Malare Mounama (2025) Sinhala Subtitles
Malare Mounama (2025) Sinhala Subtitles
5.2
43

Odum Kuthira Chaadum Kuthira (2025) Sinhala Subtitles | “ හීන ලෝකය – හැබෑ ලෝකය අතරමැද ” | සිංහල උපසිරැසි සමඟ

(Odum Kuthira Chaadum Kuthira (2025) Sinhala Subtitles) (Odum Kuthira Chaadum Kuthira (2025) Sinhala Subtitle) (Odum Kuthira Chaadum Kuthira (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!
අද අරගෙන ආවේ මම උපසිරැසි නිර්මාණය කරපු පළවෙනි මලයාලම් චිත්‍රපටය.

චිත්‍රපටයේ නම Odum Kuthira Chadum Kuthira. 2025 අගෝස්තු 29 වනදා තිරගත වීම අරඹන මේ චිත්‍රපටයේ නිළ Digital Streaming Partner තමයි Netflix.

අපි හුඟක් දෙනා ආදරය කරන Fahadh Faasil, Kalyani Priyadarshan සහ Revathi Pillai මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත ත්‍රිත්වය සඳහා රංගනයෙන් දායක වෙනවා.
මේ චිත්‍රපටය දැන්ට IMDb මීටරය නම් කරකවලා තියෙන්නෙ 5.2/10 වගේ අගයක්.

එහෙනම් යමු කතාව පැත්තට.
කතාව දිවෙන්නේ ඒබි මැතිව් කියලා කොල්ලෙක් වගේම නිධි සහ රේවතී කියලා කෙල්ලො දෙන්නෙක් මූලික කරගෙන. කොල්ලෙක් එක්ක කෙල්ලෝ දෙන්නෙක් කියපු ගමන් හිතන්න එපා මේක තවත් එක තුන්කොන් ආදර කතාවක් කියලා. මේක කිසිසේත්ම එහෙම කතාවක් නෙවෙයි.
එහෙනම් මේක මොකක්ද? 🤔
වැඩිය ස්පොයිල් නොකර මම කතාවේ ආරම්භය ගැන පොඩ්ඩක් කියන්නම්. 😌

කතාව පටන් ගන්නේ ඒබි සහ නිධි දෙන්නාගේ වෙඩින් එකට කළින් දා රාත්‍රියෙන්. මහ රෑ මැද්දේ නිධි එනවා ඒබිගේ ගෙදරට. ගෙදර අයත්, අහළ පහළ අයත් නිදි අතරේ මේ ජෝඩුව එළියට යනවා කතා කරන්න. නිධි මේ රෑ තිස්සේ ඒබිව හොයන් ඇවිත් තියෙන්නෙ එයා දැකපු හීනයක් ගැන කියන්න. ඒත් එක්කම වෙඩින් එකට ඒබි මල් වැටුනු ඇඳුමක් ඇඳලා සුදු පාට අශ්වයෙක්ගේ පිටේ රාජ කුමාරයෙක් වගේ ආවෙ නැත්තන් ඇය වෙඩින් එක එන්නෙ නෑ කියලත් කියනවා.
ඉතින් මහ රෑම ඒබි කොහොමහරි සුදු පාට අශ්වයෙක් හොයාගන්නවා. ඉතින් පැය දෙකයි විනාඩි තිහකට ආසන්න කාලයක් චිත්‍රපටය දුවන්න මේ අශ්වයා මොන වගේ දෙයක් කරයිද???

අන්න ඒක දැනගන්න නම් මේ චිත්‍රපටය බලන්නම වෙනවා.
පළවෙනි මලයාලම් පරිවර්තනය නිසා අඩුපාඩු තිබ්බොත් නොසලකා හරින්න කියලා ඉන්නවා.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු… ✌️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිසුර සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිසුර සංජන

May 22, 2025


62
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login