Osiris (2025) Sinhala Subtitles
Osiris (2025) Sinhala Subtitles
4.7
47
74

Osiris (2025) Sinhala Subtitles | “ පිටසක්වල ආක්‍රමණය ” | සිංහල උපසිරැසි සමඟ

(Osiris (2025) Sinhala Subtitles) (Osiris (2025) Sinhala Subtitle) (Osiris (2025) Sinhala Sub)

කාලෙකින් හොඳ පිටසක්වල ආක්‍රමණයක් ගැන ෆිල්ම් එකක් ආවේ නෑනේ? ඒ නිසා හොඳ පිටසක්වල ආක්‍රමණයක් ගැන ෆිල්ම් එකක් සෙට් වෙන්නෙත් නැතුව ඇති කට්ටියට. නිකම්ම පිටසක්වල ජීවීන් එක්ක හැප්පෙන පිරිසක් ගැන ෆිල්ම් එකක් නෙමෙයි මේක, යුධ ප්‍රවීණයෝ පිරිසක් පිටසක්වල ජීවී ආක්‍රමණයක් එක්ක හැප්පෙන ෆිල්ම් එකක් මේක. ඒ නිසා යහමින් මේකේ යුධ උපක්‍රම වගේම Extraction (2020) ෆිල්ම් එක වගේ සටන් ජවනිකාත් තියෙනවා.

මේ ෆිල්ම් එකේ නම තමයි ඔසීරිස්. ඊජිප්තු මරණයේ දෙවියන්. මේකට එහෙම නම දාලා තියෙන්නේ ලොකු හේතුවකට. ඔයාලට ෆිල්ම් එක බලද්දි ඒක තේරෙයි. මිනිස්සුන්ගේ නොහික්මුනු ක්‍රියා නිසා ලෝකයට අත්වෙන ඉරණම ගැන. කතාවේ අන්තර්ගතය ගැන දැන් ඕනෑවටත් වඩා කිව්වනේ දැන් අපි බලමු ෆිල්ම් එකේ පිටත විස්තර ගැන.

මේක නිකුත් වෙන්නේ ගිය ජූලි 25 වෙනිදා Vertical ආයතනය හරහා. මේක අධ්‍යක්ෂණය සහ කතාව ලියන්නේ William Kaufman විසින්. මෙහි රඟපානවා Max Martini, Brianna Hildebrand, LaMonica Garrett, Linds Edwards, Jaren Mitchell, David Meadows, Michael Irby, Linda Hamilton වැනි අය.

ෆිල්ම් එක බලනවාද නැද්ද කියලා තීරණේ කරන්න ඔය කිව්ව තොරතුරු ටික ප්‍රමානවත්නේ? සුපිරිම ක්‍රියාදාම ජවනිකා එක්ක ගෙතුනු පිටසක්වල ජීවීන් එක්ක යුද්ධ කරන ෆිල්ම් එකක් බලන්න ඕන්නම් මෙන්න බඩු, දෙපාරක් නොහිතා අරන් බලන්න. එහෙනම් අපි ගියා, ආයේ හමුවෙමු!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
යෂ් කනංගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
යෂ් කනංගම

September 20, 2024


10
Total Subtitles

2 comments

  1. Son of sardar 2
    Dadhak 2

  2. Buddhika laKMal
    Cineru_users

    තෑන්ක්ස් මචං මේකට සබ් දුන්නට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login