලගෙන් කියාරා කියන්නේ යම්තාක් දුරට හොඳට සල්ලි බාගේ තියෙන කෙල්ලක් වගේම එයා ඉස්සර කුක් සමාජයට අයිති වුණ කෙනෙක්.. ජේජේ කියන්නේ තමන්ගේ තාත්තගේ වද හිංසා වලට ගොදුරු වුණ මත්ද්‍රව්‍ය පැත්තට බර සරල ජීවිතයක් ගතකරන කෙනෙක්. පෝප් කියන්නේ හොඳ දැනුමක් තියෙන මොළකාරයෙක්. කුක්ලා ගැන බැලුවොත්.. සාරා, රේෆ් සහ වීසී කියන්නේ වෝඩ් කැමරන් එහෙමත් නැත්තම් මිස්ටර් සී ගේ ළමයි තුන්දෙනා.. ටොපර් කියන්නේ කතාව පටන් ගන්නකොට සාරා ගේ පෙම්වතා.

ජෝන් බී රොලේජ් කියන්නේ ඉන්න තැනක් නැති, තමන්ගේ අතුරුදහන් වෙච්ච තාත්තා වෙනුවෙන් දුක් වෙන තරුණ ළමයෙක්. මෙයාගේ තාත්තා තමයි “ලොකු ජෝන් රොලේජ්” කියලා හඳුන්වන්නේ.. කතාව පටන් ගන්නකොට පෙන්නන්නේ ‘අගතා’ කියලා ලොකු සුළි කුණාටුවක් ඇතිවෙලා ඒ ඔස්සේ වෙලා තියෙන විනාශය. මේ වගේ තත්වෙක මේ පෝග්ලා වගුරු බිම හරහා බෝට්ටුවකින් යන අතරමග දකිනවා වතුර යට ගිලිලා තියෙන තව බෝට්ටුවක්.. මෙයාලා ඒකට ගිහින් එතනින් හොයාගන්නවා බෑග් එකක්.. ඒක ඇරලා බලනකොට ඇතුළේ තියෙන්නේ මාළිමාවක්. මේ මාළිමාව අයත් වෙන්නේ ලොකු ජෝන් කියන ජෝන් බී ගේ තාත්තට. පරම්පරා ගාණක් තිස්සේ උරුම වෙන මේ මාළිමාව අන්තිමට ජෝන් බී ටත් උරුම වුණා. ඒත් අතීතේ දිහා බලනකොට මේ මාළිමාව අයිති වුණ හැම කෙනෙක්ම අකාලේ මියගිහින් තියෙනවා.

කතාවේ ප්ලොට් එක තමා සරලවම මේ පෝග්ලා නිධන් දඩයමක යෙදෙනවා.. රත්තරන් ඩොලර් මිලියන 400 ක වටිනාකමකින් යුතු නිධානයක්.. රෝයල් මර්චන්ට් කියන පෞරාණික නෞකාවේ තමයි මුලින් මේ නිධානේ තිබිලා තියෙන්නේ. ඉතින් එයාලා මේක හොයාගන්න ලොකු මහන්සියක් ගන්නවා.. නිධානේ ඇත්තටම තියෙන්නේ මහමුහුදෙද නැත්තම් වෙන තැනකද කියලා මෙයාලට හොයාගන්න වෙනවා. මේ වෙනුවෙන් මෙයාලා නොසෑහෙන්න ප්‍රශ්න වලට මුහුණ දෙනවා.. ඉතින් කතාව ගලාගෙන යන විදිහට ඔයාට ඒ ඔක්කොම තේරුම් යයි. මීට වැඩිය කියන්න ගිහින් බොරුවට ස්පොයිල් කරගන්න ඕන නෑනේ.

කාස්ට් එක ගැන බලනකොට, ජෝන් බී චරිතයට රංගනයෙන් දායක වෙන්නේ Chase Stokes, පෝප් චරිතයට Jonathan Daviss, සාරා චරිතයට Madelyn Cline, ජේජේ චරිතයට Rudy Pankow, කියාරා චරිතයට Madison Bailey, ටොපර් චරිතයට Austin North සහ වෝඩ් කැමරන් චරිතයට Charles Esten වගේම තවත් දක්ෂ නළු නිළියන් පිරිසක් මේ වෙනුවෙන් රංගනය ඉදිරිපත් කරනවා.

මේ ටීවි සීරිස් එක රූපගත කරලා තියෙන්නේ දකුණු කැරොලිනා, උතුරු කැරොලිනා සහ බාබඩෝස් වල.. වෙනස්ම වයිබ් එකක් වගේම ලස්සන දර්ශන සහ මියුසික් එක්ක වෙනම ලෝකෙකට අරගෙන යන්න පුළුවන් නිර්මාණයක් මේක.. ඔයාට හොඳ අත්දැකීමක් වෙයි මේක කියලා විශ්වාස කරනවා.. ඒ වගේම පුළුවන් ඉක්මනට ඊළඟ සීසන් ටිකෙත් සබ් දෙන ගමන් 5 වෙනි සීසන් එකට උණු උණුවේ සබ් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා..

ජය වේවා හැමෝටම!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මලීෂ බණ්ඩාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මලීෂ බණ්ඩාර

February 3, 2024


40
Total Subtitles

11 comments

  1. Outer banks eke anith tikath ikmanata one🥺

  2. jayawewa. series eka continue krnna

  3. මරු සහෝ.. දිගටම දෙන්න.
    සබ් එකට බොහෝම ස්තූතියි!!

  4. mewage parana series ekata sub danna supiri ❤️

  5. තෑන්ක්ස් සහෝ

  6. Special Ops: Lioness S02 sub danna kiyannako saho <3

  7. සුපිරියකට අත ගහල තියෙන්නේ,ඔක්කොම දෙන්න

  8. Oshada Eranga
    Cineru Family Member

    නියමයි කොල්ලෝ.. ජය ❤️

  9. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ මේ සීරිස්එකට සබ් දුන්නට…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login