Omniscient Reader The Prophecy (2025) Sinhala Subtitles
Omniscient Reader The Prophecy (2025) Sinhala Subtitles
5.4
36

Omniscient Reader: The Prophecy (2025) Sinhala Subtitles | “ නවකතාවක සිරවුණු ලෝකයක්! ” | සිංහල උපසිරැසි සමඟ

(Omniscient Reader: The Prophecy (2025) Sinhala Subtitles) (Omniscient Reader: The Prophecy (2025) Sinhala Subtitle) (Omniscient Reader: The Prophecy (2025) Sinhala Sub) (Omniscient Reader: The Prophecy Sinhala Subtitles)

ආයුබෝවන් හැමෝටම,

ඔන්න ඉතින් අදත් සුපුරුදු විදිහට අලුත්ම අලුත් කොරියානු සිනමා සිත්තමකට සිංහල උපසිරැසි අරගෙනයි මම ආවේ. ලෝකය පුරාම වෙබ් නවකතාවක් විදිහට අතිශයින්ම ජනප්‍රිය වෙලා, චිත්‍රපටයක් විදිහට එනකම් රසිකයෝ නොඉවසිල්ලෙන් බලන් හිටපු Omniscient Reader’s Viewpoint චිත්‍රපටය තමයි අද ඔයාලට අරගෙන ආවේ. Action, Adventure, Fantasy කියන කාණ්ඩ නියෝජනය කරන මේ චිත්‍රපටය Kim Byung-woo ගේ අධ්‍යක්ෂණයක්.

කතාව පැත්තට යන්න කලින් මේකෙ ඉන්න නළු නිළි පිරිස ගැන කතා නොකරම බෑ. මොකද ලොව පුරා රසික ආදරය දිනාගත් දැවැන්තම තරු කිහිප දෙනෙක්ම මේකට රංගනයෙන් දායක වෙනවා.

CAST


Ahn Hyo-seop (කිම් දොක්ජා) – ඔහු Dr. Romantic, Business Proposal, A Time Called You වගේ කතාමාලාවලින් ජනප්‍රිය වුනා.

Lee Min-ho (යූ ජුන්ග්හියුක්) – ඔහු Boys Over Flowers, The Heirs, Legend of the blue sea වැනි නිර්මාණ හරහා ලෝක ප්‍රසිද්ධ වුණ සුපිරි තරුවක්.

Chae Soo-bin (යූ සංග්-ආ) – I’m Not a Robot, Where Stars Land වැනි කතාමාලාවලින් ඇය ජනප්‍රිය වුනා.

Jisoo (BLACKPINK) (ලී ජි-හ්යේ) – ලෝක ප්‍රකට BLACKPINK කණ්ඩායමේ සාමාජිකාවක් වන ඇය Snowdrop කතා මාලාවෙන් පස්සේ මේ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙනවා.

Shin Seung-ho (ලී හ්යොන්සොං) – Alchemy of Souls | D.P. | Weak Hero Class 1 සහ The Good Bad Mother වැනි කතාමාලාවලින් ජනප්‍රිය වුණා.

කතා සාරාංශය

කිම් දොක්ජා කියන්නේ සාමාන්‍ය සමාගමක සේවය කරන තරුණයෙක්. එයාගෙ එකම විනෝදාංශය තමයි අවුරුදු දහයක් තිස්සේ වෙබ් නවකතාවක් කියවන එක. හැබැයි ප්‍රශ්නේ කියන්නේ, කොටස් 3000කට වඩා දිග මේ කතාවේ ඉන්න එකම පාඨකයාත් එයා වීම. දවසක්, කතාවේ අවසාන කොටසත් කියවලා ඉවර වුණ ගමන්ම, දොක්ජාගේ ලෝකය එයා කියවපු නවකතාවේ ලෝකය බවට පත් වෙනවා. එකපාරටම එයාලා ඉස්සරහ දොක්කෙබි (භූතයෙක්) කෙනෙක් මතු වෙලා, ජීවත් වෙන්න නම් මාරාන්තික “සිනාරියෝ” සම්පූර්ණ කරන්න ඕන කියලා කියනවා.

මේ හැමදේම සිද්ධවෙද්දී, මේ ලෝකයේ ඉදිරියට වෙන්නේ මොකක්ද කියලා දන්න එකම කෙනා කිම් දොක්ජා විතරයි. එයා දන්නවා කවුද මැරෙන්නේ, කවුද ජීවත් වෙන්නේ, කොහොමද මේ සිනාරියෝ ජයගන්න ඕන කියලා. ඉතින්, නවකතාවේ ප්‍රධාන වීරයා වුණත්, නිතරම මැරි මැරී ඉපදෙන යූ ජුන්ග්හියුක්වත් බේරගෙන, තමන්ගේ සගයනුත් එක්ක මේ ලෝක විනාශයෙන් බේරෙන්න දොක්ජා කරන සටන තමයි මේ චිත්‍රපටය පුරාම දිගහැරෙන්නේ.

ඒ වගේම මේක මගේ 50 වෙනි උපසිරැසි ගැන්වීම වීමත් හරිම විශේෂ දෙයක්. ඉතින් මේ වෙලාවෙදි, මට උපසිරැසි කලාවට අත තියන්න මුල්ම අවස්ථාව ලබා දීපු උචිනි අක්කවත් සමිත අයියවත් ඒවගේම හංසන සහෝදරයවත් ගොඩක් ආදරෙන් මතක් කරන්නම ඕන. ඒ වගේම මේ වෙනකම් මාත් එක්ක රැඳී හිටපු, මාව දිරිමත් කරපු ඔයාලා හැමෝටමත් හදවතින්ම ස්තූතියි. ඉදිරියටත් මේ වගේ හොඳ නිර්මාණ අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

එහෙනම්, තවත් විස්තර කියන්න යන්නේ නෑ. මේ සුපිරිම නිර්මාණය බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු!

මම ප්‍රමුඛ විශ්වජිත්!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ප්‍රමුඛ විශ්වජිත් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ප්‍රමුඛ විශ්වජිත්

July 6, 2025


35
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login