The title of the page
Mr. Bachchan (2024) Sinhala Subtitles
Mr. Bachchan (2024) Sinhala Subtitles
3.7
45

Mr. Bachchan (2024) Sinhala Subtitles | “කළු සල්ලි අල්ලපු ආදායම් බදු නිලධාරියා” | සිංහල උපසිරැසි සමඟ

(Mr. Bachchan (2024) Sinhala Subtitles) (Mr. Bachchan (2024) Sinhala Sub) (Mr. Bachchan Sinhala Subtitles) (Mr. Bachchan Sinhala Sub)

ආයුබෝවන් ඉතින්..  😁 ඉතින් මං සිනෙරු එකට ගේන පස්වෙනි තෙලිගු උපසිරැසිය.

ගොඩක්ම කනගාටුවෙන් කියන්න ඕනේ මේක දඩාර විදිහට ෆ්ලොප් වෙච්ච ෆිල්ම් එකක් ඉතින්. (ඒක එහෙමවත් නෙවෙයි.) ඒත් ඉතින් ඉල්ලීම් ගොඩක් එද්දී උපසිරැසි කරුවෙක් විදිහට නිකම් ඉන්නත් බෑ වගේනේ ඉතින්. ඒ හින්දම ෆ්ලොප්ද නැද්ද කියන එක අදාළ නෑ මට නම්.. ඔන්න ඉල්ලුමට සැපයුම හොදේ.. ඔයාලට මතක ඇති 2018දි රාජ් කුමාර් ගුප්තාගේ අධ්‍යක්ෂණයෙන් හැඩගැන්වුණු Raid කියන හින්දි චිත්‍රපටය. (දෙමල එකක් තියෙනවා ඔය නමින්. පටලවගන්න එපා)

මේ ඒකෙම රිමේක් ෆිල්ම් එක. විශේෂයෙන් කියන්න ඕනේ. 2018 දී මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයෙන් දායක වෙන කෙනා තමයි අජේ දේව්ගන්. කවුරුත් එයා ගැන දන්නවනේ ඉතින් 🥺😁 (ආ.. ආසම හින්දි නළුවෙක් ඕන්න 😊💥) මේ චිත්‍රපටය පාදක වෙන්නේ ඉන්දියානු ආදයාම් බදු දෙපාර්තමේන්තුවේ වැඩ කරපු සර්දාර් ඉන්දර් සිංග් නමැති සික් ජාතික නිලධාරියාගේ ජීවිත කතාව.

දැන් ඉතින් වැල් වටාරම් ඇතිනේ.. එහෙනම් යමු අපේ කතාවට..

2024 අගෝස්තු 15 වෙනිදා නිකුත් කරපු මේ ෆිල්ම් එකේ නම Mr. Bachchan. රංගනයෙන් දායක වෙන්නේ රවී තේජා , භාග්‍යා ශ්‍රී බෝස්, ජගපති බාබු (ජග්ගු බායි), ප්‍රභාස් සීනු වගේ රංගන ශිල්පිනුත්, ස්ටාර් බෝයි සිද්ධු ජෝන්නලගඩ්ඩා විශේෂ පෙනී සිටිමකුත් ඉදිරිපත් කරනවා ආ විශේෂයෙන් අපේ භාරනි මාමාත් ඉන්නෝ හොදේ.. Bhaje Vayu Vegam බැලුවානම් ඉතින් දන්නවා නේ 😁

තව දෙයක්.. ඉතින් මේ මං රවී තේජා ගේ පිට පිටම උපසිරැසි ගේන දෙවෙනි තෙලිගු චිත්‍රපටය… ආඩම්බරයි ඈ 😁😁

මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය හරිෂ් ශංකර්ගෙන්. සංගීතය මිකී ජේ මේයර්ගෙන්. නිෂ්පාදනය T. G. Vishwa Prasad, Vivek Kuchibotla (People Media Factory), Bhushan Kumar, Krishan Kumar, Abhishek Pathak, Kumar Mangat Pathak (T-Series Films) හා Panorama Studios.

රේටිං ගැන කතා කලොත් IMDB අගය 3.7/10කුත් ගුගල් පරිශීලක අගය 45% කුත් තියෙනවා.

OTT නිකුත් කරන්නේ අපි කවුරුත් දන්න Netflix වලින්, 2024 සැප්තැම්බර් 12 වෙනිදා .

කතාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ ඉතින්. හැමෝම දන්න හින්දා නොකියා ඉන්නම්කෝ.

පසු සටහන: මේකත් ගොඩක් දෙනෙක් කරන්න එපා කිව්ව උපසිරැසියක් වුනත් ඇත්තටම මේක කරන්න ඕනෙකමක් තිබ්බා . මොකද කලින් රවී තේජාගේ ටයිගර් නාගේශ්වර් රාඕ ෆිල්ම් එකත් කලේ මං හින්දා.. ඒ හේතුව හින්දම තමයි කරන්න හිතුනේ. අනිත් එක ප්‍රේක්ෂක ඉල්ලීම් සහ සමාජ මාධ්‍ය ජාලාවලින් මට එන ඉල්ලීම්. ඒ නිසාමයි මේක දෙන්නේ..

 

තවත් මේ වගේම කතාංග මාලාවකින් හෝ චිත්‍රපටයක උපසිරැසි සමගින් හමුවෙන කම් ඔයාලට සුබ දවසක් !
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඕෂද එරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඕෂද එරංග

May 24, 2024


20
Total Subtitles

3 comments

  1. Saripodhaa Sanivaaram එකටත් සබ් එකක් දෙන්න සහෝ
    ජය වේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login