Narivetta (2025) Sinhala Subtitles
Narivetta (2025) Sinhala Subtitles
6.6
85

Narivetta (2025) Sinhala Subtitles | “යුක්තියේ විජයග්‍රහණය සත්‍යයයි..” | සිංහල උපසිරැසි සමඟ

(Narivetta (2025) Sinhala Subtitles) (Narivetta (2025) Sinhala Subtitle) (Narivetta (2025) Sinhala Sub)

වර්ගිස් පීටර් කියන්නේ හරිහමන් රස්සාවක් නැති කොල්ලෙක්. හැබැයි මෙයාට ඕනේ ලොකු රස්සාවක්.. මෙයාගේ අම්මා නම් මේ වැඩේට කැමති නෑ. විශේෂයෙන් මෙයාගේ ගෑණු ළමයා වෙච්ච නැන්සි. මේ දෙන්නම චෝදනා කරනවා හරි හමන් රස්සාවක් හොයාහන්න කියලා.. ඉතින් වර්ගිස් කොහොමහරි හැමදේම පැත්තකින් තියලා යනවා නිකම් හම්බවෙච්ච රස්සාවට. ඒ කියන්නේ පොලිස් කොස්තාපල් තනතුරකට. හැබැයි හොද ඉහල රැකියාවක් ගන්නවා කියන ආසාව එයාගේ ඔලුවේ තියෙනවා..

හැබැයි මේ හැමදේම කණපිට පෙරලෙන්නේ සීතල වයනාඩ් කදුකරයේ රක්ෂිත කැලයක් ආශ්‍රිතව ජීවත් වෙන ගෝත්‍රික ජනතාවකගේ ඉඩම් විරෝධතාවයක් හසුරවන්න පොලිස් කණ්ඩායමක් එක්ක යද්දී.. ඔන්න ඕක හින්දා එයාට සිදුවීම් කිහිපයකට මුහුණ දෙන්න වෙනවා.

ඒ මොනාද ?
වර්ගිස් ඒකෙන් දිනන්නේ කොහොමද?
සත්‍යය එලියට එනවද නැත්නම් යටපත් වෙනවද ?

ඒවා ගැන දැනගන්න ඕනේ නම් මේ ෆිල්ම් එක බලන්න වෙනවා.

සබ ඕනේ අය පහලට ගිහිල්ලම ඩවුන්ලෝඩ් කරගන්න.. වැඩි විස්තර ඕනේ අයට පොඩි හැල්ලක් මේ විදිහට ලියන්නම්.

ටොවිනෝ තෝමස් කියන්නේ මං ආසම කරන මලයාලි නළුවෙක්. ඔයාලට අමුතුවෙන් ඒ ගැන කියන්න ඕනේ නෑනේ. ඉතින් මෙයාව ආයෙත් අපිට පොලිස් චරිතයකින් දකින්න අවස්ථාවක් අපිට උදාවෙලා තියෙනවා. ස්කයි මාර්ෂල් කෙනෙක් විදිහට ඉදලා අන්තිමේදී පොලිස් කාරයෙක් වෙනවා කියන්නේ? එයාට ඔව්වා නුපුරුදු දේවල් නෙවෙයි හොදේ. අද මම උපසිරැසි ගේන්නේ මෙන්න මේ මං කියපු “පොලිස්” චිත්‍රපටය. (ස්කයි මාර්ෂල්: Identity)

ඉතින් මදි නොකියන්න හොරර් කැටගරියෙන් දීලා අන්තිමේදී මේ වගේ එකකට අත තියනවා කියන්නේ ලෙහෙසි නෑ. මොකද මෙහෙම එකක් ගහලා අත්දැකීමක් නැති නිසා. ඒත් ඔන්න ඒකත් හරි. ආ තව දෙයක් මේ මං ගහන්නේ එයාගෙම දෙවැනි ෆිල්ම් එක. ARM ඒකෙන් පස්සේ. ARM බැලුවේ නැත්නම් දැන්ම බලන්න.

එහෙනම් යමු විස්තරේ දිහාට..

අනුරාජ් මනෝහර්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙච්ච මේ චිත්‍රපටයේ නම නාරිවෙට්ටා. නාරිවෙට්ටා කියන මලයාලි වචනයේ තේරුම තමයි නරින්ගේ දඩයම කියන අදහස. මේ අදහස එන්න ඒ චිත්‍රපටයේ ටොවිනෝගේ රුවක් සමාජ මාධ්‍ය ජාලා වල මුදා හැරලා තිබුනා..

මේක නිකුත් වෙන්නේ 2025 අවුරුද්දේ මැයි මාසේ 23 වෙනිදා. (ඒත් මේ චිත්‍රපටය මුල්වරට නිකුත් කරන්න නියමිත වෙලා තියෙන්නේ මැයි 16 වෙනිදා.) රචනය අබින් ජෝසෆ්ගෙන්. සංගීත අධ්‍යක්ෂණය ගැන කතා කලාම ටොවිනෝගේම ෆිල්ම් එකක් තියෙනවා ‘කල්කි’ කියලා. ඒකේ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ ජේකස් බිජෝයි. මේකේ වගේම මෝහන්ලාල්ගේ තුදරුම් චිත්‍රපටයෙත් සංගීතය එයාමයි කරන්නේ. නිෂ්පාදනය ටිප්පුශාන් වගේම ශියාස් හාසන්.

රංගනයෙන් ටොවිනෝ තෝමස්ට අමතරව, සුරාජ් වෙන්ජාරමුඩු, දමිල නළු චේරන්, ආර්යා සලීම්, ප්‍රියම්වදා ක්‍රිෂ්ණන්, ප්‍රනාව් ටියෝපින්, ප්‍රශාන්ත් මාධවන්, රිනි උදයකුමාර් වගේම චිත්‍රපට තිර රචකයෙක් වගේම අධ්‍යක්ෂක වරයෙක් වුනු ශාහි කබීර්ත් මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙනවා.

මේ චිත්‍රපටයේ කතාවේදී මං සදහන් කලානේ වයනඩ් කදුකරයේ කතාවක් ගැන. ඒක පාදක වෙන්නේ 2003 අවුරුද්දේ සිදුවුණු මුතාංග සිද්ධිය කියන ජන විරෝධතාවයට. විශේෂයෙන් මේකේ රූගත කිරීම් වයනාඩ් වල වෙන්න හේතු පාදක වෙන්නේ මෙන්න මේ 2003 අවුරුද්දේ සිද්ධ වුණ මේ විරෝධතාවය. මේ සිද්ධියෙන් ගෝත්‍රිකයින් 5 දෙනෙක් මිය ගියා. ඉතින් ඔය සිද්ධිය පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය හැදෙන්නේ. විශේෂයෙන් ආර්යා සලීම් සහ ප්‍රශාන්ත් මාධවන් දෙන්නා 2003 අවුරුද්දේ සිදුවුණු මුතාන්ගා සිදුවීමේ ප්‍රධාන චරිත දෙකක් වෙන C.K ජානු සහ එම් ගීතානන්දන් දෙදෙනාගේ චරිතයන් පාදක කරගෙන ඔවුන්ට වෙනස්ම අනන්‍යතාවයන් ලබා දීලා තියෙනවා.

මේකට ලබාදීලා තියෙන IMDB අගය 6.6/10ක්. ඒ වගේම මේකේ තිර කාලය විනාඩි 132ක්.

OTT ගැන කතා කලොත්, මේක නිකුත් වෙන්නේ ජූලි 11 වෙනිදා SonyLiv හරහා. මේකේ ආදායම ගැන කතා නොකලොත් ඒක ලොකු පාඩුවක් වෙනවා. විශේෂයෙන් මේ චිත්‍රපටයට ලැබෙන්නේ හොද ප්‍රතිචාර. ඒ නිසාම කෝටි 31.43ක ආදායමක් ලබාගන්න සමත් වෙනවා. (මෙය ඇස්තමේන්තු අගයකි.)

තව දෙයක්.. මේකේ අවසාන ජවනිකා වල යන සිංදුවකටත් මං උපසිරසියක් හදලා ඇති.

ඔයාලගේ අදහස් හරි අඩුපාඩු හරි තියෙනවා නම් කමෙන්ට් එකකින් දන්වන්න අමතක කරන්න එපා වගේම ඔයාලට ඕනේ චිත්‍රපටි ඉල්ලීම් එහෙම තියෙනවා නම් කමෙන්ටුවකින් දැනුවත් කරන්න.

ඉස්සරහට තව ෆිල්ම් අරන් එනකල් අදට මං ගොහින් එන්නම්කෝ. තවත් සබකින් ආයේ හමුවෙනකම් ඔයාලට සුබ දවසක් !

ප.ලි: මගේ කරදරේ ඉවසගෙන ඉන්න සමිත අයියට ගොඩක් පින් ඉතින් 😁 ඒ වගේම ෆිල්ම් වලට ලස්සන ලස්සන කවර හදන උචිනි අක්කටත් ගොඩක් පින් 😁..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඕෂද එරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඕෂද එරංග

May 24, 2024


39
Total Subtitles

2 comments

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ සබට

  2. Era Boy
    Cineru Family Member

    ආදරෙයි සහෝ ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login