“Onoda: 10,000 Nights in the Jungle” යනු 2021 වසරේ එළිදැක්වූ යුධ චිත්‍රපටියක්. Arthur Harari විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙය, ජපන් සෙබළෙකු වූ Hiroo Onoda ගේ සත්‍ය ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වී ඇත. මෙම චිත්‍රපටය ජපන්, ප්‍රංශ, ජර්මන්, බෙල්ජියම්, ඉතාලි සහ කම්බෝජ රටවල සහයෝගයෙන් නිපදවා ඇති අතර, 2021 Cannes Film Festival හි Un Certain Regard කාණ්ඩයේදී ප්‍රදර්ශනය විය. IMDb හි 7.2/10 සහා Rotten Tomatoes හි 97% ලකුණු ලබා ඇති මෙය ඉතා ඉහළ ඇගයීමකට ලක්ව ඇත.
දෙවන ලෝක යුද්ධය අවසන් වූ 1945 වසරෙන් පසුවත්, ඔහු යුද්ධය තවමත් අවසන් නොවූ බව විශ්වාස කරමින්, පිලිපීනයේ Lubang දිවයිනේ කැලැවක වසර 30කට ආසන්න කාලයක් රැඳී සිටියේය. ඔහු තම යුතුකම් ඉටු කරමින්, රහසිගත බුද්ධි තොරතුරු රැස්කිරීමේ හා ගරිල්ලා යුධ උපක්‍රම භාවිතා කරමින්, 1974 දක්වා වනාන්තරවල ජීවත් විය. මෙම කතාව ඔහුගේ කැපවීම, ඒකාකාරී ජීවිතය, මිනිස් ආත්මයේ ඔරොත්තු දීමේ හැකියාව ගැඹුරින් කතා කරයි .
මෙය මගේ 02 වන උපසිරැසිය වන අතර තවත් උපසිරියකින් නැවතත් Cineru.lk වෙතිත් හමුවෙමු.
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශිරංග රොෂාන් ජයසිංහ
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

June 1, 2025
ස්තූතියි සහෝ මේකට සිංහල සබ් දුන්නට
උපසිරැසිය සුපිරි.ස්තූතියි සහෝ