My Youth (2025) S01 E02 Sinhala Subtitles
My Youth (2025) S01 E02 Sinhala Subtitles
9
98

My Youth (2025) S01 E02 Sinhala Subtitles | “කලුවරට දිලිසෙන තරු..” | සිංහල උපසිරැසි සමඟ

(My Youth (2025 Sinhala Subtitles) (My Youth (2025) Sinhala Subtitle) (My Youth (2025) Sinhala Sub) (My Youth Sinhala Subtitles) ((My Youth Sinhala Subtitle) ((My Youth Sinhala Sub) (My Youth (2025) Kdrama Sinhala Subtitles) (My Youth Kdrama Sinhala Subtitles)

ආයුබෝවන් යාලුවො හැමෝටම..

JTBC නාලිකාව ඔස්සේ සැප්තැම්බර් 05 වෙනිදා ඉදන් සිකුරාදා දිනයන්හි විකාශයාරම්භය වෙන්න පටන් ගත්ත වගේම සොං ජුං-කි රංගනයෙන් දායක වෙන නවතම කතාමාලාව තමයි My Youth කියන්නෙ. කතාංග 12කින් සමන්විත මේ කතාමාලාව Romance, Life, Melodrama කියන වර්ගීකරණයන්ට අයත්. ආධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ A Piece of Your Mind, Yumi’s Cells වගේ ජනාදරයට පත් වුන කතාමාලා අධ්‍යක්ෂණය කරපු ලී සං-යොප් විසින්. එතකොට තිර පිටපත් රචනය කරලා තියෙන්නෙ Run On ලියපු පාක් සි-හ්යොන් විසින්.  ප්‍රධාන නළු නිළියන් විදිහට සොං ජුං-කි, චොන් උ-හී, ලී ජු-ම්යොං, සෝ ජි-හුන් යන රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙනවා. එතකොට සොන් වු-හේගෙ තරුණ කාලයෙ චරිතට නිරූපනය කරන්නෙ නාම් දා-ම් විසින්.

සොන් වු-හේ කියන්නෙ එයාගෙ ළමා කාලෙදි ගොඩක් ප්‍රසිද්ධ ළමා නළුවෙක්. එයා වටේ හිටිය වැඩිහිටියො නිසා එයාට ඒ තැන නැතිවෙනවා. අමාරු කාලසීමාවන් කොමහරි පහු කරගෙන ඇවිල්ලා එයා එයාගෙ යොවුන් වියේදි නවකතාකරුවෙක් වෙනවා. අවුරුදු 19 දි සොං ජේ-යොන් එක්ක විරසක වුනත් එයාලා ආයෙමත් මුණගැහෙනවා. ඒ වු-හේ කරගෙන යන මල් කඩේදි.. වු-හේ, ජේ -යොන් එකිනෙකාගෙ පළවෙනි ආදරය වුනා වගේම දැන් එයාලගෙ සම්බන්ධය නතර වෙලත් අවුරුදු 10කටත් වැඩියි. අහම්බෙන් හමු වුන එයාලා දෙන්නටම එයාලගෙ අතීතය ආයෙම මතක් වෙනවා. ජේ-යොං සමාගමක කණ්ඩායම් නායිකාවක් විදිහට වැඩකරනවා. ඉස්සර එයාලා ධනවත් පවුලක් උනත් පස්සෙ එයාලගෙ පවුල එකපාරටම බංකොළොත් වෙනවා. ජේ-යොංට ඕනෙ එයාගෙ සාර්ථකත්වය ළඟාකරගන්න. එතකොට වු-හේව මුණගැහෙන්න ගිය එකත් එයාගෙ ඉලක්කයක් වෙන්න පුලුවන්.

වු-හේ.. ජේ-යොං අතර තිබ්බ සම්බන්ධය ආයෙමත් පටන් ගනියිද?
ඇයි ඒ දෙන්නා වෙන් වුනේ?
ජේ-යොං හොයන සාර්ථකත්වය මොකක්ද?
වු-හේ ආයෙත් රඟපායිද?

සොං ජුං-කි ගෙ හිතට අල්ලපු Romance ඩ්‍රාමා එකක් ආවෙ 2016 Descendants of the Sun කතාමාලාවෙන් පස්සෙ කිව්වොත් මම හරි. The Innocent Man ඩ්‍රාමා එකේ පෙනුමට සනාමකම් කියන My Youth ඩ්‍රාමා එකෙන් අපි ඉස්සර කතාවල දැකපු අදටත් දකින්න ආස Vibe එක තියෙනවදෝ කියලත් හිතුනා.  දැනටනම් මේක බලන්න ආස හිතෙන ඔලුවට සැනසීමක් දැනෙන කතාවක්. ඉස්සරහට කොහොම වෙයිද කියලා බලාගෙන යමු.

“My Youth” එහෙම නැත්නම් “මගේ තරුණ කාලය” රසවිදින්න ඔයාලට භාරයි.

ස්තූතියි
මම උචිනි පෙරේරා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


779
Total Subtitles

2 comments

  1. ගොඩක් ස්තූතියි උපසිරැසියට

  2. ස්තූතියි සිස් උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login