Mirage (2025) Sinhala Subtitles
Mirage (2025) Sinhala Subtitles
6.2

Mirage (2025) Sinhala Subtitles | “ මිරිඟුව ” | සිංහල උපසිරැසි සමඟ

(Mirage (2025) Sinhala Subtitles) (Mirage (2025) Sinhala Subtitle) (Mirage (2025) Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම ❤️

ඔන්න තවත් අලුතෙන්ම ආපු මලයාලම් ෆිලුමකට උපසිරැසියක් ගෙනාව…

Crime & Thriller කියන කැටගරියට අයත් වෙන මේ ෆිලුම නිකුත් උනේ 2025 සැප්තැම්බර් 19 වෙනිදා.. අධ්‍යක්ෂණය කරන්නේ කවුරුත් දන්න Drishyam අධ්‍යක්ෂණය කල මලයාලම් අධ්‍යක්ෂක Jeethu Joseph.. පොරගේ ඩිරෙකිටින් ගැන මං අමුතුවෙන් කියන්න ඕන නෑ නේ 🔥😍

හැබැයි ඉතින් මේකෙ මලයාලම් භාෂාවටත් වඩා තිබුනේ දෙමළ භාෂාව.. මේකෙ අපි බලාපොරොත්තු වෙන මලයාලම් ගැමි පරිසරය, වැස්ස, පරණ වාහන වගේ දේවල් නැති එක නම් අපරාදයක් 🥲.. ටිකක් tamil ගතියට බර කරලා නාගරිකවම තමයි කතාව හදල තිබ්බේ… සම්පුර්ණ යෙන්ම තාක්ෂනය එක්ක තමයි කතාවම ගියෙ, ඒවගේම ටිකක් සංකීර්ණ මාතෘකා, මුදල් විශුද්ධිකරණය, දත්ත විකේතනය, වගේ දේවල් වලට සම්බන්දව තමයි වැඩේ ගියෙ 😬

මුල පොඩ්ඩක් බෝරින්ග් වගේ දැනුනත් අන්තිම ටිකේ නම් අර මලයාලම් ත්‍රිල් එක එහෙම්මම තිබුණා 😍 නොහිතන අවසානයක් සුපුරුදු මලයාලම් රසට විදියට තිබුණා.. ඒවගේම සුපිරි මලයාලම් නළු Asif Ali ගේ සහ Aparna ගේ ඇක්ටින් ගින්දර 🔥❤️

රංගනය

Asif Ali – අශ්වින් ලෙසින්
Aparna Balamurali – අභිරාම් ලෙසින්
Hakim Shahjahan – කිරන් ලෙසින්
Hannah Reji Koshy – රිතිකා ලෙසින්
Saravanan – රාජකුමාර් ලෙසින්
Sampath Raj – SP ආරුමුගම් ලෙසින්

කතාව පැත්තට ගියොත්,

අභිරාමි සහ කිරන් කියන්නෙ පෙම්වතුන්, හදිස්සියේම කිරන් අතුරුදහන් වෙනවා.. ටික දවසකින් ආරංචි වෙනවා කිරන් දුම්රිය අනතුරකින් නැති වෙලා කියලා.. ගොඩක් පිළිස්සුනු මළ සිරුරක් තමයි අභිරාම් දකින්නේ.. ඉතින් මේත් එක්කම තමයි අභිරාමිගේ ජිවිතයට ප්‍රශ්න එන්න පටන් ගන්නෙ.. හදිස්සියේම එන පොලිස් නිලධාරියෙක් සහ මැරයෙක් ඇයගෙන් එක්තරා හාර්ඩ් ඩිස්ක් එකක් ගැන අහනවා.. ඇය මේ කිසිම දෙයක් ගැන දැනුවත් නැහැ? ඉතින් ඒකෙ තියෙන්නේ කිරන් වැඩ කරපු ආයතනය හරහා කළු සල්ලි සුදු කෙරුව බලවතුන්ගේ තොරතුරු.. මේ තොරතුරු ලීක් උනොත් ගොඩක් අයට ප්‍රශ්න ඇති වෙනවා.. ඉතින් ඒ නිසා ඉහලින් එන බලපෑමත් එක්ක අභිරාමිට මේක හොයන්න ගන්න වෙනවා.. ඒකට උදව් කරන්නේ මාධ්‍යවේදියෙක්.. මෙයාල එහෙම ඒක හොයාගෙන යද්දී,

කිරන් මැරිලා නැත්තම්.?
මේ හැමදෙයක්ම කාගෙහරි සැලැස්මක කොටසක් නම්.?
අභිරාමිගේත් සැගවුණු රහසක් තියෙනවා නම්.?
මේ මාධ්‍යවේදියා අභිරාමිට නිකන් උදව් කරයිද.?

ත්‍රිලර් මලයාලම් බලන අයට සුපිරියක් වෙයි 🔥 අනිවා බලන්න ❤️

ගිහින් එන්නම් හැමෝටම ජය ❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


149
Total Subtitles

6 comments

  1. Super filme page

  2. A mata siri adeh mokda a genaqe pissu mora wenwa ne. Pattama mystery movie ek awasane mn hithuwema na mehema deyak wei kiyala nam. Thanks bro me vage euwa genwata.

  3. thnks bro sub ekata

  4. Era Boy
    Cineru Family Member

    මරු මචෝ 😍❤️

  5. ස්තූතියි ශානෝ සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login